-
මේ අවුරුද්දේ මුල් මාස 05 තුළ ගොඩබිමින් මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණය ටොන් 2ක් පනී…
අද (28) උදේ දකුණු මුහුදෙන් අත් අඩංගුවට අර දික්ඕවිට වරායට ගෙනෙනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකේ ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම කෝටි එක් දහස් එකසි පනස් හයක් බව විමර්ශන අංශ පවසයි.
දික්ඕවිට වරායේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව එම බහු දින ධීවර යාත්‍රා තුළ සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වී තිබිණි,
යාත්‍රා දෙකෙහී (02) තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503 ග්‍රෑම් 618ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 275 ග්‍රෑම් 594ක පමණ තොගයක් සොයා ගත්තේය.
එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද (2025 මැයි 28) භාරදීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබුවේය.
මෙම මත්කුඩු තොගය මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙක් නමුත් මිනී මරාගන්නට එළිපිට නොඑන හඳුනාගෙන ඇති අප්‍රකට ජාවාරම්කරුවෙක් විසින් ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී සැක පහළ වී ඇත.
මෙම මෙහෙයුමත් සමඟ ශ්‍රි ලංකා නාවික හමුදාව, අනෙකුත් පාර්ශවයන් හා එක්ව 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මුහුදින් රටට ඇතුළු කිරීමට උත්සාහ කළ මත්කුඩු ටොන් එක හමාරකට වඩා අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 544 කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1217 කට අධික තොගයක් අන්තර්ගතය. එමෙන්ම ගොඩබිම දී අත් අඩංගුවට ගත් මත්කුඩු තොගත් සමග වසරේ මුල් මාස 05 තුළ අත් අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය ටොන් 02ක් ඉක්වමවා ගොස් ඇත.







