අමායා උඩුවැරැල්ල –
පසුගිය පෙබරවාරි 18 වනදා ඇමරිකාවේ පැවති 49 වන People’s Choice Awards හී දි වසරේ පිරිමි කලාකරුවාට ( Male Artist Of The Year ) හිමි සම්මානය දිනාගැනීමට සුප්රකට දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ Jungkook සමත් වුනා.
ඒ මෙම සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත් වෙමින්. 26 වන වියේ පසුවන ඔහු මෙම සම්මානයට පාත්ර වූයේ 2023 වසරේ ඔහු නිකුත් කල ඔහුගේ “GOLDEN” ඒකල ගීත ඇල්බමය වෙනුවෙන්.
කෙසේ වෙතත් අනිවාර්ය හමුදා සේවයේ යෙදී සිටින බැවින් සම්මාන උත්සවයට Jungkook සහභාගී නොවූ අතර පසුව ඔහු තම ජයග්රහණය පිළිබඳව රසිකයන්ට ස්තූති කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබුනා