වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමට නායකත්වය දී ඇත්තේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුතෙක් බව ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටිය දී හදිසියේම ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වන අතර පසුව ඔහු සමගි ජන බලවේගය සමග එක්ව එහි ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරනු ලබයි.
වැඩ බලන ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ ඇමතිවරයාගේ පුත්‍රයා ද සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන බව ඉහත ආරංචි මාර්ග තහවුරු කර ඇත.
නිවස ගිනි තැබීම සිදුකරන අවස්ථාවේ සහ ඊට පෙර එම ස්ථානයේ පැවති උද්ඝෝෂණය සී.සී.ටී.වී දර්ශනවල පටිගත වී තිබෙන අතර එම දර්ශන සම්බන්ධ ආරක්ෂක අංශ පුලුල් පරීක්ෂාවක් සිදුකර තිබේ.
මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.







