බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා පිලට කඩුළු 09ක විශිෂ්ට ජයක්…

by editor
ජූලි 2, 2023
in ක්‍රීඩා, පුවත්
Pethu-Nishshanka

පැතුම්ගෙන් ශතකයක්...

Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ කණ්ඩායම පරදවා ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 09ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.

ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක්  හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු 101ක් ඉතිරිව තිබිය දි ඉලක්කය ලබා ගත්තේය.

මනරම් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක නොදැවී ශතකයක් ලබා ගනිමින්  සිය එක් දින දිවියේ දෙවැනි ශතකය  වාර්තා කළේය.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හි බුලවායෝ ක්වීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංනයේ දී අද (02) පැවතියේ සුපි වටයේ  වැදගත්ම තරගයකි. සිම්බාබ්වේ කණ්ඩායමත් සිටියේ අපරාජිතවය. ශ්‍රී ලංකා කණ්ඩායමත් අපරාජිතවය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පිතිකරණයට පැමිණි  සිම්බාබ්වේ පිල පන්දු ඕවර 32.2 තුළ සියල්ලන්ම ලකුණු  165කට දැවී ගියහ..

සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුල සිටම කටයුතු කළහ.  පන්දු 57ක දි ලකුණු 56ක් රැස් කළ ශේන් විලියම්ස් සහ පන්දු 51ක දි ලකුණු 31 රැස් කළ සිකන්දර් රාසා හැරුණු විට අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු අතරට නොපැමිණියහ.

කණ්ඩායමේ තුන්වන වැඩිම ලකුණු ගණන වූ ලකුණු 16ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන් අමතර ලකුණු ගණන වැඩි විය. අමතර ලකුණු ගණන 19කි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ විනාශ කරනු ලැබුවේ ඩිල්ශාන් මධුසංඛ විසිනි. ඩිල්ශාන් පන්දු ඕවර 05ක් පමණක් යවා ලකුණු 15කට  මුල් කඩුළු   03ම  ලැබුවේය.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8.2ක දි ලකුණු 25කට  කඩුළු 04ක් දවා ගත්තේය.  මතීෂ පතිරණ පන්දු ඕවර 03ක් යවා ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය.

ලකුණු 25ට කඩුළු 04ක්… තරගයේ වීරයා මහීෂ් තීක්ෂණ..

ශ්‍රී ලංකාව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා පිටියට පිවිසුනහ.

ආරම්භක පිතිකරු යුවල වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක කණ්ඩායමට කදිම ආරම්භයක් ලබා දුන්නේය. ආම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 103කි. දිමුත් ලකුණු 30කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස්ය. කුසල් ක්‍රීඩා කළේ සිය සගයාට ශතකය ලබා ගැනීම සඳහා තමන් කළ යුතු උපරිම කැප කිරීම සහිතවය.

ඔහු  පන්දුවට ආරක්ෂා සහිතව පහර දෙමින් පැතුම් වෙනුවෙන් එක ලකුණ බැගින් පැති මාරු කරගනිමින් ලකුණු 30ක් නොදැවි ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා එක් ලකුණක් ලබා ගැනිමට තිබෙද්දි පැතුම්ට ශතකය වෙනුවෙන් ලකුණු 04ක් ලබා ගත යුතුව තිබිණි. තමන් මුහුණ දුන් අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගනිමින් පැතුම් කණ්ඩායමේ ජයග්‍රහණය සමග සිය දෙවැනි අන්තර්ජාතික එක් දින ශතකය ද වාර්තා කළේය.

පැතුම් පන්දු 102ක දී හතරේ පහර 14ක් සමගින් ලකුණු 101ක් ලැබුවේය.

තරගයේ වීරයා කඩුළු 04ක් බිඳ දමමින් සිම්බාබ්වේ ඉනිම සුන් කළ මහීෂ් තීක්ෂණය.

මේ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම  ලකුණු සටහනේ අපරාජිතව ඉදිරියෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුතු රාජා සුවයෙන් සිය රටට පා තබයි!

Next Post

තෙල්දෙණියේ රිය පොලෙන්  ඩිෆෙන්ඩර් පැන්නූ කතාවේ මුල මැද අග!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.