අධික වර්ෂාවත් සමඟ පිඟා ඔය පිටාර ගැලීම නිසා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීමෙන් තමන්ට රුපියල් කෝටි 300 ඉක්මවූ අලාභයක් සිදුව තිබෙන බව ව්‍යාපාරික ප්‍රජාව අකුරණ ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම් දී තිබේ.
ජල ගැල්මට අසුව අඹැතැන්න සිට අකුරණ 07 කණුව දක්වා නිවාස හා ව්‍යාපාරික ස්ථාන 340 කට අලාභහානි සිදුව තිබෙන බව අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ පවසයි.
ජල ගැල්මෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන හා නිවාස ගණනය කර ඒවාට සිදුව තිබෙන මූල්‍ය අලාභය ඇස්තමේන්තු කිරීම සඳහා රජය මගින් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.
පිඟාඔය ඔස්සේ පැමිණෙන ජල පහර පිටාර ගැලීමට ප්‍රධාන හේතුවක් ලෙස පොල්ගොල්ල ජලාශයේ හා පිඟාඔයේ රොන් මඩ පිරී තිබීම හඳුනාගෙන තිබෙන බවත් හැකි ඉක්මනින් මෙම රොන් මඩ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් ඇය කීවාය









