වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගැසූ බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.
එහිදී බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබු කුඩා පොලීතින් බෑගයක බහාලූ හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 2ක් හා මෙමරි කාඩ් පතක් සොයාගෙන ඇත.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගෙන තිබේ.