අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලා සිටියි.
අද පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ මෙම මරණය රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදුවූවක් ද යන්න අද දක්වා අපැහැදිලි බවය.
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිය විසින් ද මෙම සැකය මතු කර ඇති බවත්, පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිය විසින් ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවට සහතිකවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
එය මිනීමැරුමක් බව ඔප්පු වුවහොත් එම මරණය පිටුපස සිටිනවුන් සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා අවශ්‍ය දඩුවම් ලබාදීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කීය.