ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් නිවේදනය කර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයකට යටත් කිරිමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර තරඟයකදී ක්‍රීඩකයෙකු, ක්‍රීඩා සහායකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරඟ තීරකයෙකු පුද්ගලිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩ කිරීම සම්බන්ධයෙන් හසරංග වැරදිකරු වී තිබිණි.
අයි.සී.සි චර්යා ධර්ම සංග්රයහ ප්‍රකාරව මාස 24ක කාලයක් තුළදී රැස්කරගත් අප්‍රසාද ලකුණු සංඛ්යාවලකුණු හතරක් හෝ වැඩි ගණනක් කරා ළඟා වූ විට එම ලකුණු අත්හිටුවීමේ ලකුණු බවට පරිවර්තනය කර ක්‍රීඩකයෙකු තහනම් කරනු ලැබේ. හැනිබල් විනිසුරුවරයා සමග ඇති වූ ගැටුමත් සමග ඔහු රැස්කරගත් අප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 05 දක්වා වැඩි විය. හසරංගගේ අප්‍රසාද ලකුණු 5 අත්හිටුවීමේ ලකුණු දෙකක් බවට පරිවර්තනය වීම නිසා තරග දෙකක් අත්හිටුවා තිබිණි. ඒ හේතුවෙන් තරග දෙකක් තහනම් වූ හසරංගට අනතුරුව තවත් අප්‍රසාද ලකුණු 03ක් එක් කිරීමට අයි.සී.සී.ය තීන්දු කර තිබිණි. ඒ අනුව මාස 24ක් තුළ සිදුකරන එක් විනය විරෝධී ක්‍රියාවකින් හසංරග ට යළිත් ක්‍රීඩා තහනමකට ලක්වීමට සිදුවන්නේය.
අත්හිටුවීමේ ලකුණු දෙකක් එක් ටෙස්ට් තරගයකට හෝ එක්දින හෝ T20I තරඟ දෙකක තහනමකට සමානය. ඒ අනුව හසරංගට ලබන මාසයේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු T20I තරඟ දෙකෙන් අත්හිටුවා ඇත.
තරගය අවසන් වීමෙන් පසු හසරංග විනිසුරු ලින්ඩන් හනිබල්ගේ තීරණයක් සම්බන්ධයෙන් විවේචනය කිරීමට ඔහුට මුහුණ දුන් අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය.
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මානුල්ලා ගුර්බාස්ට ද දඬුවම් නියම වී තිබේ. එම තරඟයේදීම ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් ඔහුට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර ඇත.
ක්‍රීඩකයන් දෙදෙනාම වැරදි පිළිගත් අතර එමිරේට්ස් ICC තරඟ තීරක මණ්ඩලයේ ක්‍රිස් බ්‍රෝඩ් විසින් යෝජනා කරන ලද සම්බාධක පිළිගත්හ. ඒ නිසා විධිමත් නඩු විභාගයක් අවශ්‍ය නොවීය.
පිටියේ විනිසුරුවන් වන ලින්ඩන් හැනිබල් සහ රවීන්ද්‍ර විමලසිරි, තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ සහ සිවුවැනි විනිසුරු රැන්මෝර් මාටිනස් ක්‍රීඩකයින්ට චෝදනා එල්ල කළහ.