දිනසේන රතුගමගේ –
අතුරුදහන් වූවන් පිළිබදව ජාත්‍යන්තර දිනය යෙදී තිබෙන අගෝස්තු 31 දා සිහි කිරීම සඳහා වවුනියාවේ සංවිධාන රැසක් එක්ව විරෝධතාවයක් දියත් කොට තිබුණි.
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන ඥාතී සංගමයේ වවුනියා දිස්ත්‍රික් සභාපතිනී කාසිපිල්ලෙයි ජෙයවනිතා කියා සිටියේ තම සංවිධානය මේ වන විට දින 1289 ක කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් බලයට පත් වූ රජයන් තුනකින්ම ඉල්ලා සිටින බවයි.
මේ දක්වාම ඊට විසඳුමක් නොමැති නිසා තම සංවිධානය මුලතිව් කිළිනොච්චි මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල පිහිටි සංවිධාන හා එක්ව තීරණය කළේ මේ දිනවල විරෝධතා පවත්වා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට නැවතත් සන්දේශයක් යවා මේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කිරීමට බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයත් තවත් රටවල් කීපයකුත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවට මීට ඉහත දී පොරොන්දු වුණු නමුත් මේ දක්වා ඊට මැදිහත් වීමක් සිදුනොවූ බවද ජෙයවනිතා සභාපතිවරිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා හා විෂය බාර අමාත්‍යවරයා මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දෙන බව පවසා සිදු කළේ ඒ සම්බන්ධයෙන් වූ කාර්යාල පිහිටුවීම් පමණක් බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංගමය කියා සිටියි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස් කිරීම අනවශ්‍ය බවත් මැක්ස්වල් පරණගම කොමිසම විසින් සියලු තොරතුරු රැස් කොට අතුරුදහන් වූ සියලුම දෙනා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නිසා ඕනෑම අයෙකුට එම විස්තර අනුව කටයුතු කළ හැකි බවද එම සංගම් විසින් අතුරුදහන් වූවන් පිළිබදව වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.