ශ්‍රියානි විජේසිංහ –
වැටුප් විෂමතාව ඉවත් කරන්නැයි ඉල්ලමින් කොළඹට අද (26) පැමිණි ගුරු විදුහල්පතිවරුන්ට පොලිසිය එල්ල කළ අමානුෂික මැර ප්‍රහාරය හෙලා දකිමින් එයට විරෝධය පල කර හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිතර වන බව ගුරු විදුහල්පතිවරුන්ගෙ සන්ධානය අවධාරණය කරයි.
මේ හේතුවෙන් හෙට දිනයේදීත් සියලුම විදුහල්වල ඉගැනිමේ කටයුතු නොකෙරෙන අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයිමේ කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වන බව එම සන්ධානය පවසා සිටියි.
ගුරුවිදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කර ගැනීම සදහා අද කොළඹට පැමිණි ගුරු විදුහල්පතිවරුන්ට සාකච්ඡාවක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යංශය මගින් යොමු කර ඇත්තේ පරිපාලන නිලධාරීයෙකු බවත් එවැනි නිලධාරියෙක් සමඟ ගුරුවරුන්ට කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් පවසා සිටින සන්ධනාය තම ඉල්ලීම් දිනාගෙන මිස ආරම්භ කළ සටන නැවත ආපස්සට හැරවීමක් සිදු නොකරන බවටද රජයට අවධාරණය කර සිටියි.
ගුරුවිදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ජලප්රහාරයන් හේතුවෙන් ඇස්වල හානි සිදුවූ ගුරුවරුන් දෙදෙනෙක් කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද සන්ධානය පවසා සිටියි.
වැටුප් විෂමතා මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් අද පවත්වන ලද විරෝධතා පාගමනට මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පා ගමන ආරම්භ කර කොළඹ ලෝටස් පාර දෙසට ගමන් කළ අතර එහිදී පොලිසිය විරෝධතාව ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරියේය.
පාසල් 10,000කට අධික ප්‍රමාණයක් වසා දැමීමට බලකරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර, එම වෘත්තීය සමිති සාමාජිකයින් විරෝධතා පා ගමනකද නිරත විය.
එම නිර්දය ප්‍රහාරය ඩේලි මිරර් වාර්තා කර තිබුනේ මෙසේය.