බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

නිවර්තන කුණාටුවේ පඩුපුල් අසුන ‘බෙංගාල බොක්ක’ ද?

by editor
මැයි 19, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter
බෙංගාල බොක්ක

T”බෙංගාල බොක්ක යනු නිවර්තන ජලයේ විස්තාරණයකි. ජනවාරි ශීත කාලයේ දී එය සන්සුන් ලෙස නිශ්චලව නිල් පැහැයෙන් බබළයි. එහෙත් ගිම්හාන වර්ෂාවේ උච්චතම අවදියේ දී එය කෝපාවිෂ්ඨ වී කැළඹිලි සහිත වේ” බෙංගාල බොක්ක පිළිබද මෙලෙස සඳහන් කර ඇත්තේ හාවඩ් විශ්ව විදවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන්ම ඉතිහාසඥයකු වූ   සුනිල් අම්රිත් මහතායි. ඔහු පවසන්නේ මෑත දශක කිහිපය තුළ බෙංගාල බොක්කෙහි දැඩි සුළි සුළං සංඛ්‍යාතය ඉහළ ගොස් ඇති බවයි.

බෙංගාල බොක්ක යනු ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, අන්දමන් දූපත්, බංග්ලාදේශය හා නිකොබා දූපත්වලට මැදිව පිහිටි ලොව විශාලතම බොක්ක ලෙස හැඳින්වෙන විශාලතම ජල කලාපයයි.  මිලියන 500 ක ජනතාවක් එය වටා ඇති වෙරළ තීරයේ ජීවත් වේ.
මෙය ලෝක ඉතිහාසයේ මාරාන්තික නිවර්තන සුළි සුළං බහුතරයක ජන්ම භූමිය බව ඉතිහාසයේ  සිට පැවතෙන සාක්ෂි ඕනෑතරම් ය. කාලගුණ අංශ විසින්  කරන ලද ලැයිස්තුගත කිරීමටකට අනුව, වාර්තාගත මාරාන්තික නිවර්තන සුළි සුළං 35 න් 26 ක්ම බිහිවී ඇත්තේ මෙහි දී ය.
“බෙංගාල බොක්ක ප්‍රබල සුළි කුණාටු පිළිබද උදාරණවලින් පිරුණු භූගෝල විද්‍යා පෙළපොතක් මෙනි” යැයි කාලගුණ විද්‍යාඥ සහ කාලගුණ භූගත සමඟ ලේඛක බොබ් හෙන්සන් පවසා තිබේ.
මෙහිදී සුළි කුණාටුවල තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ බෙංගාල බොක්කෙහි ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වය හේතුවෙන් බව ඔහු පෙන්වා දී තිබේ. එමඟින් අතිශය ශක්තිමත් සුළි සුළං ඇතිවිය හැකිය. “බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ ඉතා උණුසුම් මුහුදක” බව ඉන්දියාවේ කාලගුණ විද්‍යා අංශ ප්‍රධානී ඩී මොහපත්‍රා පවසා ඇත.
කුණාටුවලට ගොදුරු විය හැකි වෙනත් වෙරළ තීරයන් ද පවතී. ලුසියානා ගල්ෆ් වෙරළ තීරය ද එවැන්නකි. නමුත් “බෙංගාල බොක්කෙහි උතුරු වෙරළ තීරය පෘථිවියේ ඕනෑම තැනකට වඩා විනාශකාරී විපර්යාසයන්ට ගොදුරු වේ” යැයි හෙන්සන් මහතා පවසා තිබේ. ඉහළ ජනගහනයක් සහිත වෙරළ තීරය තර්ජනය වඩාත් උග්‍ර බවට පත්කිරීම ඊට හේතුවයි. ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් ජීවත් වන්නේ බොක්කෙන් මායිම් වන රටක ය.
සෑම වසර 10 කට වරක්ම අරාබි මුහුදේ සහ බෙංගාල බොක්කෙහි ඇති වූ කුණාටු අතරින් සුපිරි සුළි සුළං මට්ටම ළඟාවූ කුණාටු ඇත්තේ අතළොස්සක් පමණි. 1970 නොවැම්බරයේදී ලෝක ඉතිහාසයේ මාරාන්තික කුණාටුව වන බෝලා සුළි කුණාටුව බෙංගාල බොක්කෙහි සිදු වූ අතර මිලියන භාගයක් පමණ මිය ගියේය. 2008 මැයි මාසයේදී නාර්ගීස් සුළි කුණාටුව මියන්මාරයේ ඉරාවාඩි වෙත බලපෑ අතර අවම වශයෙන් පුද්ගලයින් 140,000 ක් මිය ගිය අතර මිලියන දෙකක ජනතාවක් අවතැන් වූහ.
ඇම්ෆන් සුළි කුණාටුව හෙට දහවල් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට ඇතුළුවනු ඇති බව අපේක්ෂා කෙරේ. එය දැනටමත් ශ්‍රී ලංකාවට ද අහිතකර බලපෑම් එල්ල කර ඇත.
ඇම්ෆන් සුළි කුණාටුව මේ වසරේ උතුරු ඉන්දියන් සාගර සුළි සුළං සමයේ බිහිවූ පළමු නිවර්තන සුළි කුණාටුවයි. ඉන්දියාවේ කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ එය මුහුදු වෙරළට ඇතුළු වනවිට එය “අතිශය තීව්‍ර සුළි කුණාටුවක්” වනු ඇති අතර සුළං වේගය පැයට කි.මී. 195ක වේගවෙන් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් තරම් උසින් සුළි කුණාටුව චණ්ඩ ලෙස හමායනු ඇති බවයි.
පමුදිනි හෙට්ටිගොඩ

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

මින් පසු ක්‍රිකට් පන්දුවේ කෙළ ගෑවොත් වැඩ වරදියි -කොරෝනා කළ වෙනසක්

Next Post

ඩිස්නි ලොක්කා TikTok හි CEO වෙයි

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.