සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ජනාධිපතිවරුන්ටත් පාර්ට් ටයිම් ජොබ් එකක්!

by editor
මැයි 22, 2020
in කොලම
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

ජනාධිපතිවරයාගේ තුන් මසක නිල වැටුප කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම නිසා, ඔහුගේ ප්‍රතිවාදීන්ගෙ කට වැසුණි.

ඒත් ජනාධිපති වැටුප දැකීමෙන් මගේ කට ඇරුණි. ජනාධිපතිවරයාගේ නිල වැටුප රුපියල් 97,500කි!

මට මගේ මිත්‍රයකු සිහි වී ඔහු ගැන අනුකම්පාවක් උපනි. ඔහු පහේ පන්තියේ සිට සිතා සිටියේ කවදා හෝ රටේ ජනාධිපති බවට පත් වීමටය. මම මේ නරක ආරංචියත් සමග ඊයේ සවස ඔහු බැලීමට ගියෙමි.

මා යද්දී මිත්‍රයා කොට කලිසමක් හා ස්කිනියක් ඇදගෙන එළියට බැසීමට සූදානමින් සිටියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“කොහේද යන්න හදන්නේ මේ වසංගත අස්සේ?” මම ඇසුවෙමි.

“මම යනවා අද ඉදන් කඩේක කොත්තු දාන්න” ඔහු පිළිතුරු බැන්දේය.

“කොරෝනා හින්දා ආර්ථිකේ හොදටම වැටුනා නේද? දේශපාලනයෙන් මුකුත් වාසියක් නැද්ද?” දේශපාලනත් ආදායම් මාර්ගයක් බව පිළිගැනීමට ඔහු ලැජ්ජාය.

“ඒ ගැන නම් කතා කරන්න එපා. ඊට හොදයි කොත්තු ගහනවා” ඔහු තරහින් පිපුරුණේය.

“කොත්තු රස්සාව කරලා ජීවත් වෙන්න පුලුවනැ?”

“කොත්තු ගහන එකාටත් ජනාධිපතිට වැඩිය පඩියක් ලැබෙනවනෙ. මම දේශපාලකයෙන් විශ්‍රාම ගියා” මිතුරාගේ කළකිරීම මට වැටහුනේ එවිටය.

“දේශපාලනයත් කොත්තු ගැහිල්ල වගේ තමා. අපේ පරණ ප්‍රශ්න ටිකම තැටියකට දාලා අනලා, රත්කරලා, අලුතෙන් පාර්සල් කරලා අපිටම දෙනවා. සමහර විට කොත්තු රස්සාව උඹේ අනාගත දේශපාලන ගමනට උපකාරයක් වෙන්නත් පුලුවන්” මම ඔහුගේ සිත සැනසීමි.

“බම්බුව. ලංකාවේ ජනාධිපතිලගේ ළමයි ඔක්කොම ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිහින්, රජයේ විශ්වවිද්‍යාල වලට යනකොට මම හිතුවේ උන් එහෙම කරන්නේ රටට පූර්වාදර්ශයක් දෙන්න කියලා. බලන කොට මුන් හිගන්නොනෙ. දැන් බලපන් උඹේ ළමයා ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙට යවන්න කීයක්‍ ගෙවනවද?”

මම පිළිතුරු නොදී ඇඹරුණෙමි.

“ඉතිං බලපන් ලංකාවේ ජනාධිපති කෙනෙක්ට පුලුවන්ද උඹ ඔය කරන හපන්කම් කරන්න. ඒ මිනිස්සු දුක් විදලා ළමයි හදන්නෙ උඹලට සැප දෙන්න” මිතුරාගෙ හඩෙහි සැගවුණු දුක්බර බවකි.

“හැබැයි කොත්තු බාස් කෙනෙක්ගෙයි ජනාධිපතිගෙයි පඩිය සමාන වුනාම රටේ ආර්ථික සමානාත්මතාව ඒකෙන් ඔප්පු වෙනවා නේද?” මම මිතුරාට ඔහුගේ සමාජවාදය සිහි කළෙමි.

“බම්බුව. දේශපාලන රස්සාවක් කියලා කියන්නේ උඹලම නේද? ඔය හිගන පඩිය හින්දා තමයි හරි හමන් මිනිහෙක් ඔය ජොබ් එකට ඇප්ලයි කරන්නෙත් නැත්තෙ. අනික ඔය පඩියට නම් සිරිසේන වුනත් කළ සේවය මැදෑ”

“හරි දැන් මොකක්ද ඕකට තියෙන විකල්ප?” මිතුරාගේ ජනාධිපති සිහිනය යළි පණ ගැන්වීමට මට උවමනා විය.

“දැන් බලපන් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ කෝච්ගෙ පඩිය මාසෙකට රුපියල් ලක්ෂ හැටයි. ලංකාවටම කෝච් කරන මිනිහගේ පඩිය ලක්ෂයයි. කවුරු කෝච් කළත් පරදින හින්දා ජනාධිපතිට පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට ක්‍රිකට් ටීම් එකේ පුහුණුකරු තනතුරවත් දුන්නොත් සාධාරණයි නේද?” මිත්‍රයාගේ සමාජවාදී සිහිනය මෙන්ම පියවි සිහියද ක්‍රමයෙන් දුරස් වන බව මට දැනුණි.

“ක්‍රිකට් කියන්නේ රට ජාත්‍යන්තරේට ගෙනියන ගේම් එකනේ. තරග නීති නිතර කඩන නිසා, පොලිටික්ස් කියන්නේ අපිට ජාත්‍යන්තරේට යන්න පුලුවන් ගේම් එකක් නෙමෙයිනේ. ඒ හින්දා සාධාරණ වැටුපක් හිතපන්කෝ?” මම යෝජනා කළෙමි.

“ඇමරිකාවේ මධ්‍යම පාංතිකයෙක්ගෙ සාමාන්‍ය වැටුප ලක්ෂ 12-15ක් වෙනවා. ලැජ්ජාවේ බෑ. අඩු ගානේ අපේ ජනාධිපතිට සාමාන්‍ය ඇමරිකන්කාරයෙක්ගෙ පඩියවත් නැත්තන් වැඩක් තියෙනවද?” මිත්‍රයා ඇසීය.

“ඒක නම් ඇත්ත. ජනාධිපතිගේ වැටුප ලක්ෂ පහළොවක්වත් කරන මැතිවරණය පොරොන්දුවක් ගේන්න කියලා දේශපාලන පක්ෂ වලට බල කරමු”

“ව්‍යවස්ථාදායකයයි විධායකයයයි හරීම ඝට්ටනනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුපටත් කෙළවුණු එකේ උන් කීයටවත් ජනාධිපතිගේ පඩිය වැඩි කරන්නෙ නෑ. අනික අනාගතේ හරි ජනාධිපති වෙන්න පුලුවන් එකෙක් ඒ දෙසීය විසි පහේ ඇත්තෙත් නෑනෙ සටන මෙහෙයවන්න” මිතුරා කණස්සල්ලෙන් කීය.

“එහෙනම් අඩුම ගානේ ජනාධිපතිට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න සතියකට පැය විස්සක් අනුමත කරන යෝජනාවක්වත් ගේන්න බල කරමු. නැත්තන් කොහොමද දෙය්යනේ ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ? කවුරු වුනත් රටේ ජනාධිපතිනෙ”

Share77Tweet43
Previous Post

ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් නාවිකයන්  වුණේ ඇයි?

Next Post

වගකීම් නැතිව නිරෝධායන නීති කඩලා…. සජිත්ට එරෙහිව පොලිස් පරීක්ෂණ

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.