ශ්‍රියානි විජේසිංහ –
බෝනොවන රෝග හේතුවෙන් ඇති වන සෑම මරණ 10කින්ම හතර දෙනෙක් හෝ පස් දෙනෙක් වයස අවුරුදු 50-60 අඩු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
එම හේතුවෙන් ජයිකා ආයතනය සමග සම්බන්ධ වී හෘද ප්‍රතිකාර සදහා හෘද කැතීතකරණ ඒකක පහක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිතකිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසුවේය.
ලේකම්වරයා මේබව ප්‍රකාශ කර සිටියේ පසුගියදින රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාව ඇගයීම සදහා සංවිධානය කර තිබූ සුව විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කර ඉන් රෝගියාට සියලු විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිතව ප්‍රතිකාර සේවාවන් එකම ආයතනයක් තුළදී ලබා දීමටත් කටයුතු කරන බව පැවසුවේය.
වර්ථමානය වන විට පස් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 වැඩි අය බවත්, 2030 වන විට හතර දෙනෙකුගෙන් එක් අයෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත් ලේකම්වරයා පවසා සිටියේය.
මෙරට වසරකට 60000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද පෙන්වා දුන්නේය.
එසේම අනතුරු වලින් 6000 ක් මරණයට පත් වන බවත්, ලක්ෂයකට වැඩි පිරිසක් ආබාධයන්ට ලක් වන බවත්, ඒ සදහා අවශ්‍ය පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා අවධාරණය කළේය.
අප කොපමණ ප්‍රතිසංස්කරණ සෞඛ්‍ය සේවාව තුළ සිදුකළත් රෝගියාට දක්වන කරුණාව, සෙනෙහස,මෙන්ම ගුණාත්මක ප්‍රතිකාරයක් ලබා නොදුනහොත් ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි තිබෙන විශ්වාසය අඩු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.