මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු මහනුවර පොලිස් මුලස්ථානයේ සිරමැදිරියක් තුළ රඳවා සිටියදී අද (25) පෙරවරුවේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.
පොලිස් උප සේවා රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සැකකරු සිරමැදිරිය තුළ ගෙළ වැළලාගෙන සිටිනු දැක වහා ක්‍රියාත්මක වී ඔහු බේරා ගැනීමට උත්සාහ කර තිබේ.
තමන් ඇඳ සිටි සරමේ පටියක් ඉරා සැකකරු ගෙළ වැලලා ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ එච්.එම්. රම්බණ්ඩා නැමැති කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු දිවයිනේ නම නමගිය අපරාධකරුවකු ලෙස ලේඛන ගත කර සිටි අයෙක් බවත්, වසර 15 ක පමණ කාලයක සිට මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය පවසයි.
ගෙවල් බිඳුම් හා දේපළ සොරා ගැනීමේ සිද්ධීන් 60 ක පමණ සැකකරුවෙකු වන අදාළ පුද්ගලයාට එරෙහිව මහනුවර අධිකරණයේ විභාග වන නඩු 12 ක් සඳහා වරෙන්තු නිකුත් කරන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිර මැදිරිය තුළ ගෙළ වැලලා ගෙන සිටි සැකකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් කරන විටත් මිය ගොස් සිට ඇතැයි වාර්තාවේ
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ දී සිදුකිරීමට නියමිතය