සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

Share on FacebookShare on Twitter

මේ වසරේ ලංවිම වියදම රුපියල් බිලියන 575ක් බවට තමා කළ පුරෝකතනය දැනටමත් සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක   පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කලේ සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහා අඩු කළ යුතු බවයි.

වැරදි දත්ත මත වැඩි කළ විදුලි බිල පාරිභෝගිකයා කෙරෙහි අත් කළ ප්‍රතිඵල…

“ මේ වසරේ මුලදී ලංවිම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ගාස්තු ඉහල දැමීමේ යෝජනාව මගින් 2023 ලංවිම වියදම රුපියල් බිලියන 720ක් ලෙස පුරෝකථනය කර තිබුණා. නමුත් එය වැරැදියි. ඒ අවස්ථාවේදී මා විසින් කළ පුරෝකතනය අනුව ලංවිම වියදම රුපියල් බිලියන 575කට සීමා වෙනවා. “

“ඒ අනුව මේ වසරේ පෙබරවාරි 15ට පෙර සකස්කල ගාස්තු සංශෝධනය මගින් ලංවිමට රුපියල් බිලියන 575ක් උපයාගත හැකි පරිදි සාධාරණ ගාස්තු වැඩිකිරීමක් සකස්කළා. ඒ අනුව සියයට 35ක ගාස්තු වැඩි කිරීමක් මේ වසරටම ප්‍රමාණවත් වන බව මම පෙන්වා දුන්නා. නමුත් අවාසනාවකට මා කල නිර්දේශය වෙනුවට ලංවිම කළ යෝජනාව එලෙසම ක්‍රියාත්මක කළා.”

“ඒක නිසා ලංවිමට අධික ලාභයක් ලැබෙන තත්ත්වයක් උදා වුණා. විදුලි  පාරිභෝගිකයා සුරාකෑමට ලක් වුණා. දැන් වෙනකොට මාස 11ක් අවසන් වී තිබෙනවා. මාස 11ක සත්‍ය දත්ත් මේ වන විට නිකුත් වී අවසන්. මුල් මාස 11 තුළ  ලංවිම වියදම රුපියල් බිලියන 540කට ආසන්නයි. දෙසැම්බර් මාසයේදි තවත් බිලියන 38ක වියදමක් ඇස්තමේන්තු කළ විට වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 575කට ආසන්න වෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ වියදම පූරණය සදහා ඒකකයක සමාන්‍ය මිල රුපියල් 42ක් තිබුණා නම් ප්‍රමාණවත්. මම මේ වසරේ මුලදී නිර්දේශ කලේ ඒකක වියදම රුපියල් 42ක් කියන පදනම යටතේ සකස් කළ ගාස්තු ක්‍රමයක්. එම ක්‍රමය මුළු වසරටම ප්‍රමාණවත්. ඒ ගාස්තු ක්‍රමය යටතේ ලංවිම සමස්ත වියදම රුපියල් බිලියන 575ක් කියල ගණනය කළා. එය සත්‍ය බවට දැන් තහවුරු වෙලා තිබෙනවා. “

“මෙය සත්‍ය තත්ත්වය වුවත් ලංවිම මේ වසරේ දෙවරක් ගාස්තු වැඩිකලේ මේ සත්‍ය වියදම පදනම් කරගෙන නෙවෙයි. ඔවුන් පදනම් කරගත්තේ ලංවිම වාර්ෂික වියදම රුපියල් බිලියන 720ක් බවට. ඒ අනුව විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න වෙලා තිබෙනවා රුපියල් 50ක පමණ වියදමක්. වැරැදි ලෙස වියදම ඇස්තමේන්තු කළ නිසා ලංවිමට දැන් අධික ලාභයක් ලැබෙනවා.”

“ ඉන් ආර්ථිකයට විශාල හානියක් වුනා. කර්මාන්ත ශාලා වැසි ගියා. පාරිභෝගිකයො පරිභෝජනය අඩු කළා. ලක්ෂ ගණනක විදුලිය විසන්ධි කලා. “

“දැන් වහාම කල යුත්තේ විදුලි ගාස්තු අඩු කිරීමයි. ඝෘජුවම විදුලි පාරිභෝගිකයාට වාසිය ලබා දිය යුතුයි. ඒ වගේම මේ වැරැදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන හා ඒවා අනුමත කරන බලධාරීන් හා නිලධාරීන්ට එරෙහිවත් ක්‍රියාකළ යුතුයි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

Next Post

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.