බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

නැට්ටෙ ඉඳන් ගොම… හල්ලොලුව ගහපු ගේම අතේ පත්තුවී කුජීත වෙන හැටි!

by editor
මැයි 29, 2025
in දේශපාලන, සමාජ
හල්ලොලුව
Share on FacebookShare on Twitter

රුචිර ජයදේව –

නැට්ටේ ඉඳන් ගොමය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වූ තුසිත හල්ලොලුව රටේ විධායක ජනාධිපතිවරයාගේ බිහිසුණුම දූෂණය හෙළි කර වෙඩි කෑ වීරයා වන්නට ගැසූ ආතල් ගේම විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගෙන තිබේ.

ගේම සෙට් කළ ආකාරය ගැන ඇහෙනකොට හිනායන්නේය. අඩුම තරමින් ගේම ඉල්ලන්නේ රටේ තුනෙන් දෙකක බලයක් සහිත විධායක ජනාධිපතිවරයාගෙන් නම් ඒ වැඩේ ඒ මට්ටමින් තිබිය යුතු බව අපගේ විශ්වාසයය. ඒත් රටේ විධායක ජනාධිපතිගෙන් හල්ලොලුව ඉල්ලා තිබුණේ ගමේ ජෙමාගෙන්වත් ඉල්ලන්නට නොසිතිය යුතු ගේමකි.

ගේමට මුල් වූ කාරණය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 -2019 වසරවල කටයුතු කළ තුසිත හල්ලොලුව ලොතරැයි මණ්ඩලයේ සම්පත් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගන්නේය. අනතුරුව මැයි මස 02 දා ඔහු ඇප මත මුදා හරින්නේය.

ඇප පිට සිටින හල්ලොලුව මීට සති තුනකට පමණ පෙර මාධ්‍යයට රට හෙල්ලෙන කතාවක් කීවේය. ඒ ලොතරැයි මණ්ඩලයේ භාණ්ඩ අවභාවිතය සම්බන්ධව සිදුවන විමර්ශනයට අදාල ප්‍රකාශයක් ලබා දී නැවත එන අතරතුර.

“මම මේක අද කිව්වා කියලා හිතාගන්න. මේ රටේ දේශපාලකයෙක් වැඩිපුරම හොරකම් කරලා තියනවා නම්, මේ රටේ දේශපාලකයෙක් වැඩිපුරම දූෂණය කරලා තියනවා නම් මේ රටේ දේශපාලකයෙකුට වැඩියෙන්ම සල්ලි තියනවා නම් ඒ වැඩිපුරම සල්ලි තියෙන්නේ අනුර කුමාර දිසානායකට.”

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“මම වගකීමෙන් කියනවා. පක්ෂයේ සල්ලි නෙමෙයි. පෞද්ගලික සල්ලි. පෞද්ගලිකව වැඩිපුරම සල්ලි තියනවා නම් ඒ තියෙන්නේ අනුර කුමාර දිසානායකට. මම මේ වෙලාවේ ඒක ගැන කතා කරන්නේ නෑ. අනාගතයේ දවසක කතා කරනවා ඒ ගැන. අනුර කුමාර දිසානායකගේ, ලංකාවේ ඉපදිච්ච, එල්ටීටීඊ ඩයස්පෝරා එකත් එක්ක සම්බන්ධ ග්‍රීසියේ නැව් සමාගමකට අනුර කුමාර ආයෝජනය කරලා තියනවා බිලියන 04කට වැඩිය. ලක්ෂ හතලිස් දාහකට වැඩිය. මම ඉතිරි ටික පස්සේ කියන්නම්.”

පළාත් පාලන මැතිවරණය ලඟ හල්ලොලුවගේ මේ කතාව වයිරල් වුනේය. ඒ ආන්දෝලනය පැතිරෙනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක හිටියේ වියට්නාමයේ නිල සංචාරයක යෙදෙමිනි. ඔහු සිය නීතිඥවරුන් ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර තමන්ට කරන චෝදනා පිළිබඳව විමර්ශනයක් ඉල්ලුවේය. පසුගිය මැයි 04 වැනිදා නීතිඥ අකලංක උක්වත්ත සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල කළහ.

සිය ප්‍රකාශයට මුල් වූ කාරණා සම්බන්ධව විමසීමට පසුගිය 07 වැනිදා තුසිත හල්ලොලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවේය. ඔහුගෙන් පැය 07ක් පුරා ප්‍රකාශයක් ලබා තිබිණි.

බිහිසුණු ප්‍රහාරය

හල්ලොලුවට “බිහිසුණු ප්‍රහාරයක්” එල්ල වෙන්නේ ඉන් පසුවය. 17 වැනිදාය. නාරාහේන්පිට වටරවුම් පාරේ පුද්ගලික රෝහලක් ඉදිරිපිටය. ජනාධිපති ගේ මහා දූෂණය හෙළි කළ වීරයාට වෙඩි තබලාය. බුකිය කැළඹිලාය. හල්ලොලුවගේ ඔළුවට වෙඩි තැබූ බව අපේ මිත්‍රයෝ සමාජ මාධ්‍යවල බෙදා ගත්හ. ඒක නම් කෙළවෙන කෙළියකි.

ඒත් හොයාගෙන යනකොට කියැවෙන්නේ හල්ලොලුවත්, ඔහුගේම පන්නයේ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩම්ගොඩත් වාහනයේ ගමන් කරමින් සිටි බවත් ඒ දෙදෙනාට කිසිම තුවාලයක් නැති බවත්ය. අහසට වෙඩි තබා වාහනයට ගසා නැවත වාහනයට වෙඩි තබා ෆයිල් එකක් පැහැරගෙන ගොස් ඇති බව තුසිත හල්ලොලුව විමර්ශන අංශවලට කීවේය. කෙළිය නම් පැහැර ගෙන ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ දූෂණ හා වංචා සම්බන්ධ ග්‍රීසියේ ගනුදෙනු ෆයිල් එකය.

දැන් කේස් එක අරන් යන්නත් විදිහක් නැති ගානය. වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට මේ ප්‍රහාරය ගැන විමර්ශන කටයුතු පවරා එය දැඩි ප්‍රමුඛතාවයකින් ක්‍රියාත්මක කළේය. රටේ ජනාධිපතිවරයා තුසිත හල්ලොලුවට ගේම දී ඇත. රටේ මිනිස්සු හිටියේ ප්‍රශ්නය විසඳෙන තුරුය.

ජෙමාගේ ගේම

දැන් විමර්ශන කටයුතුවල අවසන් වෙන්නට ලඟය. රෙදි ඉල්ලේය. හල්ලොලුවට වඩා මෙහෙම ගේමක් අපේ ගමේ පොල් කඩන ජෙමාත් ප්ලෑන් කරනු ඇතැයි හිතෙන්නේ සිද්ධිය සම්බන්ධව කරුණු පෙළ ගැසෙන ආකාරයට.

හල්ලොලුවට වෙඩි තැබීම හල්ලොලුව විසින්ම පාතාලය සහ සාකච්ඡා කරමින් ගොඩනගා ගත් කොන්දේසි සහිත ජවනිකාවක් බව හෙළි වී ඇත්තේය. ආන්දෝලනයක් ඇතිවන ලෙස තමන්ට සිද්ධියක් නිර්මාණය කරගත යුතු බව  හල්ලොලුව පාර්ශවය මුලින්ම සාකච්ඡා කර ඇත්තේ කොස්ගොඩ සුජී සමග බව මූලික විමරශනවලින් අනාවරණය වී තිබේ. ඒ සඳහා සුජීට ලබා දුන් කොන්ත්‍රාත්තුවේ ප්‍රමාණය ඉදිරියේ දී හල්ලොලුව විසින්ම රටට කියන්නට නියමිත බව විශ්වාස කරමු.

විමර්ශන අංශ පවසන්නේ සුජී විසින් ලබා ගත් කොන්ත්‍රාත්තුව ඔහු වෙනත් අයෙකුගේ මාර්ගයෙන් ලබා දී ඇත්තේ දැනට ඩුබායි සැඟවී සිටින අයෙකුටය. මේ තැනැත්තාගේ පියා මේ රටේ දීර්ඝතම ඒකාංගික නාට්‍ය මාලාවේ ප්‍රහසන ශිල්පියෙක් ලෙස කාලයක් කටයුතු කර බීමත්කම හේතුවෙන්ම අකාලේ මිය ගිය කවුරුත් දන්නා කලාකරුවෙකි. සුජී මේ තැනැත්තාට කොන්ත්‍රාත්තුව පවරන්නේ මෙය බියගැන්වීමක් පමණක් බව කියමිනි. පුද්ගලයාට කිසිම පහර දීමක් හෝ අනතුරක් විය නොහැකි බවත්, ප්‍රහාරයක් එල්ල විය යුතු වන්නේ සිද්ධියක් නිර්මාණය කිරීමට බවත්, ප්‍රහාරය එල්ල කර පලා ගිය පසු ගැටලුවක් ඇති වන්නේ නැති බවත් ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැනුම් දී ඇතැයි හෙළි වී ඇත.

දැනට විමර්ශනයෙන් හෙළි වී ඇති කරුණු අනුව කතාව මෙසේය. ප්‍රහාරය එල්ලවන තැන වෙලාව සිදුවන ආකාරය ගැන හල්ලොලුවත් දන්නේය. ප්‍රහාරය දෙන්නට එන උනුත් දන්නේය. වාහනය ඇතුළේ හිටි කලක් රනිල් වික්‍රමසිංහගේ සුරතල් කොලුවා වූ දිනේෂ් දොඩන්ගොඩ නීතිඥයාත් මේ සැලසුම නොදැන ඉන්නට බැරි බව විමර්ශන අංශත් කියන්නේය. පසුගිය 17 වැනිදා නාරාහේන්පිට දී තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තබන්නේත් පහර දී මරණීය තර්ජන කර ලිපි ගොනුවක් රැගෙන පලා ගිය බව කියන්නේත් ඒ පූර්ව සැලසුම අනුවය.

විමර්ශන

හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ දෙවැනි දිනය වනවිට විමර්ශන අංශ ගේමේ මුල්ම කොටස හෙළිදරවු කරගත්තේය. 19 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සීසීටීවී දර්ශන සම්බන්ධව කළ සාර්ථක විමර්ශනයකින් අනතුරුව තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් පැමිණි දිශාව සහ ඔවුන් පැමිණි ප්‍රදේශය සම්බන්ධව කරුණු සියල්ලම අනාවරණය කරගෙන ඇති බවය. වෙඩි තැබීම් ඇතුළු අපරාධ දහස් ගණනක විමර්ශන කර ඇති පොලිසියට මේ සිදුවීම තුළ යම්යම් අසාමාන්‍ය තත්ත්ව අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කීවේය.

පසුගිය 20 දා පොලිසිය විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කළේය. ඒ වනවිට පරීක්ෂණ භාරව සිටි කොළඹ අපරාධ කොට්ඨාසය සියලු දුරකථන සමාගම්වලින් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා විමර්ශන අරඹා තිබිණි. ඒ ඔස්සේ පුලුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් කණ්ඩායම් හතරක් යෙදවිමට කටයුතු කර ඇති බවත් විමර්ශන අංශ අධිකරණයට කරුණු වාර්තා කළේය. ඔවුන් දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවය.

මෙහිදී පොලිසිය අධිකරණයට දැන්වූ වැදගත් කරුණක් තිබිණි. වෙඩි තැබීමට ලක් වූ අවස්ථාවේ දි තුසිත හල්ලොලුවගේ වැදගත් ලිපිගොනුවක් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වින්දිත තුසිත හල්ලොලුව විසින් පොලිසියට ප්‍රකාශ කර ඇති බවය.

සීසීටීවී දර්ශන ඔස්සේ හඹා යෑම

සීසීටීවී කැමරා ඔස්සේ කළ විමර්ශනවලදී වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් පැමිණි ස්ථානයවන කිරුළපන වාහන කුලියට දීමේ ව්‍යාපාරික ස්ථානය විමර්ශන අංශ දින දෙකක් යන්නට මත්තෙන් හඳුනාගෙන තිබිණි. වෙඩි තබන්නට යතුරුපැදිය පිටත් වන්නේ මෙම ස්ථානයෙනි.  සුජීගේ උපදෙස් මත සුජීගේ  ගෝලයා ලංකාවේ දී මේ ප්‍රහාරය කළමනාකරණය කරගන්නට සම්බන්ධ කරගන්නේ කිරුළපන වාහන කුලියට දීමේ මෙම ව්‍යාපාරයක් කරගෙන යන  පුද්ගලයා ය. මේ පුද්ගලයාත් සුජී ගේ ගෝලයාත් කලකට පෙර හුණුපිටියේ එක ලඟ නිවාස දෙකක ජීවත් වී දැන හැඳුනුම්කම් ඇති කරගත් දෙදෙනෙකි.

පැදිකරු සහ වෙඩික්කරුත් මෙම ව්‍යාපාරික ස්ථානයත්, එය හිමිකරුත්  දින දෙකක් යන්නට පෙර හෙළි විය. එහෙත් දැඩි ශික්ෂණයකින් විමර්ශනය දියත් කර සියලුම තොරතුරු සහතිකවම තහවුරු කර ගන්නට තවත් සතියක් කල් ගැනීමට විමර්ශකයෝ කටයුතු කළහ.

පසුගිය 24 දා විමර්ශන අංශ මුලින්ම කරන්නේ මේ වාහන කුලියට දෙන ස්ථානයට ගොස් එම පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමය. ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත පැදිකරු අත් අඩංගුවට ගැනීම සඳහා ඔහුවත් රැගෙන මහරගම නිවාස සංකීර්ණයකට යන විමර්ශන අංශවලට එහිදී මතුවන ගැටලුව වන්නේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා පොලිස් අනන්‍යතාවය සහතික කළ ද ඔවුන්ට ඇතුළු වීමට ඉඩ නොදීමය. ඒ අතර පැදිකරුට පොලිසියෙන් පැමිණ ඇති බව දුරකථනයෙන් දැනුම් දීමය. විමර්ශන නිලධාරීන් මෙම ආරක්ෂකයාත් අත් අඩංගුවට ගෙන නිවසට යන විට නිවසේ සිටියේ පැදිකරුගේ බිරිය පමණි. පැදිකරු පලා ගොස්ය. පොලිසිය සිද්ධියට ආධාර අනුබල දීම යටතේ අත් අඩංගුවට ගන්නා කාන්තාව මේ පැදිකරුගේ බිරිය ය.

දැනට හෙළි වී ඇති කරුණු අනුව තමන් මේ කරන්නට හදන වැඩේ ගැන මේ පැදිකරුවත්, අහසට වෙඩි තියන්න පැමිණි වෙඩික්කරුවත් දන්නේ නැත. උන් එන්නේ මිනිහෙක් බය කළ පසු මොකෙකුගෙන් හෝ ලැබෙන බවට පොරොන්දු වූ මුදලක් අරගන්නටය. බිරියත් අත් අඩංගුවට පත් වූ පසු පැදිකරු පෙරේදා (27) අත් අඩංගුවට පත් වන්නේය. ඔහු කියන්නේ තමන් මෙලෝ හසරක් නොදන්නා බවත් නාරාහේන්පිට වාහනයට පහර දුන් ස්ථානයට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුන බැවින් කුඩා පොරොවක් ද රැගෙන එතැනට ගිය බවය. ” බය කරලා වගේ පෙන්නලා එන්න කියලා තමයි කිව්වේ….” පැදිකරු විමර්ශකයින්ට පවසා තිබිණි.

එතකොට “උඹ ගත්ත ෆයිල් එක…”

දැන් ඊලඟ ප්‍රශ්නය හල්ලොලුවගෙන් මේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් පැහැර ගත් බව කී අතශය වටිනා ලිපි ගොනුවය. ජනාධිපතිවරයාගේ දූෂණ සහ වංචා සහිත රටක් පෙරළා දැමිය හැකි සාක්ෂි එකතුවය.

“එතකොට කෝ උඹලා අරන් ගිය ෆයිල් එක…” විමර්ශකයෝ විමසූහ.

“අනේ සර්… මොන ෆයිල් එකක් ද?. මම නම් ෆයිල් එකක් ගත්තෙවත් දැක්කෙවත් නෑ” . පැදිකරු කියා තිබුණේය. අපට කියන්නට ඇත්තේ හයියෝ හල්ලොලුව කියා පමණය. සීසීටීවී පරීක්ෂාවේ දී මුල සිටම හල්ලොලුව අත තිබුණ ෆයිල් එක්ක හෝ “වෙඩි තබා පලා යන” “බිහිසුණු අපරාධකරුවන් ” අතේ හෝ ෆයිල් කරවයක් කොයි වෙලාවකවත් සටහන් වන්නේ නැති බව විමර්ශන වලින් හෙළි වී ඇත්තේය.

තව අත් අඩංගුවට ගන්නට ඇත්තේ යතුරුපැදිය සහ අහසටත් වාහනයටත් වෙඩි තැබූ වෙඩික්කරුවා පමණි. යතුරුපැදියත් සමග ඔහු නුදුරේදීම අත් අඩංගුවට පත්වනු ඇත. පැදිකරු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් අපරාධයට ආධාර අනුබල දීම පිළිබඳව අත් අඩංගුවට ගන්නේය. ඔවුන් දෙදෙනා යතුරුපැදිය තැන් තැන්වල සඟවා තබන්නට උපකාර කළ උන්ය.

මේ වනවිට හෙළිදරවු වී ඇති කරුණු මත රුපියල් ලක්ෂ 02 බැගින් මුදලක් වාහන කුලියට දීමේ ව්‍යාපාරයේ හිමිකරුට දැනට හඳුනාගෙන ඇති පුද්ගලයෙකුට වැටී ඇති බව විමර්ශන අංශ පවසයි.

පෙරේදා අත් අඩංගුවට ගත් පැදිකරු සහ ඉතිරි සැකකරුවන් දෙදෙනා ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ නිල මැදිරියේදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේය. ඔවුන් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විමර්ශකයින්ට අවසර ලබා දුන්නේය. මේ වනවිට තවත් බොහෝ කාරණා හෙළිවී තිබේ. ඒ අතර පැදිකරු අධිකරණයට විශේෂ ප්‍රකාශයක් කිරීමට ඉල්ලා ඇත.

පසුගිය 24 වැනිදා අත් අඩංගුවට ගත් පැදිකරුගේ බිරිය, වාහන කුලියට දීමේ ව්‍යාපාරය හිමිකරු සහ මහරගම නිවාස සංකීර්ණයේ ආරක්ෂකයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බලය සහිතව නීතිය සමග රමණයේ යෙදී පුරුදු උන්ට නීතිය සහ යුක්තය කුමක් දැයි තේරෙන්නේ නැත. එහි ගැඹුර හල්ලොලුව තේරුම් ගැනීමට නියමිතව ඇත. හල්ලොලුවට දිහා බලාගෙන අනෙක් අයත් පාඩමක් ඉගෙන ගන්න….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද දකුණු මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 10කට වැඩියි…

Next Post

තැපෑල දිවයින පුරා දෙදින වර්ජනයක…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.