ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග වලදී මුදල් ගෙන ප්‍රවේශ පත්‍ර නොමැති ප්‍රේක්ෂකයන් රංචු පිටින් ඇතුළත් කිරීමේ ක්‍රියාපිළිවෙතක් ඇතැම් පොලිස්, හමුදා හා ආරක්ෂක නිලධාරීන් විසින් අනුගමනය කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මෙසේ මුදල් ලබා ගෙන ඇතුල් කරන්නේ බොහෝ විට පහළ මාලයේ ප්‍රවේශ පත්‍ර හිමියන් ඉහළ මාල වලට ඇතුළත් කිරීම සඳහා බවද වාර්තා වේ.
මේ අතර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ලබා දෙන නොමිලේ ( Complimentary ) ප්‍රවේශ පත්‍ර පවා ඉහළ මිළ ගණන් වලට ගේට්ටු වලින් පිට අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද සිදුව තිබේ.
අද (23) පැවැත්වෙන පස් වැනි එක්දින තරගයේදීද මෙම කටයුතු ජයටම සිදුවනු ඇතැයිද දැන ගන්නට ඇත.