හෙට පැවැත්වෙන විශාල දේශපාලන රැස්වීමකින් අනතුරුව සිය දේශපාලන බලය පෙන්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවන බවත්, අද එවැනි ඉවත්වීමක් සම්බන්ධ දැනුම් දීමක් හෝ සිදුකර නැති බවත් අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් මේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉවත් විය හැකි ආකාරයට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ අත්‍යාවශ්‍ය රාජාකාරි ලිපි ලේඛණ ඇතුළු වැදගත් භාණ්ඩ ඉවත් කිරීම ඊයේ සිට අරඹා ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කළේය.
කෙසේ වෙතත් හෙට උදේ 9 පමණ වනවිටට ලංකාවේ සතරදිග්භාගයෙන් බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් පිරිස් අරලියගහ මන්දිරයට ගෙන්වීට කටයුතු සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත.
මෙම බස්රථ නැවැත්වීම සඳහා බේරේවැව අසල වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සකස් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා ධුරයේ තව දුරටත් රැඳී සිටිය යුතු බව කියන්නට මෙසේ එන්නේ රටේ සියලුම ප්‍රදේශවල පොහොට්ටුවෙන් නගරසභා, ප්‍රාදේශීය සභා පලාත් පාලන ආයතනවලට තේරී පත්වුණ, තේරී පත් වී සිටිය, ඡන්දය ඉල්ලා පරාජය වුණු සියලු දෙනා හෙට අරලියගහ මන්දිරයට කැඳවන පිරිස අතර වෙති.
මේ පිරිසට ආහාර පාන ප්‍රවාහන පහසුකම් සියල්ල සැලසීමට මෙම රැස්වීම සංවිධානය කළ පිරිස් සැලසුම් කර ඇත.
මේ තත්ත්වය තුළ අගමැති ඉල්ලා අස්වීම ප්‍රකාශවනවා නම් ඒ හෙට උදේ වරුවේ දී බව ද අරලියගහ මන්දිර ආරංචි මාර්ග කියයි.