අයි.පී.එල්. තරගාවලිය සඳහා එක්සත් ආරාබි එමිර් වෙත ගිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමාජිකයන් හා ක්‍රීඩකයන් ඇතුළු 13 දෙනෙකුට එහි ගතකළ නිරෝධායන කාලය තුළදී කළ පී.සී,ආර්. පරීක්ෂණ ප්‍රකාරව කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන් අතර චෙන්නනයි සුපර්කිංස් ක්‍රීඩක සුරේෂ් රයිනා ද වන බව වාර්තා වේ. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ සාදයක දී මොවුන් අතර රෝගය පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට පුද්ගලික හේතුවක් බව පවසමින් සුරේෂ් රයිනා නැවත ඉන්දියාවට ගොස් ඇත. චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ඇතුලු ක්‍රීඩකයන් රයිනා නැවත පිටත්වීම සම්බන්ධයෙන් මවිතය පල කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් සුරේෂ් රයිනා කොවිඩ් ආසාදිතයෙක් බවට වූ ප්‍රකාශයක් මේ වනතුරුත් ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් සිදුකර නැත.