අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

රනිල් පුතා හොඳ ළමයා!

by editor
ජූලි 18, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

රනිල් ජනාධිපති වූ දින රාත්‍රිය ඔහු ගෙවූ අන්දම කිසිවකු හරි හැටි නොදනී. ජනාධිපති රනිල්ගේ පුද්ගලික නිවස ජුලි නවවැනි දා කවුරැන් හෝ ගිනි තබා විනාශ කළ වග ඔබට තවම අමතක නැතිව ඇති. ඒ ගිනිගත් සොදුරු අතීතයෙන් එක්කාසු කොට ගත් සිහිවටන පෙට්ටියක් තවමත් ඔහු සතුව ඇත.

ජනාධිපති රනිල් පෙට්ටිය හාරාවුස්සා රාමු කරන ලද පිංතූර දෙකක් පිටතට ගත්තේය. රැගෙන මේසයක් උඩ තබා වැන්දේය.

“තාත්තෙ මම අන්තිමට කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ. හය පාරක් අගමැති වෙලා. තිස් පාරක් ඡන්දෙ පැරදිලා. යූ.ඇන්.පිය නැතිභංගස්ථාන වෙලා. ඒත් මම කොහොම හරි ජනාධිපති වුණා තාත්තේ” රනිල් ඉකි අතරින් කීවේය.

“රනිල් පුතා හොඳ ළමයා!”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ පිළිතුරැ දුන්නේය.

“මාමෙ, මම මාමගේ බලාපොරොත්තු සුන් කළේ නෑ නේද මාමේ?”

දකුණුපස ඡායාරෑපයේ සිටි සිය මාමා වූ ජේ.ආර්. ජයවර්ධනගෙන් රනිල් කුඩා දරැවකුසේ සහනදායී පිළිතුරක් බලාපොරොත්තු වූයේය.

“බොහෝම හොදයි. බොහෝම හොදයි. ඔය පුටුව දිගටෝම අල්ලගෙන ඉන්න පුළුවන් වුනොත් බොහෝම හොදයි” ජේ.ආර්. කීවේය.

“තාත්තට මතකද මම පහේ පන්තියේ ඉදිද්දි පන්තියේ අන්තිමයා වුණු වෙලේ තාත්තා දීපු උපදේසෙ?” රනිල් පියාගෙන් ඇසුවේය.

“ඔව් මට හොදට මතකයි. මම කිව්වා උඹ හොදයි රටේ නායකයා වෙන්න කියලා” පියා කීවේය.

ජේ.ආර්. මුවගින් විසුළු හිනාවක් පෑය.

“දිනේෂ් ගුණවර්ධනයි අනුර බණ්ඩාරනායකයි දෙන්නම රෝයල් කොලීජියේ උඹේ පන්තියේ හොදම යාළුවො වෙච්චි. පන්තියෙ අන්තිමයා වෙන්න බොලා තුන්දෙනා අතර මාරාන්තික සටනක් නොවැ තිබුණේ! බොට මතකෙයි මම එවෙලේ දුන්නු උපදේසෙ?” ජේ.ආර්. රනිල්ගෙන් ඇසුවේය.

“මතකයි මාමේ මතකයි. ඒ උපදේසේ තමයි මම මුළු ජීවිත කාළෙම විශ්වාස කරලා වැඩ කළේ. ස්තූතියි මාමේ” රනිල් නැවත වරක් වැන්දේය.

“මොකක්ද ඒ උපදේසේ?” පියා ඇසුවේය.

එතෙක් හඬමින් සිටි රනිල් ද පිංතූරයේ උන් ජේ.ආර්.ද එක් වර කොක් හඬලා සිනාසීමට ගත්හ. දකුණත් ඉහළට ඔසවා පහක් දැමූහ.

“මම කොල්ලට කිව්වා, ‘පුතා ඉගෙන ගනිං ගහන්න ගේම්. හොදම යාළුවටවත් නොරේරෙන්න ගහපං ගේම්. ගේම් නම් ගේම්. ජීවිතේම ගේම්. ගේම් කියන වචනේ සිංහල තේරුම රනිල්’ වෙනකම් ගහපං ගේම්’ කියලා”

මාමා සහ බෑණා නැවත කොක් හඬලා සිනාසුනහ. එස්මන්ඩ් එරෙව්වේය.

“ඒ වැඩේ නම් හරියට හරි මාමේ. දැන් ලංකාවේ ඕන එකෙක් දන්නවා රනිල් සමානයි ගේම් කියලා” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“එතකොට ඔය ගේම් ගහන්න ගිහිං යූ.ඇන්.පි.ය ගේමෙන් එළියට විසිවුණු එකට ඔහේ මක්කැයි කියන්නේ?” එස්මන්ඩ් අමනාපයෙන් ජේ.ආර්.ගෙන් විමසා සිටියේය.

“මක්කා කියන්නද නේද කොල්ලෝ? තාම ගේම් ඉවර නෑනේ!” මාමා බෑණාට ඇසක් ඉඟි මැරැවේය.

“තාත්තේ! මාමේ! මම ඔයාලට ආඩම්බරයක් වෙන්න නම් තව මොනවද කරන්න ඕන?” රනිල් දිරියෙන් විමසුවේය.

“මේ අවුරැදු දෙකහමාරයි තව දහයකුයි කොහොම හරි අල්ලං ඉන්න බලහං කොල්ලෝ. මහඡන්ද ජනාධිපතිවරණ බොට දිනන්න බැරි නම් ජනමත විචාරණ හරි තියලා දිනපං. අර නැක්ලහිට්ස්කාරයෝ, උඹේ වචනෙන්නම් පැසිස්ට්කාරයෝ ටිකගේ පක්ෂ තහනම් කරලා දාපං. ඒත් බැරිනං රොහාන් විජේවීර යවපු ලෝකෙටම යවපං. මතකෙයි ඒ කාලේ අපි යාපනේ පුස්තකාලෙට ගිනි  තියපු අපූරැව? ඉතිං උඹේ අර මහ ලොකු පුස්තකාලෙට හරියන්න රටේ තියෙන පුස්තකාල ඔක්කොමත් ගිකි තියලා දාපං. නැත්තං උඹ මගේ බෑණා නෙමෙයි”

ජේ.ආර්. උපදෙස් දී හමාර වුණු විට රනිල් සිය පියා දෙසට හැරැණේය.

“පුතේ මට තියෙනවා උඹෙන් එකම එක ඉල්ලීමක් කරන්න” පියා කීවේය.

“කියන්න තාත්තේ. ඕන දෙයක් කියන්න. මම කරන්නම්. මම දැන් ජනාධිපති” රනිල් ආඩම්බරයෙන් කීවේය.

“මටයි උඹේ අම්මටයි මේ ලෝකෙ සැනසිල්ලෙ ඉන්න ආසයි. සාමදානයෙන් සැතපේවා කියලා සොහොනෙ ගැහුවට උඹ කරන වැඩවලට මිනිස්සු අපිව අමතන ඇමතිල්ලට අපිට නිවනක් නෑ බං. ඒ නිසා 20 වෙනිදට ඔය ජනාධිපති අටමගල වෙන කාටහරි දීලා වෙන අතක් බලාගනිංකො”

රනිල් සිය පියාට දුන් පිළිතුර මෙහි සදහන් කළ නොහැක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියවැලකට හසුව මීටර 800ක් දුර මුහුදේ ගිලෙමින් සිටි රුසියානුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනේ…

Next Post

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමති පුතෙක්!

Related Posts

colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
colum
කොලම

රටක් වෙනුවෙන් අටක් හිරේ!

ජූනි 24, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.