බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“ටැටුව දැකලා චරිතේ ලියපු ගොඩක් උන්ට කෝමා…” දූවිලි මිනිසාගේ  අමු හඬ හැඩ කරන ගැහැනිය…

ඇය නොවන්නට ඔහු මෙතන නෑ...

by editor
ඔක්තෝබර් 14, 2023
in කලා
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

ඇය “චාම්”…..චාම් මට  මුණගැහෙන්නෙ පෙර රාජකාරි ස්ථානයේ දී… අලුත් ටීචර් කෙනෙක් විදියට තමයි ඉස්කෝලෙට ආවෙ. ටීචර් කෙනෙකුට ගැලපෙන  පෙනුමත් , හුරුබුහුටි බවත්, මූණ පුරා නිතර නැගෙන සිනහවටත් එහා ගිය මොකක්දෝ විශේෂත්වයක් මට මේ පුංචි කෙල්ලගෙ පෙනුනා.. ඔව් ඇත්තටම ඇය විශේෂයි. ඒක ඔප්පු වෙන්න ගත වුණේ ඉතාම සීමිත කාලයක්.

සංජීව් ලෝන්ලියන්ස් …එයා තමයි අද ලංකාවේ ජනප්‍රියම ගායකයා.

සංජීව්…

“ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.
මේ පපුව ඇතුලෙ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා..”

දිවයිනේ අස්සක් මුල්ලක් නෑර මේ වදන් කියවෙන කාලයක් මේක. ඒ ජනප්‍රිය, අව්‍යාජ, සරල ආදරණීය ගායකයගෙ ජීවන සෙවනැල්ල වූ නිහඬ ඇය… චාම්…..ඔව් ඇය කැමති  ඇය ඒ නමින්  හඳුන්වනවට……

“මට එයාගෙ ටැලන්ට් එක දැනුනා .”කට්ට කාලා දාගත්ත කෙල්ල යාලු” සිංදුවෙන් එයා ඒ දවස්වල   ජනප්‍රිය වුණා. ඒත් මට එයා  මුණ ගැහෙද්දි ඒ සේරම අතහැරලා හිටියේ .ආපහු නැගිටින්න ඕන කියලා අපි දෙන්නම හිතුවා”….

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඇය සිනහවකින් මුව සරසාගෙන එහෙම කිව්වා. සංජීව්ගෙ ජීවිතයට එළිය ගෙනාවෙ ඇය. ඔහුට අවශ්‍ය මානසික පසුබිම සකස්කර දෙන, හිතට දිරිය ශක්තිය දෙන ඇය…   සංජීව්ගෙ වේදිකාවේ  පසෙකින් ඇහෙන්නේ ඇගේ හඬ… ඔබ ඒ හඬ හොඳින් හඳුනනවා ට කිසිම සැකයක් නැහැ.

“මුල් කාල වකවානුවෙ සංජීව් එක්ක  වේදිකාවට ගොඩවුනේ   අපේ කැම්පස් එකේ මිත්‍රය ජෝන් දිනේෂ්… ඒත් ජෝන් එක්කම female voice එකක් වේදිකාවේ පසෙකින් ඇහෙන එක හොඳයි කියලා අපි දෙන්නටම හිතුණා… මං වේදිකාවේ  පැත්තකින් ඉන්න  තීරණය කළේ එහෙම.”

චාම්ගෙ උපන් ගම මහව දලදාගම .අම්මා අදටත් ගජනැග්ගම මහා විද්‍යාලයේ ගුරුවරියක්. තාත්තා කරන්නෙ ව්‍යාපාරික කටයුතු. චාම්ට  ඉන්නවා නංගිල  තුන්දෙනෙක් .ලොකු නංගි වව්නියාව  කැම්පස් එකේ කතිකාචාර්‍යවරියක්.  දෙවන නංගි  නීති ය හදාරනව. පොඩි නංගි කොළඹ විශාඛා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා.ඇගේ පවුල් පසුබිම  ඒ විදිහයි.

චාම් ඉස්කෝලෙ ගියෙ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට. ඒ ලෙවල් කරලා කැම්පස් එකට ගියාට පස්සේ චාම් mass communication department එකෙන් media special උපාධිය ලබා ගන්නව .

සංජීව්ගෙ උපන්ගම  කුරුණෑගල. කුරුණෑගල සාන්ත ආනා  විද්‍යාලයයෙන් ඉගෙන ගන්න සංජීව්   සාමාන්‍ය පෙළ විභාගයට  ඒ නමයක් ලබාගෙන  ඒ පාසලේම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා තමයි කැම්පස් යන්නෙ. කැම්පස් එකෙන් කෙමෙස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රිය  ලබාගන්න  සංජීව්ට  කැම්පස් එකේදි තමයි චාම්ව මුණගැහෙන්නේ. සංජීව් අදටත් කෙමිස්ට්‍රි   ගුරුවරයෙක්.

සංජීවගේ අම්මයි තාත්තයි දෙන්නම ළඟ ළඟ අවුරුදු වල මිය යනවා. පවුලෙ වෙන සහෝදර  සෙනෙහසක් හෝ ඔහුට නැති නිසා ඔහු ට ලොකු වේදනාවක් දැනෙන්න ඇති. ඒ වේදනාවත් එක්ක ඔහු කියවූ සමාජ වියමන ලොකු පරිකල්පන ශක්තියක් මුහුවෙලා “අමු” විදිහට එළියට එන්න ඇති. සංජිව්ගෙයි චාම් ගෙයි සමීපතම සහෝදරියක් විදියට මට ඒක  දැනුනේ එහෙම. ඒ අමු කල්චර් එකට මිනිස්සු අප්‍රමාණ විදිහට ආදරේ වෙන්න රහස  ඒක.

චාම් එක්ක එක ඉස්කෝලෙ ඉන්න කාලෙ  ඇය  මට කීවේ “අපි මොකක් හරි කරන්න ඕන… මේ ෆීල්ඩ් එකේ හිමින් යන ගමනකට මිසක් හති දාගෙන දුවන ගමනට ආයුෂ අඩුයි… අවබෝධයන් නම් හැමදේම කරන්නෙ…පැවැත්ම හොඳ යි….”

විවේකී හැම මොහොතකම ඇය  කතා කළේ මහා පරිණත ගැහැනියක් වගේ. ඇයට ඉතාම හොඳ අවබෝධයක් තිබුණා. කවදාවත් ඇගේ සිතුවිලි, අදහස් වල සාම්ප්‍රදායික බවක් තිබුණේ නෑ. ඒවා නැවුම් ,අලුත්.

සංජීව්ගෙ ගොඩක් සිංදුවල   තියෙන්නේ ඒ දෙන්නගෙ වචන. ඒවා හරිම අමුතුයි. අමුයි.

“කැලේ ඇතුළෙම පරවෙනවා බන් හුඟක් මල් ජාති……..”

“වැළකෙන්න  සිව් පවින් එකක් කැඩුනාම  මොකද….
කැකුළක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්”

“කාස්ටෙට මැල  වෙච්ච හැඩක් නොපෙනෙන ලයක.. සොච්චමට විකිණිච්ච… නමක් නැති චිත්‍රයක……”

සංජිව්ගෙයි චාම්ගෙයි මේ වචන වලට හේතූ වුන  ඔවුන් ජීවිතේ අත්දැකපු ලොකු කතාවක් හැම සින්දුවකම තිබුණා.චාම් ඒ කාලේ  ඒ අත්දැකීම් විස්තර කරන විලාසයට ඒ දවස්වල මං හරිම කැමැතියි. අද මුළු රටම ඇයගේ හඬට කැමතියි.

චාම්….

“මට ඕන නිදහසේ ජිවත් වෙන්න අක්කා… මහා බරක් ඔලුවට ගන්න බෑ.. බොරුව අපිව හිර කරනවා…..ඒත් ඇත්ත අපිව නිදහස් කරනවා……”

මේ පුංචි කෙල්ල  කිව්වේ මහා පරිණත  ගැහැනියක් වගේ.

“කොරෝන කාලේ අපට විශේෂ වැඩකුත් තිබ්බේ නැති නිසා අපි දෙන්න එකතු වෙලා මේ නිර්මාණ ටික කළා.”චාම් බෝලෙ” සින්දුව ඔහු නිර්මාණය කළේ මා වෙනුවෙන් . සුවිශේෂී දවසක ඔහු මාව පුදුම කළා… ”

“අපිත් යනවා දවසක ලී කූඩුවේ..
එතෙක් විඳිමු අපි මේ ජීවිතේ……”

ඔවුන් දෙදෙනගේසුවිශේෂීම දිනයේ මුල්ම වරට චාම්වත් පුදුම කරමින් ඒ ගීතය ගායනා කළ සංජීව් ඇයට අනාගත දුර්ග ගමනට ආරාධනා කළේ එහෙම.  ඒ බරසාර ආරාධනාව ඇතුළේ අපට හිතන්නට බොහෝ දේ තියනවා.

“පපුව ඇතුළෙ චේ ගුවේරා ඕෂෝ දළලයි ලාමා…” මහා දර්ශනයක් සහිත ඒ පද පෙළනම් සංජීව්ට ලියලා දුන්න අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවො… මේ පද පෙළ අත්හැරලා සංජීව් සහ චාම් ගැන කතා කරන්න බෑ.   මහා ගැඹුරක් දැනෙන අමු පදටික ගැන  සංජීව් කතා කළා.

“ඔයාලට ඕන විදිහටම හාමුදුරුවෝ මේ සිංදුව ලිව්වේ කොහොමද..?

“අත්තිඩියෙ  පුඤ්ඤරතනහාමුදුරුවෝ… ඒ උන්වහන්සේගේ පරිකල්පන ශක්තිය. හාමුදුරුවෝ දැනට වැඩ ඉන්නේ ඇමරිකාවේ. මාත් එක්ක සෑහෙන කාලෙක ඉඳලා ලොකු හිතවත්කමක් තියෙනවා. ඒ හඳුනා ගැනීම තුළයි සින්දුව ලියවෙන්නේ…. ඒ වගේම ජෝන් දිනේෂ් මගේ මිත්‍රයා,   තබ්ලාව ගහන  ඉසුරු මදුරින්ද ඇතුළු මේ ගමන යන්න මට උදව් කරන හැමෝටම ගොඩක්  ආදරෙයි..”

සංජීව් අන්තිමට කීවෙ එහෙම. ඔහුගෙ හැම වචනයම ආදරණීය බවක් තියෙනවා .

“ඉස්සරහට තව ලස්සන වැඩ  ටිකක් තියෙනවා. සංජීව්ගෙ පිටිපස්සෙන් ඉන්නව මිසක මට ඊට වඩා සතුටක් ජීවිතේ නැහැ .ඒ හැර මං වෙන යමක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ”

චාම් ගෙ  බලාපොරොත්තුව එහෙම වුණාට ඇය සඳක් වගේ බබලන එක වලක්වන්න  බැහැ.සංජීවගේ ශක්තිය චාම්.සංජීව්ගෙ  හැමදේම  පිටුපසින් ඉන්නේ ඇය. ඒ රහස ගොඩක් අය දන්නේ නැහැ.

මට  එක සිදුවීමක් මතක් වෙනවා. හිටපු ඉස්කෝලෙන් මට ස්ථාන මාරුවක් ලැබුණු දවසේ වැඩිපුරම තෙත් වුනෙ චාම් ගේ ඇස් දෙක.

“අපි කවදාවත් මඟ හැරෙන්නෙ නෑ අක්කා..”

කඳුලු අතරින් හිනාවෙමින් ඇය මාව වැළඳ ගනිමින් එහෙම කීවා…….

ඇයට  සමුදෙන මොහොතේ ඇය මගේ අත තදින් අල්ලාගෙන හිටියා. ඒ අල්ලා ගැනීම කොච්චර ද කියනව නම් ගෙදර ඇවිත් බලද්දි මගේ අත චාම්ගෙ ඇඟිලි පාරට නිල්පාට වෙලා තිබුණා. මං ඒ තැලුම් පාර සිප ගත්තා. ඉතාම කෙටි කාලයකින්  ඒ තරම් හදවතින් බැඳුන චරිතයක් මට මගේ ජීවිතයෙ මුනගැහිල නැහැ. ඇය ඇගේ සමීපතමයන්ට  එදාටත් වඩා   අද සෙනෙහෙබරයි.

චාම් පොඩි කෙල්ල …..මේ අරඹුම… තව බොහෝ දුර යන්න තියෙනවා.අවංක කම, අව්‍යාජ බව ,සරල බව, නිහතමානී බව තමයි ඇගේ ආභරණ. ඇයට ඔහු සමග බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒක අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලාදේශයට කඩුළු 08ක බිහිසුණු පරාජයක්!

Next Post

අපරාධකරුවෙක් රටින් පන්නන්න හොර ලේඛන හැදූ  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය අත් අඩංගුවට…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.