අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

රටක් වෙනුවෙන් අටක් හිරේ!

by editor
ජූනි 24, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

අරගලයේ නියෝජිතයින් අට දෙනෙකු අත්අඩංගුවටගැනීමට වඩා අද දින වන විට රටේ ජනතාවගේ අවදානය යොමු වී ඇත්තේ හිරුනිකාගේ පියයුරුවලට සහ ඔස්ට්‍රේලියා ශ්‍රි ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය වෙතය.

මැයි නව වෙනිදාට පෙර ජනතාවට වැඩිම විනෝදයක් සැපයූවේ අරගලයය. ඒ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් වෙනත් පිරිසක් වීදියේ සටන් වදිනු දැකීමෙනි. එහෙත් දැන් මේ විනෝදයේ කේන්ද්‍රය විතැන් වී ඇත. එසේ නොවී මාසයකට පෙර සිදුවූවා නම් මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ රටේ උනන්දුව පිහිටන්නේ වෙන තැනක.

“ඔය අරගලේ ඉන්න උන්ට තෙරෙන දේශපාලනයක් තියෙනව ද?” ඊයේ සැතපුම් තුනක් දිගු පෙට්‍රල් පෝළිමේ බවුසරය එනතෙක් කතාවක් ඇරඹිණි.

“එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට දේශපාලනය තේරෙණවද?” ප්‍රශ්නෙට පිළිතුර ප්‍රශ්නයක්ම විය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“ගොල් ෆේස් එකේ කූඩාරම් ගහගෙන කලාගාර, රෝහල්, එළවළු කොරටු හදාගෙන උන් ඉන්නෙ ළමා චිත්‍රපටියක වගේ ෆැන්ටසියක” එදිරිව දෙවැනි අදහසත් මතු විණි.

“පතන ලෝකේ පුංචි ගමක් ඇතුළේ හදන්න හරි උන්ට ෆැන්ටසියක් තියෙනවා. පාර්ලිමේන්තුවේ උන්ගෙ ෆැන්ටසිය අපේ ඡන්දෙන් තමන්ගේ පවුල හදන එක විතරනේ. එතකොට මිනිස්සුන්ගෙ ෆැන්ටසිය නියෝජනය කරන්නේ කවුද?” ත්‍රීවීලරය තල්ලු කරමින් එකෙක් කී.

“දැන් ඔය අරගලේ ඉන්න කොල්ලො කුරුට්ටෝ ටිකට රට බාර දුන්නොත් උන්ට පුළුවන් ද රට කරන්න?” තවත් ප්‍රශ්නයක්.

“දැන් එතන කවුද රට පාලනය කරන්න ඉල්ලුවේ. ඔය පලපුරුදු කෘතහස්ත කියලා වචනේ තේරුමත් බොරු කරන මහ තක්කඩි දේශපාලකයෝ රට පාලනය කරලා දැන් මේ දීලා තියෙන සැප මදිද?” බයිසිකලයකින් නොබැසම එකෙක් කීය.

“ඒ වුණාට අරගලය දැන් අවිහිංසාවාදී නෑ කියලා තමයි මගේ හිතේ” හිතේ තව ගොඩක් අදහස් ඇති කෙනෙක් මුට්ටිය විතරක් එළියට දැම්මේය.

“අරගලේට ගහන්න මැරයෝ යවලා රට ගිනි තියපු එකත් දැන් කියනවා අරගලය සාමකාමී නෑලු. සති දෙකෙන් ලාංකිකයන්ට ඔක්කොම අමතක වෙනවා කිව්වට මැයි නවවෙනිදා වෙච්චි දේ අපි කාටත් අමතක වෙන්නේ නෑ” අතීතය සිහිනයක් පමණයි කීවට ඒක ගීතයක් විතරයි.

“හිරේ යන්න ඕන උන් වටේ යද්දි වෙනස ලඟ එනවා කියලා උන්ගෙ ගෙවල්වල උන්ටවත් තේරෙනවද දන්නෑ. එහෙම නම් දැන්ම ස්වයං රැකියාවක් පුරැදු වුණානම් හරි”

“ඒ වුණාට කීයක් හරි හිගා කන්න IMF යද්දි හිගන්නව ගෙටදාලා දොර වැහුවා වගේ වැඩක්නේ මුදල් අමාත්‍යංශෙ  වට කරගෙන කළේ. වැඩේ කැතයිනෙ මම අහන්නේ. කීයක් හරි හිඟකෑව නම් වෙන කාටද? අපි හැමෝටමනේ?”අයෙක් දුකෙන් කී.

“හිඟා කන්න වෙන තැනට අපිව පත් කරපු එවුන් තාම නිදැල්ලෙනේ? ඉස්සෙල්ලාම උන්ව අත්අඩංගුවට ගත්ත නම් දැන් අරගලයත් නෑ” අලි බබා සහ සොරමුල තවමත් සුපුරැදු ජීවන වෘත්තියේ යෙදෙති.

“ඔය අරගලේ ඉන්න උන් වැඩි දෙනෙකුට කන්න දෙන්නේ උන්ගෙ අම්මලා තාත්තලා. නැත්තං මේ වෙලාවෙ වෙන කවුරැ හරි. ගෙදර බත ඉදෙන හැටි අන්තරේ උන්ට තේරෙන්නෙ නෑ” සැබෑවට ගෑස් පෙට්‍රල් යනු වයස දහ අටට වැඩි වැඩිහිටින්ට පමණක් අදාල මාතෘකාය.

“ගෙවල් ගිනි  ගත්තත් පයිසෙකට කරදර නොවෙන ඇමතිලා ඉන්න රටක ගෙදර ලිප ගිනි මෙලෙවෙන  හැටි ඕන ළමයෙකුට තේරෙනවා. ඒක නොතේරෙණ එකම ගෙදර පාර්ලිමේන්තුව විතරයි. උන්ව එළියට දාන්න ඕන එතැනින්” දේශපාලකයින්ගේ නිවෙස් ගිනි තැබීම පලක් නොවන්නේ ඒවා යළි පිළිසකර කරන ව්‍යාපාරික මූලස්ථානය හා සල්ලි උල්පත පාර්ලිමේන්තුව නිසාය.

“පාර්ලිමේන්තුව කියන්නෙ ජනතාවගේ නියෝජනයනේ. ඡන්දදායකයොන්ගෙ අවශ්‍යා වෙනුවෙන් පෙනී හිටින එක එයාලගේ වගකීම නෙමෙයිද?”

“එහෙම තමයි වෙන රටවල. අපේ රටේ එහෙම නෑ. අනික අවුරැදු දෙකකට ඉස්සර උන්ට දීපු ජනවරම දැන් අදාල නෑ. ඒ අය ජනතාව වෙනුවෙන් පෙනී නොඉන්න බව කාටත් දැන් තේරිලා ඉවරයි”

“දැන් හැට නව ලක්ෂෙන් හැට ලක්ෂයක් විතර ඉල්ලා අස්වෙලා. අරගලේ කරන උන්ට නොතේරනව නම් මිනිස්සුන්ටත් දේශපාලනේ තේරෙන්නෙ නෑ. ඒකනෙ මෙහෙම වෙන්නෙ. හැබැයි ඒ අය පෙනී සිටින්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සදහා. පාර්ලිමේන්තුවේ නෙමෙයි එතැනයි දැන් ජනතා නියෝජනය තියෙන්නේ. පණ බේරගන්න වෙන වැඩ කළාට අදහස්වලින් රටම ඉන්නෙ එතැන. රටම අත්අඩංගුවට ගන්න ඕන එකට අටක් හිරේට ගත්තා වගේ දෙයක් මේක”

පෙට්‍රල් පෝළිමේ ඇහුණු මේ කතා බහට ඔබ එකඟ වේවිද මන්දා!

කෙසේ වෙතත් කතා බහ යන අතරේ පොළිම නොසෙල් වී තිබුණත් පෙට්‍රල් මිල තවත් රැපියල් 72කින් ඉදිරියට ගියේය. අප කවුරැත් දැන් හොරුන්ගේ අත්අඩංගුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආර් ප්‍රේමදාස පිටියේ  පැවැත්වෙන  ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගවල ප්‍රවේශපත්‍ර වංචාවක්…  

Next Post

ඉන්ධනහලේ දූෂණයක් වීඩියෝ කළ තරුණයෙකුට ඉන්ධනහල් සේවක මැරයින් පහර දී මරා  දමලා… 

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.