සිම්බාව්වේ බුලවයෝහි පැවැත්වෙන ශ්රී ලංකා අයර්ලන්ත තරගයේ මුල් ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 325ක් ලබා ගත්තේය.
මෙම තරගාවලියේ පළමු වරට ශ්රී ලංකා කණ්ඩායම මුලුමනින්ම දැවී ගියේය. ඒ 49 වැනි ඕවරයෙ 5 වැනි පන්දුවේදී ය. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
අද තරගයේ දි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 103ක දි 4 පහර 08ක් සමගින් සිය ශතකය වාර්තා කළේය. සධීර සමරවික්රම පන්දු 86ක දී ලකුණු 82ක් රැස් කළේය.
![](http://lankasara.com/wp-content/uploads/2023/06/362697.jpg)
චරිත් අසලංක ලකුනු 38ක්. ප්රභාත් නිශ්ශංක ලකුණු 20ක් ලැබුවේය. ධනංජය ද සිල්වාට සිය අර්ධ ශතකය අත්හැරුනේය. ඔහු පන්දු 35ක දි නොදැවී ලකුණු 42ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තික්ෂණ ලකුණු ලැබුවේ නැත.
ලකුණු 326 ක ජයග්රාහී ඉලක්කයක් සොයාගෙන අයර්ලන්තය ස්වකීය ඉනිම අරඹා තිබේ.
පන්දු යැවීමේ දි මාර්ක් ඇඩෙයාර් ලකුණු 46කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. බෙරී මැකාර්ති ලකුණු 56ට කඩුළු 03ක්, ගරෙත් ඩැලනි ලකුණු 52ට කඩුළු 02ක් බිඳ හෙළුවේය.