ශ්‍රියානි විජේසිංහ –
නියමිත අනුමැතියකින් තොරව ඉන්දීය සමාගමගින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කළ සෞඛ්‍ය ඇමතිවාරයා, සෞඛ්‍ය ලේකම්වරයා ප්රමුඛ නිලධාරින්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩ අනුමැතිය පවා නොතකා ජනාධිපතිවරයාව නොමගයවා සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දීයානු ඖෂධ සමාගමක් සමග සිදුකරන ගණුදෙණුව වහාම හෙළිකළ යුතුව ඇතැයි සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියයි.
මෙම ඉන්දීය සමාගමේ නිෂ්පාදනය කරන ඖෂධ එරට තුළ භාවිත කරන්නේද යන්න පිලිබදව මුලින්ම සොයා බැලිය යූතු යැයිද සදහන් කරන සභාපතිවරයා ඖෂධ පිලිබඳව සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිවරයා ඖෂධ පිලිබද විශේෂඥවරයෙකු රැගෙන නොගියේ ඇයිද යන්න පිලිබඳව සන්ධානය ප්‍රශ්න කර සිටියි.







