දිනසේන රතුගමගේ –
මහව දුම්රිය ස්ථානය හා අනුරාධපුර දුම්රිය ස්ථානය අතර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පිණිස ලබන වසරේ ජනවාරී මස 5 වෙනිදා සිට මාස 7 ක කාලයකට උතුරු දුම්රිය අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය නවත්වා තිබේ.
ඒ අනුව මාස හතක කාලය තුල දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සීමා වෙයි.
මහව සිට අනුරාධපුරය දක්වා මගී බස් සේවාවන් ක්‍රියාත්මක කොට අනුරාධපුරය හා කන්කසන්තුරේ අතර කොටසේ දුම්රිය ධාවනය පවත්වා ගෙන යන්නේද යන්න පිළිබදව මෙතෙක් ස්ථිර තීරණයකට දෙපාර්තමේන්තුව එළඹී නොමැත.
උතුරේ දුම්රිය මගීන් ඉල්ලා සිටින්නේ දුම්රිය මාර්ගය වසා දැමීමට පෙර වවුනියාව දුම්රිය ස්ථානයට දුම්රිය කීපයක් රැගෙන් විත් එම දුම්රියන් යොදා ගෙන අනුරාධපුරය හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවන කටයුතු පවත්වා ගෙන යන ලෙසය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යාටතේ මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණි.
ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස මේ වන විට සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කොට අවසන් වී ඇත.
මහව සිට අනුරාධපුරය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පූර්ණ අළුත්වැඩියාවකට ලක් වන්නේ වසර 103 කට පසුවය.