අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කොවිඩ් වසංගතය මතු කර දුන්  කඨින පින්කමේ අරුත…

by editor
නොවැම්බර් 26, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

අට මහා කුසල්වලින් ප්‍රමුඛත ම කුසලය වන්නේ කඨින චීවර පූජාවය. පංච ආනන්තරිය පාප කර්ම හැර අන් සියල්ල මෙම පින්කමෙන් අහෝසි කළ හැකි බව බෞද්ධ සාහිත්‍ය පිළිවෙතේ පැනේ.

ඒ ධර්ම සාහිත්‍යය අනුව කඨින පින්කමට දායක වන්නෝ කිසිදු අත්භවයකදී දුගතියෙහි නූපදිති. සැප සම්පත් ද ගරු සැලකිලි ද භුක්ති විඳිති.

එවන් ආනිශංස ගෙන දෙන දක්වා සම්භාවනාවට ලක් කළ මෙම සම්ප්‍රදායික  පුණ්‍යකර්මය වර්තමානයේ බොහෝ වෙනස්කම්වලට ලක් වෙමින් තිබේ. එය විවේචනාත්මක සමාජ කථිකාවක් තෙක් ගොඩනැගෙමින් තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අපට බොහෝ ප්‍රදේශවල දැකගත හැකි වූයේ කඨින චීවර පින්කමේ යථා අරුත ගෙන දුන් සරල චාම් සැබෑ පූජනීයත්වයකි. භික්ෂූන් වහන්සේලාටත්, දායක ගිහි ඇත්තන්ටත් ඕනෑ විදිහට උජාරු නැටුම් නටන්නට මෙවර PHI මහත්වරුන්ගෙන් (මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගෙන්) නම් ඉඩක් ලැබුනේ නැත. පිරිස ද අවම කෙරිණි. කඨින පින්කමක් පසුවෙන් කළ නොහැකි බවට ඒත්තු ගන්වා තිබූ සමාජයක එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වන සාමාන්‍ය ජනයාට කඨින පින්කමක් කිරීමේ පුංචි හෝ බලාපොරොත්තුවක් මෙවර ජනිත කෙරිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතීත පිළිවෙත

අතීතයේ මේ පින්කම පැවැත්වූයේ ඉතා ම සරල චාම් අයුරිනි. මෙය ලෞකික සැප අභිබ වූ ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරමින් අති පූජනීය හැඟීමෙන් පැවැත් වූ පින්කමකි.  පාංශකූලයට ගන්නා මතක වස්ත්‍ර ගෙන, කුඹුරක ලියදි සේ තීරු ලෙස මසා සකසන කඨින චීවරය ප්‍රධාන දායකත්වය දරන අයගේ නිවසේ සිට අතිශය පූජනීය ව හිස මතින් රැගෙන පන්දම්, බෙර හේවිසි නාද, සාම්ප්‍රදායික නැටුම් ගැයුම් මධ්‍යයේ පා ගමනින් ගම පුරා වැඩම කොට, කොස් නැටි පෙනෙන නොපෙනෙන තරමට ඉර එළිය යාන්තමට එබිකම් කරන වේලාවේදී  විහාරාධිපති භික්ෂූන්ට පූජා කෙරිණි.

පසුව කොස්, මහෝඝනී අරටු කුඩා කැබලි කර දින හතරක් පමණ තිස්සේ වතුර බෝතල් විස්සක පමණ ප්‍රමාණයකට දමා එයින් හතරෙන් එකකට හිඳෙන සේ එයට ම අරළු, බුලු, නෙල්ලි ආදී ඖෂධීය සාරයන් ද එක් කර ගනිමින් තම්බා ගැනීමෙන් ඉතිරි වන බොරය ගෙන සකසා ගත් පඬු පොට්ටනියකින්, චීවරය මත ක්‍රමානුකූල ව  පඬු පොවා වියලා ගැනීමෙන් අතීතයේ කඨින චීවරය සකසා ගැනුණි. මෙහිදී කඨින චීවරය කඨින ඔරුවක් මත තබා හෝ ඔරුව මත බහා හෝ පඬු පෙවීම සිදුකෙරේ. එය ඉතා පරෙස්සමෙන් කළයුතු වූවකි.

මෙම මූලික කාර්යය බාර ගෙන කටයුතු කරන ගමේ විහාරයට අනුබද්ධිත ප්‍රදාන දායකයා විසින් ගම්වාසීන්ගේ උදව්වෙන් ද මෙසේ සිරිත් පරිදි සකසන ලද කඨින චීවරය උපසම්පදා භික්ෂූන් පස් නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දහවල් කඨින දානය අවස්ථාවේදී විහාරස්ථානයේ වස් විසූ වෘද්ධිතම  හෝ එසේ නොවේ නම් වස් විසූ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පූජා කිරීම පැරණි පිළිවෙත ය.

චීවරය පිළිගන්නා භික්ෂූන් වහන්සේ එදින රාත්‍රියේ කඨිනානිශංස ධර්ම දේශනය සිදු කරනුයේ මෙසේ පුද ලද කඨින චීවරය පොරවාගෙන ය. එය කඨින දායක ඇත්තන්ගේත්, පින්කමට දායක වූ ගම්වාසී සැමගේත් පින් සිත් ප්‍රමෝදමත් වීමට හේතු වූයේ මේ සාමුහික කුසලකර්මය හේතුවෙනි.

අද පවතින හැටි

වර්තමානයේ මේ උතුම් පින්කම හෑල්ලු වී ව්‍යාපාරික නැඹුරුවකට  හසු වී ඇත. පඬු පොවා කඨින චීවරයක් සකසනුයේ එහෙමත් කෙනෙකි. එය වත්මන් සමාජයේ පහසු කටයුත්තක් නොවන්නේ ඒ පිළිබඳ දැනුමැත්තන් ද දුලබ බැවිනි. බොහෝ විහාරවල භික්ෂූන් වහන්සේලා ද කඨින චීවරයක් පඬු පොවා සැකසීමට අනුබල නොදෙන බවක් ද දැකිය හැක. එවැනි සිවුරු වර්තමානයේ භික්ෂූන් වහන්සේලා භාවිත නොකරන බැවින් ප්‍රායෝගික ව එවැනි කටයුත්තකට වෙහෙස දැරීම නිශ්ඵල බව භික්ෂුහූ ගිහියන් වෙත පෙන්වා දෙති. පොරවන්නේ නැත්නම් එවැනි සිවුරකින් ඇති ඵලයක් ද නැතැයි ගිහියෝ කල්පනා කරති. මේ නිසා භික්ෂූන් වහන්සේගේ අභිමතය පරිදි උන්වහන්සේ ඇඳීමට ප්‍රිය චීවරයක් කඩෙන් මිලට ගෙන සතියක පමණ කාලයක් කඨින පින්කමේ ප්‍රධාන දායකයාගේ නිවසේ පුද පූජා හා පිරිත් ගායනා මැද ගම්වාසීන්ගේ වැඳුම් පිදුම් ලබමින් වඩා හිඳුවා පින්කම දින අලුයම පෙරහැරකින් ගම පුරා රැගෙන ගොස් උදෑසන දානමය පින්කම අවස්ථාවේදී වස් විසූ උපසම්පදා භික්ෂූන් වෙත පූජා කෙරෙති.

කඨින පෙරහැර ද වර්තමානයේ විවිධ වෙස් ගනී. ඇතැම් පෙරහරවල අලි ඇත්තු පවා වෙති. ඇතැම් පෙරහරවල සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වෙනුවට වේගරිද්ම චොකා බයිලා නැටුම් ද වේ.

එකිනෙකාගේ ධනය, බලය ගම් වාසීන්ට හුවා දැක්වීමටත්, කලින් පෙරහර කළ අයට නොදෙවෙනි වන්නට පෙරහර කරන්නටත් වෙහෙසෙන්නන් නිසා කඨින පෙරහර හා කඨින චීවර පූජාව වර්තමානයේ එහි නිසි අරුතින් දුරස් වී තිබේ.

දාන උත්සවය

කඨින දානය ද පිළියෙළ කරනුයේ භික්ෂූන් වහන්සේලාට පමණක් නොව විහාරස්ථානයට පැමිණ සිටින සියල්ලන්ට ම සෑහෙන පරිදි ය. ඇතැම් විහාරස්ථානවල දානමය පින්කම් උත්සව ශ්‍රීයක් ගන්නා අයුරු ද වර්තමානයේ දැකිය හැකිය.

ඇතැම් භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය යොදා ගනු ලබන්නේ ලෝකෝත්තර සැප පසෙකලා සිය ලෞකික සුඛ විහරණ සලසා ගැනීම උදෙසා ය.

ඇතැම් විහාරස්ථානවල නොයෙකුත් ඉදිකිරීම් සඳහා මුදල් එක්‍ රැස් කිරීම වස් කාලයේ දායකයින් ලවා සිදු කරවා ගන්නා ප්‍රමුඛ කාර්යයක් බවටත් පත් ව තිබේ. තවත් බොහෝ මූල්‍යමය හා ද්‍රව්‍යමය අඩුපාඩු පිරිමසා ගන්නේ මේ කාලයේදී ය. දායකයින්ට මේ කාලය යහමින් මුදල් වැය වන, ශ්‍රමය අතින් ද ඉස්පාසුවක් නැති කාලයක් බවට අද පත්ව තිබේ.

අතීතයේ කඨින පින්කමක් භාර ගන්නා දායකයන් තුළ පැවතියේ වියදම් දරා ගැනීමට නොහැකි වේදෝ යන බිය නොව,  ඒ කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් හා නිහතමානී අපේක්ෂාවක් පමණි. එයින් සිත් තුළ පිරිසිදු කුසල් රැස් වූවා මිස විච්කිච්ඡාවන් ඇති වූයේ නැත.

එළඹෙන ඉල් පොහෝ දිනයෙන් මේ වසරේ කඨින පින්කම් නිමා වනු ඇත. එහෙත් විකෘති වෙමින් පැවති මේ ධර්ම ශාස්ත්‍රීය පිළිවෙත කොවිඩ් වසංගතය විසින් යළි එහි සැබෑ අර්ථය තුළට රැගෙන ගියේය. භික්ෂුවක් තුළ වැඩි වර්ධනය වී අතු ඉති ලා පැතිරුණු පුහුදුන් ගුඪ මනෝභාවයන්හි අතු ඉති කප්පාදු කිරීමට මේ  වසංගත උවදුරට හැකි වී තිබිණි. එම අවබෝධය සමාජයක් ලෙස අපට වැදගත් වන්නේ  අප ගමන් කළ දිශානතිය නිවැරදි නොවන බව ජීවිතයේ සෑම අංශයකින්ම අපට පසක් කර දුන් හෙයිනි.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් කලා පොකුරක ලකුණු… තවත් සුප්‍රකට නළු නිළියන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

Next Post

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.