අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා විදුලිබල ඉතිහාසයේ නව පෙරළියක්: ප්‍රථම වරට මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට!

by editor
මැයි 30, 2026
in පුවත්
Battery-power_L
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රටේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, රජය විසින් ආනයනය කරන ලද මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System – BESS) 6ක් අද (30) අලුයම කොළඹ වරායට ළඟා කර තිබේ.

2025 වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් යටතේ ඇණවුම් කරන ලද මෙවැනි බැටරි පද්ධති 16න් ප්‍රථම අදියරේ 6ක් මෙලෙස දිවයිනට ලැබී ඇත.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම නවීන බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

පිරිවැය සහ විදේශ විනිමය විශාල ලෙස ඉතිරි වෙයි

මෙම එක් පද්ධතියක් මඟින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියක් ගබඩා කරගත හැකි අතර, අධික විදුලි ඉල්ලුමක් පවතින රාත්‍රී කාලයේදී ඉන් මෙගාවොට් 10 බැගින් ජාතික පද්ධතියට මුදා හැරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම පද්ධති 6ම ක්‍රියාත්මක වීමෙන් ජාතික පද්ධතියට එක්වන මුළු ධාරිතාව මෙගාවොට් 60කි.

වත්මන් තත්ත්වය අනුව ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී විදුලි ඒකකයකට රුපියල් 115ක අධික පිරිවැයක් වැය වන නමුත්, මෙම BESS පද්ධති හරහා විදුලිය සැපයීමේදී ඒකකයක පිරිවැය රුපියල් 30 දක්වා අවම කරගත හැකිය. මෙමඟින් මෙරට විදුලි පාරිභෝගිකයන්ට සෘජු මූල්‍ය ප්‍රතිලාභ හිමිවන අතරම, ඉන්ධන ආනයනය වෙනුවෙන් මාසිකව වැය වන ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට ද අවස්ථාව සැලසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පරිසර හිතකාමී තාක්ෂණයක්

බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට පියවර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම පද්ධති මඟින් කාබන් විමෝචනයක් හෝ වායු දූෂණයක් සිදු නොවන බැවින් පරිසර හානි අවම කරගැනීමට ද හැකි වෙයි.

දැනටමත් චීනය සිය බලශක්ති උත්පාදනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා මෙම BESS තාක්ෂණය භාවිත කරන අතර එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් ද මෙම ක්‍රමවේදය බහුලව යොදා ගනී.

මෙම බලශක්ති ගබඩා පද්ධතිවල පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින NSO (National System Operator Ltd) සමාගම මඟින් සිදු කිරීමට නියමිත අතර, එහි නඩත්තු කටයුතු ද අදාළ සමාගම වෙතම පවරා ඇත.

මෙතෙක් වුන දේ මෙන්න… මේ ලිපියත් කියවන්න…

වහල මත සූරිය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක් – රට පුරා ප්‍රදේශ 100ක විදුලිය බිඳවැටීමේ අවදානමක් වැළැක්වීමට පියවර!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

Next Post

ජංගම දුරකථනයක් නිසා 14 හැවිරිදි සහෝදරයා අතින් 11 හැවිරිදි නැගණිය ඝාතනය වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.