බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

බෞද්ධ දර්ශනය මගේ ජීවිතයට සතුට ළඟා කරවනවා!

ජගත් පූජිත ලේඛක ෂ්‍යාම් සෙල්වදුරෙයි

by editor
මැයි 27, 2020
in කලා
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ – සමන් කළුආරච්චි – 

විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කරන සමකාලීන ලේඛකයන් දෙතුන් දෙනා අතරින් ෂ්‍යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්විතීය  ස්ථානයකි. සිංහල ජාතික මවකගේ හා දෙමළ ජාතික පියෙකුගේ දරුවෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවුරුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකාවට අතහැර ජීවිත ආරක්ෂාව පතා කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ 83 වසරේ අවාසනාවන්ත කළු ජූලියෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. ටොරොන්ටෝහි යෝර්ක් සරසවියෙන් සිය ප්‍රථම උපාධිය ලබා පසුව වැන්කුවර් හි බ්‍රිටිෂ් කොළම්බියා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛන කලාව පිළිබද පශ්චාත් උපාධිය හිමිකර ගන්නා ෂ්‍යාම් සරසවි ආචාර්යවරයෙකු ලෙසත් සිය දැනුම බෙදා දුන්නේය. මේ වනවිට කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට සාහිත්‍යකරණයෙහි යෙදෙන ෂ්‍යාම්ගේ අතින් ලියැවුණු  “Funny Boy”, “Swimming on Monsoon Sea”, “Cinnamon Gardens”, “Hungry Ghost”  ඇතුළු බොහෝ කෘතීන් විශ්ව සාහිත්‍යයෙහි බොහෝ සංවාද හා විචාරයන්ට මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබුවේය. 

  • අපේ අතීතයෙන් ගැලවෙන්න අපට බැහැ. මා හිතනවා ඔබටත් එය පොදුයි කියලා. ඔබේ අතීතය ඔබේ ලේඛන කලාවට බලපෑවේ කොහොමද?

ෂ්‍යාම් –අවුරුදු තිස් පහක විතර කාලයක් පුරා මං දැන් මෙහේ කැනඩාවේ ජීවත් වුණත් හිත ඇතුළෙන් තාමත් මං ශ්‍රී ලාංකිකයි. ඒකට හේතුව මාව නිර්මාණය වෙලා තියෙන්නේ ලාංකීය අනන්‍යතාවයත් එක්ක හින්දයි. මේ පසුබිම මගේ ලේඛන කටයුතු වලට තදින්ම බලපාපු බොහොම වැදගත් සාධකයක්. වයසින් වැඩෙන්න වැඩෙන්න මං තේරුම් ගත්ත දෙයක් තමයි මගේ ජීවිතයේ කොටසක් එක්ක ලංකාවට තියෙන බැඳීම හරිම සුවිශේෂීයි කියන එක. ඒ නිසාම මං නිතර ලංකාවට යනවා එනවා. මගේ ලෝකයේ ඉංග්‍රීසි විතරක් කතා කරන හිතවතුන්ගෙන් බැහැර වෙලා ඔය විදියේ සබඳතා එක්ක සමීප වෙන එක මගේ ලේඛන කලාවට වගේම මගේ පෞද්ගලික ජීවන පැවැත්මට හරිම වැදගත් සාධකයක්.

  • ඒ හින්දා වෙන්න ඇති ඔබේ කෘතීන් හැම එකකම වගේ ලාංකීය අනන්‍යතාවක් සනිටුහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ ලේඛන කලාවට උත්තේජනය සපයලා තියෙන්නේ ඔබ උපන් ඔබේ මවුරටද?

ෂ්‍යාම් – ඔව්, ඒක ඇත්ත. මට උත්තේජනයක් සපයපු දේවල් අතර යුද්ධය වගේම ලංකාවේ තියෙන සාරවත් සංස්කෘතික පදනමත් බලපෑවා. මේ හින්දා නවකතාකරුවෙකු විදියට පාඨකයන්ට පිළිගන්වන්න පුලුවන් බෙහොමයක් දේවල් මා සතුව තියෙනවා. සාරවත් සංස්කෘතික පදනම විතරක් නෙමෙයි, වාර්ගික ගැටුම, පංති පරතරය වගේ දේවල් ලේඛකයෙකුගේ භූමිකාවට බොහොම සරුසාර පදනමක් සපයනවා.

  • සමකාලීන ලෝක සාහිත්‍යයේ සමලිංගික එහෙමත් නැතිනම් සමරිසි සාහිත්‍යයේ වැඩිම කතාබහක් ඇති කළ ලේඛකයා තමයි ඔබ. සමරිසි ප්‍රජාව මුල්කරගෙන ලෝකය පුරා විවිධාකාර ක්‍රියාකාරකම් දියත් වෙනවා. බටහිර රටවල තියෙන ඔය කියන සමාජ ප්‍රවණතා ඔය විදියටම ලංකාව ප්‍රමුඛ ආසියානු රටවල සංස්කෘතීන්ටත් වලංගුයි කියලා ඔබ හිතනවාද?

ෂ්‍යාම් – ඒතරම්ම ප්‍රබල විදියට නොවුණත් එහි බලපෑමක් තියෙනවා. ඉන්දියාව ගත්තොත් සමරිසි අයිතීන්වලට නීතිමය වලංගුතාවක් ලබා දීම මෑතකදී සිදුවුණු දැවැන්ත ක්‍රියාමාර්ගයක්. ඒ හින්දාම කලාවේ හා සාහිත්‍යයේ නිම්වළලු වඩාත් පුළුල් වුණා. මිනිස්සු වඩාත් විවෘතව, නිදහස්ව හිතන්න, තමන්ගේ ජීවිත අත්දැකීම් නොබියව ප්‍රකාශ කරන්නට පෙළෙඹෙන වාතාවරණයක් ඇති වුණා. ඒත් ලංකාවේ මේ කරුණු කාරණා විවෘතව කතා කරන පරිසරයක් තවමත් නිර්මාණය වෙලා නැහැ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

  • ලංකාව කියන කුඩා දූපත ඇතුළේ සිංහල දෙමළ කියන ජන ප්‍රජාවන් සියවස් ගණනක් එකට ජීවත් වුණත් එකිනෙකාගේ සාහිත්‍යය ගැන අපිට තියෙන්නේ බොහොම අඩු දැනුමක්. ඇයි අපි මේ තරම් දුරස් වුණේ?

ෂ්‍යාම් – සරලම හේතුව අපේ භාෂාව. අපිට එකිනෙකාගේ භාෂාව වටහා ගන්නට බැහැ. මේ නිසා අපිට එකිනෙකා වටහා ගන්නවත්, එකිනෙකා ඉවසා දරා ගන්නවත් බැහැ. පරිවර්තන සාහිත්‍යය වැදගත් වන්නේ ඒ නිසයි.

  • සිද්ධාන්තයක් විදියට අපිට කියන්න පුලුවන් තව දුරටත් අපේ රටේ යුද්ධයක් නැහැ කියලා. ඒත් තිත්ත ඇත්ත නම් සිංහල දෙමළ ජන ප්‍රජාවන් අතර උණුසුම් සහගත සැබෑ එකමුතුවක්, බැඳීමක් තවමත් ගොඩ නැගිලා නැහැ කියන එක. එක්තරා යුගයක මේ ගැටුමේ ගොදුරක් බවට පත්වෙච්ච ඔබ කොහොමද මේ සමාජය යථාර්ථය දකින්නේ?

ෂ්‍යාම් – ඔව්, හේතුව සිංහල – දෙමළ දෙපාර්ශ්වයටම නිවැරදි දේශපාලන නායකත්වයක් නැතිවීම නිසයි එහෙම වුණේ. යහපත් සමාජයක් ගොඩ නගන්නට සිංහල දෙමළ ජාතීන් දෙකටම ලැබුණු අවස්ථාවන් හැම එකක්ම ජාතීන් දෙක විසින්ම අවාසනාවන්ත විදියට පැහැර හැරියා, විනාශ කරලා දැම්මා. ඒකට නායකත්වය ලැබිය යුතුව තිබුණේ ඉහළම තැන්වලින්. සැබෑ සාමයක් වෙනුවෙන් තිබුණු සියලු අවස්ථාවන් අපේ දෑත් අතරින් පෙනි පෙනීම මේ විදියට ගිලිහී යාම වේදනාකාරී දෙයක් විදියට මට දැනෙනවා.

  • ඔබ ජීවත් වෙන කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවෙන් කොටසක් කැනඩාවේ ප්‍රධාන නගරවල තවමත් කොටි සංවිධානයට පක්ෂග්‍රාහී උද්ඝෝෂණ හා රැළි පවත්වනවා. මේ ක්‍රියාකාරකම්වලින් සාමාන්‍ය දෙමළ ජනතාවගේ සැබෑ ජීවන අභිලාෂයන් හා සැබෑ බලාපොරොත්තු නිරූපණය වෙනවා කියලා ඔබ හිතනවාද?

ෂ්‍යාම් – නැහැ මම එහෙම හිතන්නේ නැහැ. මං එහෙම විශ්වාස කරන්නෙත් නැහැ. ආර්ථික පීඩනයෙන් ඉන්න අය වෙනුවෙන් ආර්ථික පිළිසරණක් ලබාදීම ඇරුණම ඔබට ඇත්තටම යමක් කරන්න ඕනේ නම් ඇයි මෙහේ ඉදන් උද්ඝෝෂණ කරන්නේ? එහෙම අවශ්‍යතාවත් තියෙනවා නම් රටට ගිහිල්ලයි ඒවාට විරුද්ධව නැගී සිටින්න ඕනේ.

  • ඔබේ අලුත්ම නවකතාව Hungry Ghosts බෞද්ධ සාහිත්‍යය හා බෞද්ධ සංකල්ප ඇසුරෙන් ගොඩ නැගෙන නවකතාවක්. දෙමළ හින්දු සංස්කෘතික පසුබිමක් මත උපත ලබා කතෝලිකයෙකු ලෙසින් හැදී වැඩෙන ඔබට බුදුසමය මේ විදියේ බලපෑමක් කළේ කොහොමද?

ෂ්‍යාම් – මං හිතන්නේ මට ඇත්තටම ඕන වුණා මගේ ජීවිතයට කිසියම් ආකාරයක තේරුමක් එහෙමත් නැතිනම් අර්ථයක් හොයා ගෙන යන්න. මේ අතරේ මට කියවන්න ලැබුණා කැරන් ආම්ස්ට්‍රෝන් ලියපු Buddha කියන පොත. ලංකාවේ ඉන්න කාලයේ මං දැනගෙන හිටිය බුදුදහමට වඩා වෙනස් දැක්මක් මං ඒ පොතින් දැක්කා. ඒ නිසා තවදුරටත් බුදුදහම ගැන කියවන්න පෙළඹුණාම මට තේරුණා බුදුදහම කියන්නේ මං හිතාගෙන හිටිය දේවල්වලට වඩා වෙනස් දෙයක් කියලා. ඒ හැම දෙයක්ම මගේ ජීවිතයට කිසියම් අර්ථයක් වැටහීමක් ගෙන දුන්නා. මං වඩාත්ම ඇළුම් කරන්නේ බුදුදහමේ තියෙන තාර්කික බවට. ඒ තාර්කික බව මට සමීප වුණා. දෙවියන් විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ කාර්යයක්. ඒත් බුදුදහම කියන්නේ එයින් ඔබ්බට යන දෙයක්. මට බුදුදහම කියන්නේ ජීවිතයේ සතුට ළගාකරවන දර්ශනයක්. මං බොහොමයක් පන්සල් ආරාම වලට ගියා. භාවනා කළා. ඒවායේදී පාලිවලින් ලියැවුණු පාඨ කියවන්න ලැබුණා. වඩාත් යහපත් ජීවිතයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා වටහා  ගන්න මට ඒ දේවල් උදව් වුණා. මං දන්නවා බුදුදහම කියන්නේ ලංකාවේ නම් ආගමක්. ආගමක් විදියට පවත්වාගෙන යන්න විවිධාකාර ලංකාවේ දේවල් සිද්ධ වෙනවා. එත් මං කැමැති ඒකට නෙමෙයි. බුදුදහමේ තියෙන දර්ශනයට. ඒ නිසා මං උත්සාහ කරන්නේ බුදුදහමේ මූලික දහම් කරුණු සමීප කරගන්න. ඒක මගේ ජීවිතයට සහනයක්. හැමදාම උදේට මං භාවනා කරනවා. බුදුදහමේ දර්ශනය ඒ විදියට මගේ ජීවිතයට ආස්වාදයක් සපයනවා වගේම තමයි අනෙක් පැත්තෙන් ගත්තොත් බෞද්ධ කතාන්දර මාව ආකර්ශනයට ලක්කරනවා. බුදුදහමේ දාර්ශනික මතවාද බෞද්ධ කතාන්දර තුළින් ඉස්මතු කරන ස්වරූපයට මං ඇළුම් කරනවා.

  • ඔබේ Hungry Ghost කෘතිය ඔය කිව්ව ජාතක කතාන්දර එක්ක කර්මය, පුනරුප්පත්තිය වගේ සංකල්ප ප්‍රධාන කතා තේමාවත් එක්ක බද්ධ කරගෙන තියෙනවා…?

ෂ්‍යාම් – Hungry Ghost නවකතාවෙන් මං උත්සාහ කළා බෞද්ධ ජාතක කතාන්දර එක්තරා විදියකින් ගෙනහැර පාන්න. ඒ විදියේ කතාන්දර මගේ ලේඛන කලාවට බද්ධ කරගෙන අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියේ කොටසක් තමයි ඒ. මං පුද්ගලිකවම කර්මය විශ්වාස කරනවා. යහපත් ක්‍රියාවක් කළත් අයහපත් ක්‍රියාවක් කළත් එයට ප්‍රතිවිපාකයක් තියෙනවා, දැන් හරි පස්සේ හරි ඒක සිද්ධ වෙනවා. 

  • මං හරියටම දන්නේ නැහැ ඔබේ නිර්මාණවලින් ඔබේම පුද්ගලික ජීවිතය කොයි තරම් දුරට හෙළිදරවු වෙනවාද කියලා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඔබේම ජීවිතයේ සිදුවීම් ඉස්මතු වෙන විදියේ නිර්මාණයක් කරන්න? 

ෂ්‍යාම් – මගේ නිර්මාණවලින් ඉස්මතු වෙන්නේ මගේම ජීවන අත්දැකීම්. ඒත් ඒ ස්වයං චරිතාපදානයක් විදියට නෙමෙයි. කතා වස්තුව සහ ඒ ඒ චරිත වලට වඩා ඒවායේ සිදුවීම්, කාලය, ස්ථානය, භාවමය හැඟීම් වගේ දේවල් මගේම ජීවිත අත්දැකීම්. 

  • සාහිත්‍ය ලෝකයෙන් බැහැරව ගත්තම ඔබේ ජීවිතයට උත්තේජනයක් එහෙමත් නැතිනම් බලපෑමක් කරපු චින්තකයෙක්, දාර්ශනිකයෙක් හෝ ඔබ අනුගමනය කරන කිසියම් ආදර්ශවත් චරිතයක් (role model) තියෙනවාද?

ෂ්‍යාම් – නැහැ

  • මෑතකදී ලංකාවේ ඇතිවූ සිදුවීම්වලින් පෙනී යන්නේ වාර්ගික පීඩනය කවර මොහොතක, කවර අවස්ථාවක, කොතැනකදී වුණත් අපේ දූපත තුළ පුපුරා යන්නට ඉඩ තියෙන බවයි. ශ්‍රී ලාංකිකයන් විදියට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තබා ගන්න අපිට පුළුවන්ද?

ෂ්‍යාම් – අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒ හින්දා අපිට ශ්‍රී ලාංකිකයන් විදියට යහපත් බලාපොරොත්තුවක් තියා ගන්නට ඕනේ වෙනවා. නැතිනම් කොහොමද රටක් විදියට අපි ඉදිරියට යන්නේ? කොයි කවර දෙයක් සිද්ධ වුණත් යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු නැති කරගත යුතු නැහැ.

 

 

Tags: විශේෂ
Share454Tweet43
Previous Post

අමාත්‍ය තොන්ඩමන් හදිසියේ මියයයි

Next Post

මෙල්ල කළ නොහැකි ගෝලීයකරණයත් කොවිඩ් නිසා මිය යයිද?

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.