ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සතුව පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳවැටීම හේතුවෙන් එම ඒකකයට ඇතුළත් කරන රෝගීන් මහත් අසීරුවකට පත්ව ඇතැයි වාර්තාවේ.
හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ව විකිරණ පරික්ෂණයන්ට යොමු කිරිම අත්‍යවශ්‍ය වන බැවින් මේ වන විට හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ගෙන් විකිරණ පරික්ෂණ සිදුකළයුතු රෝගීන් රෝහලේ වෙනත් අංශවලට ගෙනයාමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට මාස දෙකකට පෙර මෙහි තිබූ ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටුණු බවත් ඉන් අනතුරුව විකිරණ පරික්ෂණ සිදුකරනු ලැබුවේ දෙවන යන්ත්‍ර යෙන් බවත් පෙන්වා දෙන සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පවසා සිටිනුයේ එම යන්ත්‍රයත් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද දැඩි අපහසුවකට ලක්ව ඇති බවයි.
මෙහි තිබු ප්‍රධාන විකිරණ යන්ත්‍රය ඉතා දියුණු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සුළු මොහොතක් තුළදී සිදුකරන පරික්ෂණ වාර්තා වාට්ටුවලට, ශල්‍යාගාර වලට සහ වෛද්‍යවරයා වෙත යොමුකිරීමේ හැකියා පැවතිනි.