බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

වෘකයන්ගේ මිටියාවගේ ඉදිවූ දෙවියන්ගේ මන්දිරය

යටත් විජිත ආගමික සංස්කෘතියේ ජීවමාන පුරාවෘතය වූ වුල්ෆැන්ඩාල් පල්ලිය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විමසුමකි...

by editor
අගෝස්තු 1, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු –

කොළඹ  නගරයේ  දැනට  ඉතිරි  ව  ඇති  පැරණිම  ගොඩනැඟිලි  අතළොස්ස  අතරින්  එකක්  වන  ආදිරුප්පු  (  ආදුරුප්පු  )  වීදියේ  ඕලන්ද  පල්ලිය  ශ්‍රී  ලංකාවේ  දැනට  ආගමික  කටයුතු  සඳහා  ප්‍රයෝජනයට  ගැනෙන  පැරණිම  ප්‍රොතෙස්තන්ත්‍ර  ( protestant  ) දේවස්ථානය  ද  වෙයි .

වෘකයන්ගේ මිටියාවත වූ බොරළුගොඩ කන්ද

වර්තමානයේ  විවේකානන්ද  කන්ද  නමින්  හැඳින්වෙන  මෙම  දේවස්ථානය  පිහිටි  භූමිය  අතීතයේ  දී  හඳුන්වා  ඇත්තේ  “  බොරළුගොඩ  කන්ද ”  නමිනි .  පෘතුගීසීන්  විසින්  “ වෘකයන්ගේ  මිටියාවත”  (  The  dale  of  wolves  )  යන  අර්ථයෙන්  මෙම  ස්ථානය  “ග්වාඩ  ලුපේ ”  යන්න   “ආඩිරිප්පු”  ලෙසින්  සිංහල  ව්‍යවහාරයට  පැමිණ  වර්තමානයේ  “ආදිරිප්පු”  බවට  පත්  වී  තිබේ.  කෙසේ  වෙතත්  පැරණි  පොතපතෙහි  “ආදිරිප්පු”  යන්න  හුදෙක්  මෙම  ස්ථානයෙහි  වූ  දේවස්ථානය  හැඳින්වීම  සඳහා  ම  ප්‍රයෝජනය  ගෙන  ඇති  බව  පෙනේ .  රාජාවලියෙහි  “ ….  බොරළුගොඩ  හින්නේ  ආදිරිප්පු  පල්ලිය  තිබෙන්නේ  ය …. ”  ලෙසින්  දක්වා  ඇත්තේ  මෙම  දේවස්ථානයයි .  කෙසේ  වෙතත්  ඇතැම්  රාජාවලි  පිටපත්හි  මේ  සඳහා  ආදුරුක්කු ,  අතුරු ,  ආදොලොප්පු ,  ආදෝලොප්පු  යන  විකෘති  ස්වරූපයෙන්  ද  යොදා  ගෙන  ඇති  බව  පෙනේ .  කූතෝ  ( Couto )  හා  ක්වේරෝස්  (  Queyrouz  ) යන  පෘතුගීසී  ලේඛකයන්  මෙම  ස්ථානය  හඳුන්වා  ඇත්තේ  “ පෙද්රෙයිර ”  නමිනි .  එහි  තේරුම  “ ගල්  වළ  ”  යන්නයි .

පෘතුගීසීන්  විසින්  ව්‍යවහාර  කළ  “  ග්වාඩලුපේ  ”  යන්න  සඳහා  එම  අර්ථය  ම  මුල්  කොටගෙන  ලන්දේසීන්  විසින්  වුල්ෆෙන්ඩාල්  (  Wolvendal  ) යන්න  භාවිතයට  ගන්නා  ලදී .  ඒ  අනුව  මෙම  දේවස්ථානය  “ වුල්ෆෙන්ඩාල්  පල්ලිය ”  (  Wolvendaa  lschs  kerk  )  නමින්  ප්‍රචලිත  විය .  ඉංග්‍රීසි  ජාතිකයන්  විසින්  ද  මෙම  ස්ථානය  Wolvendaal  නමින්  ම  හඳුන්වන  ලදී .  කෙසේ  වෙතත්  සිංහල  ව්‍යවහාරයෙහි  මෙම  දේවස්ථානය  “ ආදිරිප්පු  පල්ලිය ”  නමින්  ද  ඒ  ඉදිරිපසින්  පිටකොටුව  දක්වා  විහිදෙන  මාර්ගය  “  ආදිරිප්පු  ( ආදුරුප්පු  )  වීදිය  නමින්  ද  ප්‍රචලිත  වී  තිබේ .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලන්දේසීන්ට කලින් ඉදිකළ පල්ලිය

වුල්ෆැන්ඩාල් පල්ලිය… දියසායම් සිතුවමකි… 1888

ඕලන්ද  රෙපරමාදු  සභාව  (  Dutch  reformed  church  )  ට  අයත්  මෙම  දේවස්ථානය  එක්සත්  පෙරදිග  ඉන්දීය  සමාගම  (  De  vereenigde  ost  –  Indisch  campagni  ) මගින්  ඉදි  කරන  ලද්දකි.  ඒ  1749  දීය .  මෙම  වර්ෂය  දේවස්ථානයෙහි  ප්‍රධාන  දොරටුවට  ඉහළින්  ද  සඳහන්  කර  තිබෙනු  දැකිය  හැකිය .  මෙහි  ඉදිකිරීම්  කටයුතු  සඳහා  වසර  අටක්  ගත  වී  ඇති  අතර  ඒ  අනුව  වැඩ  නිම  කර  ඇත්තේ  1757  දීය .  කෙසේ  වෙතත්  ලන්දේසීන්  විසින්  මෙම  දේවස්ථානය  ඉදිකිරීමට  පෙරාතුව  පෘතුගීසීන්  විසින්  ද  මෙම  ස්ථානයෙහි  ( දේව මෑණියන්ට  කැප  කරන  ලද )  දේවස්ථානයක්  ඉදිකර  තිබූ  බව  සඳහන්  වේ.  ලන්දේසීන්  විසින්  කොළඹ  කොටුවෙහි  බලය  අත්පත්  කර  ගැනීමත්  එම  දේවස්ථානය  ද  ලන්දේසීන්  යටතට  පත්  වී  තිබේ.

දේවස්ථානය  ඉදිකරන  සමය  වන  විට  ශ්‍රී  ලංකාවේ  ඕලන්ද  ආණ්ඩුකාරවරයා  වූයේ  ජුලියස්  වැලන්ටයින්  ස්ටයින්  වෑන්  ගොලෙන්ස්  (  Julliws  valentyn  stein  van  gollennesse  1743 – 1751 )   ය .  ඔහුගේ  නාමය  සිහි  වනු  පිණිස  ඉදිරි  බිත්තියෙහි   “  JVSVG  ”  යන  අක්‍ෂර  (නමෙහි  මුලකුරු )  ද  සඳහන්  කර  තිබේ .

ජුලියස්  වැලන්ටයින්  ස්ටයින්  වෑන්  ගොලෙන්ස් 

වැඩ  නිමවීමෙන්  අනතුරුව  දේවස්ථානය  මහජනයාට  කැප  කිරීමේ  දේව  මෙහෙය  පවත්වා  ඇත්තේ  1757  මාර්තු  06  වෙනි  දින  දීය .  කොළඹ  සෙමනේරියේ  අධ්‍යක්‍ෂ  මැතියස්  වර්මල්ස්කර්කර්  (  Mathias  wirmelskircker  )  පියතුමාගේ  ප්‍රධානත්වයෙන්  පැවති  මෙම  ඓතිහාසික  දේව  මෙහෙයට  ජෙරාඩ්  පොට්කන් ,  බර්නාඩ්ස්  ඇන්ගල්වර්ඩ් ,  ජොහැන්නස්  ජෝකීම්  ෆයිබ්‍රාන්ඩ්ස්  ,  ජොහැන්නස්  ජාකොබ්ස්  මේයර්  හා  පිලිප්පස්  මෙල්හෝ  යන  පියතුමන්ලා  ද  සහය  වී  තිබේ .  මෙම  අවස්ථාවට  ජෝන්  ගිඩොන්  ලෝටන්  (  John  Gideon  loten  )  හා  ජෑන්  ස්කෲදර්  (  Jan  schrruder  )  යන  ආණ්ඩුකාරවරු  ඇතුළු  රාජ්‍ය  නිලධාරීන්  රැසක්  ම  සහභාගි  වී  තිබේ .

මෙම  කැපකිරීමේ  දේව  මෙහෙයේ  දී  දේශනා  කරන  ලද  බයිබල්  පාඨය  ලෙස  වාර්තා  ගත  වී  ඇත්තේ  උත්පත්ති  කතාවෙහි  28 :  22  හි  “  ….  තව  ද  සිහිවටනයක්  මෙන්  මා  සිට  වූ  මේ  ගල  දෙවියන්  වහන්සේගේ  ගෘහය  වන්නේ  ය .. (“ Ende  dese  steen  dien  ick  tot  een  opgerecht  teecken  geset  hebbe  sal  een  huys  godts  wesen  ”) යන්නයි .  මෙම  කැප  කිරීමේ  දේව  මෙහෙය  පිළිබඳව  1757  වර්ෂයේ  රජයේ  දිනපොතෙහි  (Public  diary) ද  සඳහන්  කර  තිබේ .

වුල්ෆැන්ඩාල් පල්ලිය – 1938

ධර්මපාල රජුගේ සොහොන් ගල

මෙම  දේවස්ථානය  ඉදිකිරීමට  පෙරාතුව  ලන්දේසීන්  විසින්  පෙරදිග  ඉන්දීය  සමාගමේ  (V.O.C) නිල  දේවස්ථානය  ලෙස  පරිහරණය  කළේ  පෘතුගීසීන්  විසින්  කොළඹ  කොටුවේ  ( වර්තමාන  ගෝර්ඩන්  උද්‍යාන  භූමියේ )  ඉදිකර  තිබූ  ශාන්ත  ෆ්‍රැන්සිස්  දේවස්ථානයයි.  එහෙත්  ආදිරිප්පු  පල්ලිය  ඉදිකිරීමෙන්  අනතුරුව  ශාන්ත  ෆ්‍රැන්සිස්  දේවස්ථානය  අත්හැර  දැමූ  අතර  ක්‍රමයෙන්  එය  නටබුන්  බවට  පත්  වන්නට  විය.  ඒ  අනුව  1813  දී  බ්‍රිතාන්‍ය  පාලකයන්  විසින්  එය  කඩා  ඉවත්  කරන  අතර  එහි  තිබූ  සොහොන්ගල්  සියල්ල  ම  ආදිරිප්පු  පල්ලියට  රැගෙන  යන  ලදී .

ඒ  අතරෙහි  වූ  පැරණි  ම  සොහොන්ගල  1607  වර්ෂයට  අයත්  වේ .  මේ  හැරුණු  විට  1607  දී  මියගිය  දොන්  ජුවන්  ධර්මපාල  රජුගේ  සොහොන්ගල  ද  ආදිරිප්පු  පල්ලියට  රැගෙනවිත්  ඇති  අතර  එය  1832  දී  එවකට  සිටි  ඉංග්‍රීසි  ආණ්ඩුකාරවරයාගේ  ඉල්ලීමකට  අනුව  එම  ස්ථානයෙන්  ඉවත්  කොට  කොටුව  ශාන්ත  පීතර  දේවස්ථානයට  රැගෙන  ගොස්  ඇති  බව  පෙරේරා  හා  රයිවර්ස්  සඳහන්  කරයි .  (  Reports  on  the  Historical  manuscripts  commission  at  wolvendaal  –  1939 ).    එසේ  ම  ලන්දේසි  හමුදා  අණදෙන  නිලධාරියෙකු  වූ  ජෙරාඩ්  හල්ෆ්ට්  ( Gerrard  hulft )  ගේ  සොහොන්ගල  ද  ආදිරිප්පු  පල්ලියෙහි  තිබී  ඇතත්  දැන්  එය  දක්නට  නොලැබේ .  පසුකාලීනව  එම  සොහොන්ගල  අනෙක්  අතට  හරවා  එය  සර්  විලියම්  කොක්ගේ  සොහොන්ගල  කෙටීම  සඳහා  ප්‍රයෝජනයට  ගෙන  ඇති  බවට  ද  මතයකි .

ජල බඳුන

දැනට  මෙම  දේවස්ථානයෙහි  ඇති  බෞතීස්ම  කිරීම  සඳහා  ප්‍රයෝජනයට  ගන්නා  ජල  බඳුන  ( Baptisamal  fornt )  ද  දිගු  ඉතිහාසයක්  ඇත්තෙකි .  කොටුව  ශාන්ත  ෆ්‍රැන්සිස්  දේවස්ථානයෙන්  රැගෙන  විත්  එම  බඳුන  කැටයම්  කළ  තෙපා  ( Tripod  stan ) සහිතය.  විශ්කම්භය  අඩි  දෙකකි .  ලන්දේසි  බසින්  සඳහන්  කර  ඇති  ලේඛනයට  අනුව  එය  රයික්ලොෆ්  වෑන්  හුන්ස්  ( Rijckloff van  geons )  ආණ්ඩුකාරවරයා  විසින්  සිය  දියණිය  වූ එස්තර්  සිලෝනියා  වෑන්  හුන්ස්  ( Rijckloff van  geons )    ශුද්ධ  බෞතීස්මය  ලැබීම  නිමිත්තෙන්  1667  ජුනි  17  වැනි  දින  ප්‍රදානය  කරන  ලද්දකි .  ඇය  උපත  ලබා  ඇත්තේ  ඊට  දින  තුනකට  ඉහත  දී  එනම්  ජූනි  14  වැනි  දින  දී ය.  ලේඛනයේ  සඳහන්  කර  ඇති  පරිදී  මෙම  බෞතීස්ම  බඳුනෙහි  බර  ( වටිනාකම )  රුපි  ( Ropy )  206  ¼  කි .  ග්‍රීක  කුරුසියක  බිම්  සැලැස්මකට  අනුව  ඩොරික්  සම්ප්‍රදායයට  ඉදිකර  ඇති  මෙම  දේවස්ථානයෙහි  1000කට  අසුන්  ගත  හැකි  වේ .  මෙහි  බිත්තියක්  අඩි  5ක  ඝනකමකින්  යුක්ත  වන  අතර  විසිතුරු  ලෙස  ගේබල්  ( Gable )    සහිතව  නිර්මාණය  කර  තිබේ .  තවද  මධ්‍යම  ඩෝමයකින්  ( Central  dome ) හා  ගඩොලින්  කළ  ආරුක්කුවලින්  සැදි  හරස්  අංශ  ( Trancept )  දෙකකින්  ද  සමන්විත  වේ .

පිටරටින් ගෙනා ගොඩනැගිලි ද්‍රව්‍ය

මධ්‍යම  ඩෝමය  මුලින්  ම  ඉදිකර  ඇත්තේ  ගඩොලිනි .  1856  දී  එල්ල  වූ  අකුණු  පහරක්  නිසා  මෙම  ඩෝමය  කඩා  වැටී  ඇති  අතර  ඉන්  පසුව  ඩෝමය  දැවයෙන්  තනා  එහි  නිල්  පැහැති  පතුරුගල්  ( Slates )   සෙවිලි  කොට  තිබේ .  වර්තමානයේ  මෙහි  සෙවිලි  කොට  ඇත්තේ  ලෝහ  තහඩුය .  ජෙ .  එල් .  කේ .  වෑන්  ඩෝට්  සඳහන්  පරිදි  මෙහි  මුලින්  තිබූ  ඩෝමය  අටැස්  ඝණ්ඨාකාර  හැඩයකින්  (  Bell  shaped  octagonal ) යුක්ත  වී  තිබේ .  එය  ඊයම්  මිශ්‍ර  කොට  තනා  තිබූ  අතර  ඩෝමය  මුදුනෙහි  හිස  මත  ඔටුන්නක්  සහිත  එක්  අතකින්  කඩුවක්  හා  ඊතල  හතක්  දැරූ  ලෝහමය  සිංහ  රුවක්  ( ඕලන්දයේ  රාජ්‍ය  ලාංජනය )  ද  තිබී  ඇත .  අකුණු  සැර  වැදීම  නිසා  මෙම  ඩෝමයේ  ගඩොලින්  කළ  කොටස්  කැඩී  ගොස්  ඇති  අතර  ඊයම්  උණු  වී  බිමට  වැගිරී  තිබේ .  එම  ඊයම්  එවකට  මෙම  දේවස්ථානයේ  භාරකරු  (Sexton)  විසින්  හොර  රහසේ  ම  මුස්ලිම්  වෙළෙඳුන්ට  විකුණා  ඇති  බව  ද  සඳහන්  වේ .  (  Wolvendaal  Church  in  Early  times  JDBU  vol .  28  No. 2  –  Van  dort  ).

මෙම  දේවස්ථානය  ඉදිකිරීම  සඳහා  කෝට්ටේ  නගරයෙහි  නටබුන්  යොදාගෙන  ඇති  බවට  ද  මතයක්  පවතී .  එහෙත්  දේවස්ථානය  ඉදිකිරීම  සඳහා  සහ  බිමට  ඇතිරීම  සඳහා  විශාල  ගල්  පුවරු  ඕලන්ද  පෙරදිග  සමාගමේ  නැව්  මඟින්  රැගෙන  එන  ලද  බවට  වාර්තා  ඇත.  1749  ජුනි  27  වෙනි  ඕලන්ද  දේශපාලන  රැස්වීම්  වාර්තාවට  අනුව  දේවස්ථානයේ  බිමට  ඇතිරීම  සඳහා  ගල්  රැගෙන  විත්  ඇත්තේ  කොරමන්ඩල්  ප්‍රදේශයෙනි  ( Faith  of  our  fathers  –  S . D.  Franciscu ).

කයිමන් දොරකඩ ඝණ්ඨාර කුලුන

1900 මුල් වකවානුව… දියසායම් සිතුවමකි.

( J . D . Palm ) බ්‍රිතාන්‍ය  පාලන  සමයේ  දී  රාජ්‍ය  අනුග්‍රහයට  ලක්  වූ  මෙම  දේවස්ථානය  විලියම්  ග්‍රෙගරි  ආණ්ඩුකාරවරයා  විසින්  හඳුන්වන  ලද්දේ  “ ශ්‍රී  ලංකාවේ  වෙස්ට්  මිනිස්ටර්  දේවස්ථානය ”  (The  westminister  Abbey  of  Ceylon )  ලෙසිනි .  මෙහි  ඇති  විශාල  ප්‍රමාණයේ  අලංකාර  වීදුරු  ජනේල  ප්‍රදානය  කර  ඇත්තේ  ද  ග්‍රෙගරි  ආණ්ඩුකාරවරයා  ඇතුළු  පිරිසක්  විසිනි .  දැනට  පිටකොටුව  මහ  වීදියේ  ( Main  street ) පැරණි  නගර  ශාලාව  අසල  ඇති  ඝණ්ඨාර  කුලුන  මෙම  දේවස්ථානයට  ද  අයත්  ඝණ්ඨාර  කුලුන  ලෙස  සැලකේ .  බේරේ  වැවට  ගලා  ගිය  ශාන්ත  ජෝන්  ඇළ  මාර්ගය  හේතුවෙන්  අතීතයේ  මේ  අවට  නිරතුරුව  ම  කිඹුලන්  ගැවසුණු  බැවින්  “ කිඹුල්  දොරටුව ”  යන  අර්ථයෙන්  ලන්දේසීන්  විසින්  මෙම  ස්ථානය  Kaimaan ‘ s  poort  යන  නමින්  හැඳින්වූ  අතර  එය  Kayman’ s  Gate  ලෙසින්  ඉංග්‍රීසියට  එක්  වී  තිබේ .  එය  “ කයිමන්  දොරටුව ”  ලෙසින්  සිංහල  ව්‍යවහරයට  එක්  වූ  අතර  මෙම  ඝණ්ඨාර  කුළුණ  ද  එනමින්  ම  ප්‍රචලිත  විය.  ඉරු  දින  උදේ  සහ  හවස  දේව  මෙහෙයන්  පැවැත්වීමට  පෙර  මෙම  ඝණ්ඨාරය  තෙවරක්  නාද  කළ  අතර  නගර  දොරටුව  වසා  තබන  වේලාවන්  දැනුම්  දීම  සදහා  ද  භාවිතයට  ගෙන  තිබේ. කෙසේ  වෙතත්  දේවස්ථානය  හා  ඝණ්ඨාර  කුලුන  අතරැති  දුර  ප්‍රමාණය  සලකා  බලන  කල්හී  මෙහි  සන්නිවේදන  කාර්යය  කෙසේ  ඉටු  වූයේද  යන්න  ගැටලුවකි .

කයිමන් දොරකඩ ඝණ්ටාරය අද ඇති අයුරු

මෙම  දේවස්ථානය  අසුරු  කොටගෙන  1847 .05.02  වෙනි  දින  මුල්  ම  ඉරුදින  දහම්  පාසල  ද  ආරම්භ  කොට  ඇති  අතර  මේ  සඳහා  ජෙ.ඩී. පාම්  ( J . D . Palm )   පියතුමා  සහ  කොරනේරිස්  ඩික්මන් ,  ලුවිස්  ලීෂිං  මූලික  වී  තිබේ .  1890  දී  දේවස්ථානයට  යාබදව  වුල්ෆෙන්ඩාල්  ( වුල්වන්දාල් )  බාලිකා  විද්‍යාලය  ද  ආරම්භ  කරන  ලදී .  මීට  සියවස්  දෙක  හමාරකට  පමණ  ඉහත  දී  ආරම්භ  වුවද  තවමත්  සුපුරුදු  පරිදි  ආගමික  මෙහෙයන්  ඉටු  කෙරෙන  මෙම  දේවස්ථානය  අද  පුරාවිද්‍යා  ආරක්‍ෂිත  ස්මාරකයක්  ද  වෙයි .

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

Next Post

වැලිකඩ හිරේට කුඩු ගෙනිච්ච පූසෙක්

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.