සිම්බාබ්වේ කණ්ඩායම පරදවා ශ්රි ලංකා කණ්ඩායම කඩුළු 09ක විශිෂ්ට ජයග්රහණයක් අත් කරගත්තේය.
ලකුණු 166ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු 101ක් ඉතිරිව තිබිය දි ඉලක්කය ලබා ගත්තේය.
මනරම් ඉනිමක් ක්රීඩා කළ පැතුම් නිශ්ශංක නොදැවී ශතකයක් ලබා ගනිමින් සිය එක් දින දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හි බුලවායෝ ක්වීන්ස් ක්රීඩා සමාජ ක්රීඩාංනයේ දී අද (02) පැවතියේ සුපි වටයේ වැදගත්ම තරගයකි. සිම්බාබ්වේ කණ්ඩායමත් සිටියේ අපරාජිතවය. ශ්රී ලංකා කණ්ඩායමත් අපරාජිතවය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රි ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.
පිතිකරණයට පැමිණි සිම්බාබ්වේ පිල පන්දු ඕවර 32.2 තුළ සියල්ලන්ම ලකුණු 165කට දැවී ගියහ..
සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු තර්ජනයක් එල්ල කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ මුල සිටම කටයුතු කළහ. පන්දු 57ක දි ලකුණු 56ක් රැස් කළ ශේන් විලියම්ස් සහ පන්දු 51ක දි ලකුණු 31 රැස් කළ සිකන්දර් රාසා හැරුණු විට අනෙක් කිසිම ක්රීඩකයෙක් ලකුණු අතරට නොපැමිණියහ.
කණ්ඩායමේ තුන්වන වැඩිම ලකුණු ගණන වූ ලකුණු 16ට වඩා ශ්රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන් අමතර ලකුණු ගණන වැඩි විය. අමතර ලකුණු ගණන 19කි.
සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ විනාශ කරනු ලැබුවේ ඩිල්ශාන් මධුසංඛ විසිනි. ඩිල්ශාන් පන්දු ඕවර 05ක් පමණක් යවා ලකුණු 15කට මුල් කඩුළු 03ම ලැබුවේය.
විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8.2ක දි ලකුණු 25කට කඩුළු 04ක් දවා ගත්තේය. මතීෂ පතිරණ පන්දු ඕවර 03ක් යවා ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය.
![](http://lankasara.com/wp-content/uploads/2023/07/363223.jpg)
ශ්රී ලංකාව ලකුණු 166ක ජයග්රාහී ඉලක්කයක් සොයා පිටියට පිවිසුනහ.
ආරම්භක පිතිකරු යුවල වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක කණ්ඩායමට කදිම ආරම්භයක් ලබා දුන්නේය. ආම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 103කි. දිමුත් ලකුණු 30කට දැවී ගියේය.
අනතුරුව පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස්ය. කුසල් ක්රීඩා කළේ සිය සගයාට ශතකය ලබා ගැනීම සඳහා තමන් කළ යුතු උපරිම කැප කිරීම සහිතවය.
ඔහු පන්දුවට ආරක්ෂා සහිතව පහර දෙමින් පැතුම් වෙනුවෙන් එක ලකුණ බැගින් පැති මාරු කරගනිමින් ලකුණු 30ක් නොදැවි ලබා ගත්තේය.
ජයග්රහණය සඳහා එක් ලකුණක් ලබා ගැනිමට තිබෙද්දි පැතුම්ට ශතකය වෙනුවෙන් ලකුණු 04ක් ලබා ගත යුතුව තිබිණි. තමන් මුහුණ දුන් අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගනිමින් පැතුම් කණ්ඩායමේ ජයග්රහණය සමග සිය දෙවැනි අන්තර්ජාතික එක් දින ශතකය ද වාර්තා කළේය.
පැතුම් පන්දු 102ක දී හතරේ පහර 14ක් සමගින් ලකුණු 101ක් ලැබුවේය.
තරගයේ වීරයා කඩුළු 04ක් බිඳ දමමින් සිම්බාබ්වේ ඉනිම සුන් කළ මහීෂ් තීක්ෂණය.
මේ වනවිට ශ්රි ලංකා කණ්ඩායම ලකුණු සටහනේ අපරාජිතව ඉදිරියෙනි.