සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් නාවිකයන්  වුණේ ඇයි?

by editor
මැයි 22, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
වැලිසර කඳවුර තුළ දුම් මුට්ටි ප්‍රතිකාරය

ශ්‍රි ලංකාව කොවිඩ් මර්දනය අතින් සිටියේ හොඳ තැනකය. මාර්තු මාසයේ 11 වැනිදා පළමු ශ්‍රි ලාංකික කොරෝනා රෝගියා වාර්තා වීමෙන් පසු දියත් කරන ලද කොරෝනා මර්දන මෙහෙයුමේ යම් අඩුපාඩු සිදුරු තිබුණද අපේ සෞඛ්‍ය අංශ ,පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව සිදු කළ සාමූහික ප්‍රයත්නය රෝගීන් ගණන 1047කින්  මේ වන විට සීමා කර ගැනිමට සමත් වී ඇත්තේ මරණ 09කට සීමා කරගෙනය. 

එහෙත් මෙලෙස රෝගීන් දහසේ සීමාව පන්නන්නට වැඩිම දායකත්වයක් දැක්වූයේ නාවික හමුදාවය.මේ වනවිට සිටින අසාදිතයන්ගෙන් අඩක් පමණම නියෝජනය වන්නේ නාවික හමුදාවෙනි. අමිහිරි වුවද එය අප පිළිගත යුතු කතාවකි. කොවිඩ් 19 මර්දනයට එක් වූ සෞඛ්‍ය සේවකයන්, පොලිසිය සහ යුධ සහ ගුවන් හමුදාව තම පිරිස් රෝගයෙන් ආරක්ෂා කර ගනිද්දී නාවික හමුදාවට පමණක් මෙසේ වූයේ ඇයිද යන්න රටම කතා කරන ගැටලුවකි. ඉතා හොඳ චිත්ත සහ කාය ශක්තියක් සහිත සෙබළ පිරිසක් නියෝජනය වන නාවික හමුදාවට මේ අපකීර්තිය කැඳවූයේ කෙසේද යන්න පිළිබඳව නාවික හමුදාව තුළද විවිධ විවේචන ඇත. 

දෙදහස් විස්සේ අප්‍රේල් මස 22 වැනිදායින් පසුව දිනෙන් දින නාවික හමුදා සෙබලුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම අද වනතුරුත් නතර වී නැත. පළමුව නාවික හමුදා සෙබලුන් හතකට ආසාදන ය වු මෙම වෛරසය මේ වන විට නාවික සෙබලුන් 578 දක්වා පැතිර ගොස් ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි.  

වැලිසර නාවික හමුදා කඳවුරේ මහසෙන් බලකායේ සාමාජිකයන් කිහිප දෙනකුට මුලින්ම වැලඳුණු කොවිඩ් 19 වෛරසය , දෙවනුව ගැමුණු බලකායටද තෙවනුව තක්ෂිලා බලකායටද අනතුරුව නාවික හමුදා තාක්ෂණ පුහුණු ඒකකය සහ නාවික හමුදා රෝහල් කාර්යය මණ්ඩලය දක්වා ම ව්‍යාප්ත වී  ඇත. ඒ අනුව මේ වන විට රෝගය වැලඳුණු බවට තහවුරු කර නොගත් එහෙත් රෝග ලක්ෂණ සහිත සහ රහිත  විශාල පිරිසක් නාවික හමුදා කඳවුරු තුළ සිටින බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෝගය මේ තරම් නාවික සෙබළුන් අතර පැතිරීමට බලපා අති කාරණය ලෙස නාවික හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කඳවුරේ සිටින ඉහළ පෙලේ නිලධාරීන් මෙම රෝගය ව්‍යාප්ත වීමේදී ඇති අවදානම් සහගත තැන් පිළිබඳව නොසැලකිලිමත්ව විවිධ පිලිවෙත් අනුගමනය කිරීමය. එයින් එක ආසන්න හේතුවක් බවට පැවසෙන්නේ ‍දේශීය වෛද්‍ය කුමයට අනුව දුම් ඇල්ලීමේ වැඩපිලිවෙළයි. සෙබළුන් 1800ක් පමණ සිටින කඳවුරට මුට්ටි දෙසියක් පමණ ගෙන්වා එක මුට්ටියකින් 45 දෙනකුට පමණ දුම් ඇල්ලීමට කටයුතු කර තිබේ. ආචාර පෙළපාලි පුහුණු ක්‍රීඩාංගනය  වෙත කැදවා මෙසේ එක් මුට්ටියකින් හතලිස් පස් දෙනකු බැගින් යොදවා දුම් ඇල්ලිම සිදු කර ඇත. 

මෙම වැඩසටහනට මුල් තැන ගත්තේ කඳවුරේ ඉහළ නිලධාරියෙකි. ඔහුගේ අදහසක් අනුව, අප්‍රේල් මස විසි අට වැනි දින සිට  මෙම  බෙහෙත් දුම් ඇල්ලීම ගැමුණු බලකායේ නාවික සෙබලුන් දහසකට වැඩි  පිරිසකට සිදු කර ඇත. එහි පැවැති අවිදිමත් බව සහ අනාරක්ෂිත බව සෙබලුන් අතර රෝගය ව්‍යාප්ත වීමට යම් බලපෑමක් කරන්නට ඇතැයි ඇතැමකුගේ මතය වී තිබේ. 

 වැලිසර කදවුරු පරිශුයේ  වෛරස පාලනය කිරිමේ වගකීම නාවික හමුදාපතිවරයා විසින් දෙන ලද්දේ කඳවුරේ බලධාරින් වෙතය. ඔවුන් තම වගකීම නිසි පරිදි සිදු කරනු ඇති බවට   විශ්වාසය තබා නැවත නැවත ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකල බවත් දැනගන්නට තිබේ. එසේ වුවද ඔවුන් වගකීම් විරහිත ආකාරයෙන්ක්‍රියා කර ඇති අතර ඇතැම් සෙබලුන්ද මේ අයුරින් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැඩි තැකීමක් නොමැතිව ක්‍රියා කොට තිබේ. 

නාවික හමුදා රෝහලේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනකුටද මේ වනවිටත් රෝගය අසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් තවත් පිරිසකට රෝග ලක්ෂණ පහළ වී ඇත.  මේ වන විට පීසීආර් පරික්ෂණයට ලක් කොට නැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දැනට පීසිආර් පරික්ෂණ සදහා සාම්පල ලබා ගන්නේ පලපුරුද්දක් නැති පිරිසක් ද යොදවා ඇත්තේ පළපුරුදු වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් ද සිටියදී ය.

කඳවුරේ රෝගීන් සහ නිරෝධායනය වන්නන් අසලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසි පරිදි විනාශ කිරීමකට ලක් නොවීමද කඳවුර තුළ කතා බහට ලක්ව ඇති කරුණකි. මෙම අපද්‍රව්‍ය කසළ වළකට බැහැර කෙරෙන අතර ඒ ආසන්නයේ භට නිල නවාසද පිහිටා ඇත.මැසි මදුරුවන්ද ගැවසෙන මෙම ප්‍රෙද්ශයෙන් වෙනත් රෝග පවා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත්තේ එම කසල නියමිත පරිදි බැහැර නොවන නිසාවෙනි. 

එමෙන්ම නාවික හමුදාව තුළ නිරෝධායන ක්‍රියාවලියම නිසි පරිදි සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම් මත සිදුව නැති අතර ඔවුන් අතර සිටි ආසාදිතයන් හරහා මෙම නිරෝධායනය වූ සෙබලුන්ටද රෝගය ව්‍යාප්ත වී ඇත. 

  සෞඛ්‍ය ආරක්ෂිත  ඇදුම් කට්ටල වරක් පමණක් පාවිච්චි කොට ඉවත දැමිය යුතු වුවද, එම ඇදුම් කට්ටල වරින් වර ක්ලෝරින් වතුරින් සෝදා පාවිච්චි කරන ලෙස දන්වා තිබු හෙයින් ඇතැම් වෛද්‍යවරු පවා මෙම ඇදුම් නැවත පාවිච්චි කර ඇත.

මෙවැනි අවිධිමත් පාලන ක්‍රමවේදයක් සහ නොසැලකිලිමත් බව හේතුවෙන් නාවික හමුදාවට පමණක් නොව රටටම කොවිඩ් අභියෝගය වැඩි කිරීමට හේතු වූ බව පිළිගත යුතුය. දැන් කළ යුත්තේ සිදුවූ වරද ගැනවැටහීමක් ඇති කොටගෙන හැකි ඉක්මනින් නාවික සෙබළුන් මේ අර්බුදයෙන් බේරා ගැනීමය. 

 

Tags: විශේෂ
Share222Tweet43
Previous Post

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

Next Post

ජනාධිපතිවරුන්ටත් පාර්ට් ටයිම් ජොබ් එකක්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.