ලලිත් චාමින්ද –
හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගොස් සිටි රුසියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (17) රාත්‍රි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරාගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.
බේරාගත් රුසියානු ජාතික විදේශකයින් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වැනිවියේ පසුවෙති. මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇත. ඊයේ පස්වරුවේ දියනෑම සදහා හික්කඩුව පනංගොඩ මුහුදු තිරයට පැමිණ ඇත. මුහුදු තිරයේ දියනාමින් සිටියදි දියවැළකට හසුවි මොහුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.
හික්කඩුව පොලිසියට අනුයුක්තව පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ රාජකාරිකරණ උප පොලිස් පරික්ෂක හේවගේ, පො.කො 94884 චතුරංග යන නිලධාරින් හා නාවික හමුදා ජිවිතාරක්ෂක ඒකකයේ නාවික නැවියින් වන එස් එස් කරුණානන්ද, ආර්.ආර්.එන් රාජකරුණා යන නිලධාරින් විසින් ජිවිතාරක්ෂක බෝට්ටුවක් ආධාරයෙන් මෙම විදේශිකයින් දෙදෙනා බේරාගෙන ඇත.