සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

තිස්ස අත්තනායක කියයි

by Lanka Sara Editor
අගෝස්තු 1, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය සමඟ රට මුහුණ පෑ ආර්ථික අර්බුදය හා ඉන් ගොඩඒමට ගත යුතු පියවර පිළිබඳව මෙන්ම රටේ අනාගත දේශපාලනය කෙබඳු විය යුතුද? යන්න පිළිබඳව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සමඟ ‘ලංකාසර’ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – කොරෝනා වෛරසය නිසා මෙවර මැතිවරණ ප්‍රචාරණ වැඩපිලිවෙල වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රචණ්ඩක්‍රියා, පෙළපාලි, විශාල රැළි, කටවුට්, බැනර්, පෝස්ටර් බහුලව දක්නට නැහැ. මේ සම්බන්ධව ඔබේ අදහස දැනගන්න කැමතියි.

පිළිතුර – මේ රටේ ඉතිහාසය පුරාවට පැවැත්වුණේ ගහ මරාගන්නා දේශපාලනයක්. කොරෝනා නිසාවෙන් ඒ තත්ත්වය වෙනස් වීම ගැන අපි හැමෝම සතුටු විය යුතුයි.

විශාල ප්‍රචාරක රැලි සංවිධානය කරමින් පෙළපාලි පවත්වමින් රටපුරා කොඩි, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණ පවත්වන ප්‍රධාන රටවල්  ලෙස ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් හැඳින්විය හැකිය. නමුත් ආසියාවේ ඇතැම් රටවල් හා යුරෝපයේ මේ ආකාරයට සමගාමීව මැතිවරණ පවත්වනවා. එම රටවල ගෙයින් ගෙට  ගොස් ජනතාව දැනුවත් කිරීම, විද්‍යුත් මාධ්‍ය භාවිතය, සමාජ මාධ්‍ය භාවිතය හා වෙනත් මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ව්‍යාපාර සාමකාමීව දියත් කරනවා. අද ලංකාවේ ද එවැනි තත්ත්වයකට පත්ව තිබෙනවා සේම එම තත්ත්වය ඉදිරි මැතිවරණවලට ද ක්‍රියාත්මක වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – මේ මැතිවරණ ක්‍රමය සම්බන්ධව ජනතාවගේ ප්‍රතිචාර මොන වගේද?

පිළිතුර – ජනතාව මේ ක්‍රමවේදයට කැමතියි. අද පාවෙන ඡන්ද දායකයින්, අලුත් ඡන්ද දායකයින් ගැටුම්වලට කැමති නැහැ. සාමාන්‍ය මහජනතාවට බාධාවන කටයුතුවලට කැමති නැහැ. මේ තත්ත්වය මත රටේ බහුතරයක් දෙනා අද ක්‍රියාත්මක මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදය අනුමත කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය – මේ මැතිවරණයෙන් සමගිය ජන බලවේගයට මන්ත්‍රී ආසන කොපමණ සංඛ්‍යාවක් අපේක්ෂා කරනවාද?

පිළිතුර – සමගි ජනබලවේගයේ අරමුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමයි. එය අපට සිදු කළ හැකියි.

ප්‍රශ්නය- ආණ්ඩුව පිහිටුවන්නේ වෙනත් පක්ෂ හවුල් කරගෙන ද?

පිළිතුර – දැනටමත් අපි පක්ෂ කිහිපයක  සහයෝගයෙන් තමයි ඡන්දයට ඉදිරිපත්ව සිටින්නේ. අපිට බහුතරය ලැබෙනවා නම් වෙනත් පක්ෂ අවුල් කර ගැනීමෙන් පලක් නැහැ.

ප්‍රශ්නය – සමගි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ ඡන්දයෙන් පසු ආණ්ඩුවට එක් වීමේ උත්සාහයක් පවතිනවා. එහෙම වුනොත් ඔබ ඔය කියන ආණ්ඩුව කොහොමද පිහිටුවන්නේ?

පිළිතුර – සමගි ජන බලවේගය කිසිදු කෙනෙක් වෙනත් පක්ෂවලට මුක්කු ගහන යන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා ද එක පවුරක් සේ අප සමග එක්ව සිටින්නේ සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බව කිව යුතුයි.

ප්‍රශ්නය – ඔබ කියන ඔය ජයග්‍රහණය කරා යන ගමනේදී ගමනේ දී එජාපය ගැන මොනවද හිතෙන්නේ?

පිළිතුර – එජාපයේ දේවල් ගැන කතා කිරීමේ ඵලක් නැහැ. එජාපය විනාශ වී අවසන්. රනිල් වික්‍රමසිංහ මහතා සදාකල් නායකයා වී සිටීමට උත්සාහ ගත්ත නිසා මේ වන විට පක්ෂයේ විශාල පිරිසක් පක්ෂය හැරගොස් සිටිනවා.

ප්‍රශ්නය – අද ඡන්දදායකයා දේශපාලන ප්‍රවාහය කෙරෙහි කිසියම් අවිනිශ්චිතතාවක පත්ව  කලකිරුණු ස්වභාවයකින් සිටිනවා. ඔබේ අත්දැකීම් වලට අනුව මේ මැතිවරණයේදී ඡන්දය භාවිතය මොනවගේ වෙයිද?

පිළිතුර – මෙවර ඡන්ද ප්‍රතිශතය යම් අඩුවීමක් තිබේවි.  ජනාධිපතිවරයාගේ සිට පහළට සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කරන ප්‍රමාණය කිසියම් ආකාරයක අඩුවක් පෙන්වනවා. කෙසේ වෙතත් මෙවර ඡන්ද ප්‍රකාශන ප්‍රතිශතය සියයට 15 ක පමණ අඩුවීමක් තිබේවි. ඒ අනුව සියයට 65 ක සියයට හැත්තෑවක් අතර ප්‍රමාණයක් ඡන්දය භාවිත කරාවි.

මෙවර තැපැල් ඡන්ද භාවිතය 40% ගණනක් බව කියවෙනවා. එයින් සනාථ වන්නේ රාජ්‍ය සේවකයින් පවා ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුවක් නොදක්වන බවයි.

ප්‍රශ්නය – කොරෝනා වෛරසය නිසා රට සමාජ ආර්ථීක අර්බුද රැසකට මේ වන විට මුහුණ මුහුණපා සිටිනවා. මේ අර්බුදවලින් රට මුදාගැනීමට වත්මන් ආණ්ඩුව ගන්නාවූ ක්‍රියාමාර්ගවලට විපක්ෂයේ සහයෝගය ලබාදෙනවා වෙනුවට අප දුටුවේ විවේචනයක් පමණයි. ඇත්තටම විපක්ෂයේ කාර්යභාරය විවේචනයෙන් ඔබ්බට ගොස් සහයෝගය දැක්වීම නේද?

පිළිතුර – කොරෝනාවලින් පසු මේ ආණ්ඩුව කිසිම අවස්ථාවක විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටියේ නැහැ. උද්ගතව තිබෙන අර්බුදයට විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානම් නමුත් නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති නම් අපි මොනව කරන්නද?

කොරෝනා වසංගතයේ මෙරටට ඇතුළු වූ අවස්ථාවේ සමගි ජන බලවේගය විදියටත් විදිහටත් ප්‍රධාන විපක්ෂය ගෙනත් අපි විවිධ යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඒ එකකටවත් ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ.

පාර්ලිමේන්තුව රැස් කළා නම් සියලු දෙනාටම එකට එකතුවී corona virus එක මර්දනය කිරීම හා ඉන් පසුව මුහුණ දීමට තිබෙන සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹීමට අවස්ථාව තිබුණා. නමුත් එහිදී ආණ්ඩුව ඒකාධිපතියකු ලෙස කටයුතු කළ නිසා අද මෙරට භයානක තැනකට තල්ලූ වී තිබෙනවා.

ප්‍රශ්නය – කොරොනා වලින් පසු පැන නැගී තිබෙන සෙසු ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුව උත්සාහ කළත් ඒ හැම දෙයක්ම ආණ්ඩුව අසමත් යැයි පෙන්වීමට විපක්ෂය උත්සාහ දැරීම අසාධාරණ ක්‍රියාවක් නේද?

පිළිතුර – ඔව්. කොවිඩ්  වසංගතයක් සමග මුළු ලෝකයටම සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවුණා.  නමුත් වෙනත් රටවල් ඒ අර්බුදවලින් විදීම සඳහා විවිධ ක්‍රියාමාර්ග වෙත යොමු වුණා.  බොහෝ රටවල් තම ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා විවිධ අයුරින් උදව් උපකාර කළා. ව්‍යාපාර නගා සිටුවීමට ආධාර ලබා දුන්නා. ජීවත් වීමට මුදල් දුන්නා. නමුත් අපේ රටේ ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

අපි මේ කළ දේවල් වචනය කරන්නේ නැහැ. අපි කියා සිටින්නේ කොයි වසංගතයක් සමග වුණත් නැගී සිටීමේ උපායමාර්ග ආණ්ඩුවට තිබිය යුතු බවයි.අදටත් ඒ උපාය මාර්ගයක් නැහැ අප විශ්වාස කරන විදියට ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තුන ගෙන බැලුවොත් ඒ ආදායම් මාර්ග දැඩි ලෙස අර්බුදයට ලක්ව තිබුණා.

අපේ පළමු ආදායම් මාර්ගය විදේශ රටවල රැකියා කරන මෙරට එවනු ලබන මුදල්. දෙවැන්න ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන ව්‍යාපාරය. තුන්වැන්න සංචාරක ව්‍යාපාරය. මේ තුනම අභියෝගය ජය ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

corona අභියෝගයට සාර්ථකව මුහුණ දී සමාජ ආර්ථික ප්‍රශ්නවලින් රට මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තරයෙ මහා කඩාගෙන වැටීමක් තිබෙනවා.

ප්‍රශ්නය – නමුත් කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වීමෙන් පසු මේ ආණ්ඩුව නොමැතිව වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් මිනී කඳු ගොඩ ගැහෙන්න තිබුණ බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පහුගිය කාලයේ ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ ඔබට අනුමත කරන්න පුලුවන්ද?

පිළිතුර – කොරෝනා වසංගතය මේ තරම් ව්‍යාප්ත නොවී මුල් කාලයේ නිසි පියවර ගත්තා නං එය නතර කරගන්න තිබුණා. නමුත් ආණ්ඩුව මැතිවරණයට මුල්තැන දී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා කොරෝනා රට පුරා ව්‍යාප්ත වුණා. නමුත් කොරෝනා ව්‍යාප්තිය වලක්වන්න ආණ්ඩුව යම් සාධනීය පියවර ගෙන තිබෙනවා. මේ වැඩ පිළිවෙල සියයට සියයකින් ම අපි විවේචනය කරන්නේ නැහැ. අදාල පියවර නිසි වෙලාවට ගෙන තිබුණා නම් හානිය තවත් අඩු කරගන්න අවස්ථාව තිබුණා.

ප්‍රශ්නය – සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය අංක එකට තිබෙන්නේ ජාතික ආරක්ෂාව සඳහා මුල් තැන දී කටයුතු කිරීමයි මේ ජාතික ආරක්ෂාව නොසලකා හැරි බවට පසුගිය ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල වුණා. එවකට ඒ ආණ්ඩුව නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ අයත් මේ චෝදනාවේ කොටස්කරුවන් නේද?

පිළිතුර – ජාතික ආරක්ෂාව පිළිබඳ චෝදනාව පසුගිය ආණ්ඩුවට එල්ල වන්නේ පාස්කු ප්‍රහාරය සමග බව කිවයුතුයි. එහිදී එම ආණ්ඩුවේ ජනාධිපති අගමැති වගකීමෙන් බැහැරව ක්‍රියා කරන බවට එල්ල වන චෝදනාව අපට බැහැර කරන්න බැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා. නමුත් ජනපති අගමැති ජනපති-අගමැති අතර තිබුන මතභේදය හේතුවෙන්  ආරක්ෂක මණ්ඩලය රැස්කරගන්න ඔවුන්ට නොහැකි වුනා. රටක ජාතික ආරක්ෂාව ඉතා වැදගත්. ඒ නිසාම තමා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු ස්ථානයටය ඇතුළත් කළේ.

ප්‍රශ්නය – ඔබ හිතන විදිහට පාස්කු ප්‍රහාරයේ සැබෑ  වගකිවයුත්තන් කවුද?

පිළිතුර – පාස්කු ප්‍රහාරය  සම්බන්ධව මෛත්‍රී ජනාධිපති සහ රනිල් අගමැති සම්පූර්ණයෙන් වගකීම භාරගත යුතුයි.

ප්‍රශ්නය – ඒ කැබිනට් මණ්ඩලයේ සිටිය සජිත්ට වගකීමක් නැද්ද ?

පිළිතුර – සජිත් ප්‍රේමදාස මහතා එවකට කැබිනට් මණ්ඩලයේ සිටිනවා. ඔහුට සාමූහික වගකීමක් තිබෙනවා. නමුත් සෘජුව වගකිව යුත්තේ මෛත්‍රී හා රනිල් යන දෙදෙනායි.

මෙවැනි විනාශයකින් නැවත මේ රටේ සිදු නොවන ලෙස වගබලා ගතයුතුයි. ඒ නිසා තමා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල්තැන අපි ජාතික ආරක්ෂාවට ලබා දුන්නේ අපේ වගකීම අකුරටම ඉටු කරන බවට මට සහතිකයක් ලබා දිය හැකියි .

ප්‍රශ්නය – පසුගිය මැතිවරණවලදී දිගින් දිගටම දූෂිතයන් අපරාධකරුවන් පාර්ලිමේන්තුවට එවන බවට චෝදනාවක් තිබෙනවා. මෙවර  පාර්ලිමේන්තුවට එවිය යුත්තේ කවුද?

පිළිතුර – අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතාව විසින් ම ජනතාව පාලනය කරන පාලන තන්ත්‍රයක්. හෙට හැමෝටම එන්න බැරි නිසා ජනතාවගේ නියෝජිතයා කාරණා දෙකක් වෙනුවෙන් තෝරා පත්කර එවනවා.

එහිදී මූලික වගකීම වන්නේ රටේ ජනතාවගේ බදු මුදල් හරියට පරිහරණය කිරීම (මූල්‍ය වගකීම). දෙවැන්න රට වෙනුවෙන් නීතිරීති සම්පාදනය කිරීමට මේ සඳහා එවන නියෝජිතයන් ඒ කටයුතුවලට දායක කර ගත හැකි පුද්ගලයන් විය යුතුයි. අවාසනාවකට මෙන් ඒ තෝරා ගැනීම අද සිදුවන්නේ නැහැ. ඒ නිසා මෙවර නිවැරදි පුද්ගලයා එවීමට ජනතාව වගබලා ගත යුතුයි. උගතුන් වියතුන් මෙන්ම ජනතාවට රටට ආදරේ කරන පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවීම වෙනුවෙන් ජනතාවගේ වටිනා මනාපය මෙවර පාවිච්චි කරන ලෙස මා ඉල්ලා සිටිනවා .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…

Next Post

වෘකයන්ගේ මිටියාවගේ ඉදිවූ දෙවියන්ගේ මන්දිරය

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020
පලනි දිගම්බරම්, මනේ ගනේෂන් හා රවුෆ් හකීම්
මැතිවරණය

මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවකට දෙමළ මුස්ලිම් පක්ෂ 03ක්

ජූලි 26, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.