බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල්දෙණියේ රිය පොලෙන්  ඩිෆෙන්ඩර් පැන්නූ කතාවේ මුල මැද අග!

by editor
ජූලි 2, 2023
in පුවත්
කොල්ල කන ලද ඩිෆෙන්ඩර් රථ..

කොල්ල කන ලද ඩිෆෙන්ඩර් රථ..

Share on FacebookShare on Twitter

පසුගිය  29 දා සවස 3ට පමණ තෙල්දෙණිය කෙන්ගල්ලේ පිහිටි අශාන් ට්‍රේඩර්ස් නැමැති වාහන අලෙවි ස්ථානයෙන්  ඩිෆෙන්ඩර් රථ තුනක් සහ  කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයක් පැහැර ගැනීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මධ්‍යම පළාත් සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී  කමල් අජිත් කුමාර බෙලිගොල්ලගේ ගේ පුතා ඇතුළු සිව් දෙනා තෙල්දෙණිය දිසා අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කළේය. අනතුරුව    ඔවුහු මෙම මස 05 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

පොලී මංගල උකස් ගත් රථ

සැකකරුවන් විසින් පැහැර ගෙන තිබුණේ මීට වසරකට පමණ පෙර සිය කාර්යාලය තුළ දී වෙඩි තබාගෙන සිය දිවි නසා ගත් පොලී මංගල නැමැති ව්‍යාපාරිකයාගේ රිය පොලෙහි තිබූ වාහන 04කි.  පොලී මංගල ජීවත්ව සිටි සමයේ දී වාහනත් උකස් ගත්තේය. පැහැර ගත් වාහනවලින් කේ.ඩී.එච්. වෑන් රථයත්, ඩිෆෙන්ඩර් දෙකකුත් ඔහු ජීවත්ව සිටි කාලයේ දි උකස් ගත් වාහනය.

කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථය උකස් කර තිබුණේ  හලාවත ප්‍රදේශයේ දේවාලයක කපුවෙකි.       ඩිෆෙන්ඩර් රථ දෙකක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින්  ඔහුට උකස් කර තිබිණි.   එක් ඩිෆෙන්ඩර් රථයක් පොලී මංගල විසින් මිලදී ගෙන තිබුණු එකකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර පැය 24 ක රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගත්තේය.   අනතුරුව ඔවුන් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිද්ධියේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. අනතුරුව   සැකකරුවන් ඊයේ (01) තෙල්දෙණිය දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තේය.

ඩිෆෙන්ඩර් රථ

පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ  තුනෙන් දෙකක් පොහොට්ටුවේ  හිටපු පළාත් සභා මන්ත්‍රී  කමල් අජිත් කුමාර බෙලිගොල්ලට අයත් වත්තේගම පොලිස් වසමේ පල්ලේගම දොරගමුව ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ගරාජයේ සඟවා තිබී සොයාගනු ලැබුවේය.   අනෙක් ඩිෆෙන්ඩර් රථය සොයා ගනු ලැබුවේ නිට්ටඹුව වතුපිටිවල ප්‍රදේශයේ නිවසක තිබියදී ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පැහැරගත් වාහන වල වටිනාකම රුපියල් ලක්ෂ 770 ක් බව අනාවරණය වී තිබේ.

කෑලි ගලවමින් තිබූ ඩිෆෙන්ඩර් රථ…

කොල්ලය මෙහෙයවීම

කොල්ලය මෙහෙයවා ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවෙකු විසිනි.   ඒ සඳහා ගරාජයේ  සේවකයින් කිහිප දෙනෙකු සමඟ  බාබර්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධ වී ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ගරාජ් හිමිකරු වාහන පැහැරගෙන ඒවා හි කොටස් වෙනත් වාහන වලට බද්ධ කර විකුණන අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවත් ඒ අතර වාහන පැහැර ගැනීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු  සිටින බවත් දැන ගන්නට ඇත.

වාහන කොල්ලය සිදුකළ අවස්ථාවේ සැකකරුවන් වාහන අළෙවි ස්ථානයේ තිබූ ජංගම දුරකතනයක් ද රැගෙන ගොස් තිබෙන අතර ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

පැය කීපයක් පරක්කු වුනා නම්  හොයලා ඉවරයි

කොල්ලය සිදුවී පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හඳුනාගෙන වාහන සොයා ගැනීමට හැකිවීම නිසා ඒවාහි කොටස් ගලවා මුහුණුවර වෙනස් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. යම් හෙයකින් තවත් පැය කිහිපයක් ප්‍රමාද වූයේ නම් මෙම වාහන සොයා ගැනීම පවා දුෂ්කර වනු ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී පලිහවඩන   ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා පිලට කඩුළු 09ක විශිෂ්ට ජයක්…

Next Post

කාලා බිල ගෙවන්නේ නැතිව හෝටල් සේවකයන්ටත් ගහලා ගිහින්… ප්‍රවීන ගායක සමන් ද සිල්වා ඇතුළු පිරිසකට එරෙහි පොලිස් පැමිණිල්ලක්..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.