අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
in කලා
Share on FacebookShare on Twitter

සුමින්ද සිරිසේන තවත්  අප අතර නැත.  යුගයක් ආවරණය කරමින්  අපව ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන ගිය විශිෂ්ට රංගන කාර්තව්‍ය සදහටම නිමා කරමින් ඔහු දිවි සැරියෙන් සමුගෙනය.

ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන  සුමින්ද සිරිසේනයන්  අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.

90 දශකයෙන් මෙපිට ඉපදුන බොහෝ දෙනෙක් මේ විශිෂ්ඨයා ගැන නොදන ඉන්නට පුලුවන.  ශ්‍රී ලංකාකේය සිනමාවේ, වේදිකාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේ පුළුල් පරාසයක රංගන කාර්යයක නිරතවුන මේ සුමින්ද සිරසේනයන් එවකට පැවැති  සෑම සම්මාන උළෙලකම පාහේ ස්වකීය නිර්මාණ දායකත්වය වෙනුවෙන් හොඳම රංගනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා අපට මතකය.   මේ කෙටි ආවර්ජනය ඒ විශිෂ්ඨ කලාකරුවා   අප වෙනුවෙන් කළ දේ මෙන්ම අපට ඉතිරි කළ දේ  පිළිබඳවය.

ජීවිත කතාව

සුමින්ද සිරිසේනයන්  1948 ජූලි මස 04 වැනිදා මෙලොව එළිය දකින්නේ කෑගල්ල ප්‍රදේශයේ පිටිසර ගමක්වන  බොස්සැල්ලේ ගැමි පවුලක වැඩිමල් දරුවා වශයෙනි.  ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් වූහ.

සිරිසේනයන්ගේ  පියා බුලත්ගමුව සිරිසේන ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ජන නාට්‍ය   ඉදිරිපත් කළ,
ගමේ කුඩා ව්‍යාපාරිකි.   මව පුංචි නෝනා ගෘහණියක් වූවාය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ගමේ පාසලවන  පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1963 වසරේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් හිමි කරගන්නා සුමින්ද සිරිසේන ගේ නිර්මාණ ජීවිතයට අවශ්‍ය පරිසරය සැකසෙන්නේ ඉන් අනතුරුවය. .

රංගන ජීවිතය

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වකවානුව තුළ සුමින්ද සිරිසේන   දශක ගණනාවක් ශ්‍රී ලාංකේය රංග කලාවට සහ කලාවට ප්‍රධාන බලපෑමක් කළ විද්වතුන් සහ කලාකරුවන් ඇසුරට පත් වන්්නේය. ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස් සහ විජයරත්න අතුරුපාන  යටතේ අධ්‍යාපනය ලැබීමට සුමින්ද සිරිසේනයන් භාග්‍ය ලැබෙන්නේය.

වර්ෂ 1967 දී සිරිසේන රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී පත් වූ ගිරිකුථ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. 1969 දී දයා අල්විස් ගේ සහාය ඇතිව ධම්ම ජාගොඩ විසින් ආරම්භ කරන ලද ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ රංග ශිල්ප ශාලිකා නාට්‍ය පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සුමින්ද  සම්බන්ධ විය.

ජනප්‍රිය සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රථම රංගනයද සනිටුහන් කළ මූදු පුත්තු නාට්‍යයේ “දියෝනිස්”ගේ චරිතය ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුගේ පළමු භූමිකාව විය . අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණු ඔහු මනමේ, සිංහබාහු, බවකඩතුරව, මහාසාර, කදා වළලු වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල රඟපෑවේය.

එතැන් සිට ඔහු  අන්තර්ජාතික අත්දැකීම් සහිත ප්‍රමාණ මිනින්දෝරුවරයෙකු (quantity surveyor) ලෙස  සිය  වෘත්තීය ජීවිතය කළමනාකරණය කරගනිමින්    1970 දශකයේ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවේය. 1979 දී විදේශගතවන සුමින්ද සරිසේනයන් 1984 නැවත ලංකාවට පැමිණි පසු යළිත් නව ප්‍රවේශයකින් රංග කලාවට ප්‍රවේශ වන්නේය.  ඒ තිලක් ගුණවර්ධනගේ නාට්‍යවලට සම්බන්ධ වීමෙනි. මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ නාට්‍යයේත්   පසුව සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ නාට්‍යයේත් ඔහු වේදිකාව මත අමතක නොවන භූමිකාවක් කළේය.

රාජ්‍ය නාට්‍ය උළේලේ දී  වර්ෂ 1992 දි මේඝ නාට්‍යයේ හොඳම සහාය නළුවා ලෙසත්, 1995 දී අන්දරේලා නාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙසත් සම්මානිත සුමින්ද සිරිසේන  1993 දී   කඩතුරාව වේදිකා නාට්‍යයේ සිදුකළ රංගනය  වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. 1997 දී රෝමය ගිනි ගනී වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේත් සුමින්ද ය.

ආදි රැලේ නාඩගම, ආනන්ද ජවනිකා, අන්දරේලා, අන්ධකාරය, භවකඩතුරව, ගිරිකුළු, හිරු නැති ලොව, කඩතුරාව, කදා වළලු
කොන්තනෝනාගේ සමුගැනීම, මහාසාර, මනමේ, මීපුර වාසියෝ, මේඝා, මූදු පුත්තු, මුහුදු දෙකක්, නාඩගම්කාරයෝ, සපතේරු හාමිනේ, සිංහබාහු, තක්සලා නාඩගම, උමතු සන් වරුසාව, විනිශ්චය, වංශක්කාරයෝ, වෙස් මුහුණ ඇතුළු වේදිකා නාට්‍යවල කැපී පෙනෙන රංගනයක් සුමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ ආකාරය ඉතිහාසයේ ලියැවී තිබේ..

සුමින්ද  සිරිසේනගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 දී ශ්‍රී ලංකා රූපවාහිනිය විසින් නිෂ්පාදනය කරන ලද “සිහින නිම්නය” ය. අනතුරුව සිය දෙවැනි ටෙලි නිර්මාණය ලෙස කුමාරිහාමි    ටෙලි නාට්‍යයේ රඟපෑවේය.   එතැන් පටන් සුමින්ද සිරිසේන  ටෙලිනාට්‍ය 40කට අධික සංඛ්‍යාවක රඟපා තිබිණි. විචාරක පැසසුමට ලක් වූ චරිත තුනක් කතාමාලාවේ “ඊසා” ලෙස ඔහු කළ රංගනය ඕනෑම ශිල්පියෙක්  සමස්ථ ලාංකේය ටෙලිනාට්‍ය භූමිකාවේ සිදුකළ මනරම් රංග සලකුණ ලෙස විචාරකයෝ හඳුන්වා තිබුණහ.

අබුද්දස්ස කාලය,  අංගනි, අසනි වැසි, බෝගල සවුන්දිරිස්,  බොරළු පාර, චන්ද්‍ර වින්සති,  දඹුලුගල සක්මන, දඟකාර තරු, දුම්රිය අන්දරය, එකමත් එක රටක්,එකට ගැටුම, හතර වටේ, ජීවිතය දකින, මගෙ කවිය මට දෙන්න, මෙහෙව් රටේ, මින්දද, මොණරතැන්න, නදීලදිය, නිසල විල, පාරමිතා, පතොක්  පාලම,  පිපි පියුම්, පුනරාගමනය, රම්‍ය සුරම්‍ය, සේපාලිකා, සඳ අමාවකයි, සඳ දෙව් දියණිය,  සඳ නැති ලොව,සත්‍ය
සුදු මල් කන්ද. තෙත් සහ වියලි, උත්තමාවි, විනිවිදිමි, වැටෙන් එහා, ඔහු රංගනයෙන් දායකව විශේෂ සලකුණු තැබූ  ටෙලි නාට්‍ය සමූහය අතර වෙයි. ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් විවිධ ටෙලි සම්මාන උළෙල වලදී ඔහු දිනූ සම්මාන ප්‍රමාණය 15කි.

සුමින්ද සිරිසේනගේ  මංගල සිනමා රංගනය 1976 දිදුළු මලක් චිත්‍රපටයේ “උපාලි”ගේ චරිතය හරහා සිදු විය. සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවන්නා, සමනල තටු, ඉර හඳ යට, ගුරුගෙදර, බෝම්බ සහ රෝස වැනි විචාරක අවධානයට ලක් වූ චිත්‍රපට රැසකට ද ඔහු රංගනයෙන් දායක වී වූයේය.

2002 දී ඔහු “සිවුරංග” නමින් නාට්‍ය පාසලක් පිහිටුවා ගත්තේය. එම ඇකඩමියෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි විය. ඉන්පසු ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකයෙකු ලෙස සේවය කළේය.

වෘත්තීය ජීවිතය

සිය පාසල් අධ්‍යාපනයෙන් පසු සිරිසේන 1969 දී විශේෂ ආධුනිකයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට බැඳීමට කොළඹට පැමිණියේය. ඒ අතර තුර සිය රංගන කාර්යයට ද කැප වුනේය.

රංග කලාවට තීරණාත්මක  ලෙස සිය  භූමිකාව ආරම්භ කරන වකවානුවේ  සුමින්ද සිරිසේන යනු  දේශපාලන හා සමාජ ව්‍යාපාරයන්හි කැපී පෙනෙන මැදිහත් වීමක් කළ චරිතයකි. 60 දශකයේ අග භාගයේ දි  ජනතා විමුක්ති පෙරමුණේ  ක්‍රියාකාරී දේශපාලනයට තරුණයෙක් ලෙස අවතීර්ණ වී සිටි ඔහු  ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ දේශපාලන අරගලයක් වෙත අවතීර්ණ වන අවස්ථාවේ දී එම දේශපාලන ධාරාවෙන් ඉවත්වන සුමින්ද සිරිසේන රටින් පිටවන්නේය. ඒ 1970 දී ය.

වර්ෂ  1970 දී ඕමානයට ගොස් වසර දෙකක කාලයක් ප්‍රමාණ මිනින්දෝරුවරයෙකු (quantity surveyor) ලෙස සේවය කරන සුමින්ද සිරිසේන යළි ලංකාවට එන්නේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් සහ ඉදිකිරීම්  පිරිවැය   පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙසය.

යළි දිවයිනට පැමිණෙන සුමින්ද  වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතියේ විශේෂ තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ බව දන්නේ අතලොස්සකි.

ඉන් අනතුරුව  ඔහු 1979 දී නැවත විදේශගත වූයේය.  නැවත සිරිසේනයන් ලංකාවට පැමිණියේ වර්ෂ   1984 දී  ය.

මේ අතර  ඔහු සිය ශාස්ත්‍රීය අධ්‍යාපනය ද පුළුල් පරාසයක් තුළ අත් කරගන්නේය. සුමින්ද සිරිසේන රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ   ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශ්‍රී    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති පශ්චාත්  උපාධියත්  සම්පූර්ණ කර ඇති බහු මානයන්හි අත්දැකීම් සහිත විද්වතෙක් ලෙසය. අපේ කාලයේ අප දුටු සුමින්ද සිරිසේනයන්ගේ  රංගන ප්‍රභාවේ සුවිශේෂී හැඩය මේ විශේෂත්වය නිසාම ඇති වූ බව අපි විශ්වාස කරමු.

සුමින්ද සිරිසේන සිය දිවි ගමන ඇරඹුවේ ලීලා සිරිසේන සමගය. ඔවුන් දෙපළට ප්‍රභාත් සහ නන්දිත ලෙස පුතුන් දෙදෙනෙකි..

අපේ තරුණ පරපුරට මේ විශිෂ්ටයා මගහැරෙන්නේ වර්ෂ 2012  මැයි මාසයේ ඔහු හදිසි රෝග ව්‍යසනයකට මුහුණ දීමත් සමගය.  හදිසියේ හටගත් උණ රෝගයක් හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්  කරන්නේය.  ඉන් දිවි ගලවා ගත හැකි වූ බව සැබෑය. නමුත්  එතැන් සිට සුමින්ද සිරිසේනයන්ට  ඇවිදීමට අපහසු වූයේය. කලක් තිස්සේ ඔහු ජීවත් වූයේ භෞත චිකිත්සක ප්‍රතිකාර සමගය.  වර්ෂ  2012 සිට සුමින්ද සිරිසේන   කිසිම නිර්මාණයකට  සම්බන්ධ වුණේ නැත.

මේ විශිෂ්ඨයා ගේ  විශිෂ්ට නිර්මාණ දායකත්වයේ සහ ඉන් ජනිත රස භාවයන් පිළිබඳව  ඔහු මිය යන තුරුම  සංවාදයක් ඉපදවිමට අප අසමත් විය. මෙවැනි අපූරු මිනිසෙක් අපේ කලා කෙත අස්වැද්දූ බව අපේ දූ දරුවන්ට කියා දෙන්නට ඔහු මිය යනතුරුම ඉන්නට විය.

මේ රටේ ඛේදවාචකය එයය. අක්මුල් නැති තරුණ පරම්පරාවක් ගැන හතර අතේ  අඳෝනා කියන වැඩිහිටියන් ලෙස අප කර ඇත්තේ මොනවාදැයි ඒ සෑම අඳෝනාවක දෝංකාරයක් පසුපස  තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

Next Post

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.