බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහල මත සූරිය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක් – රට පුරා ප්‍රදේශ 100ක විදුලිය බිඳවැටීමේ අවදානමක් වැළැක්වීමට පියවර!

by editor
මැයි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100ක පමණ අද (30) විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය. පද්ධතියේ ස්ථායීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද දිනයේ විදුලි ඉල්ලුම බෙහෙවින් අඩු මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට විදුලිය විසන්ධි වී ඇති ප්‍රදේශවල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල පද්ධතිය මුහුණ දුන් මෙම හදිසි තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“පසුගිය දිනවල පැවති වැහිබර කාලගුණය හේතුවෙන් සූර්ය බලශක්ති උත්පාදනය තරමක් අඩු මට්ටමක පවතිනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් අද දිනයේ ඉතා හොඳින් සූර්යාලෝකය ලැබීම නිසා බලාපොරොත්තු වූවාට වඩා විශාල විදුලි ධාරිතාවක් සූරිය පැනල මගින් ජාතික පද්ධතියට එකතු වුණා. මේ තත්ත්වය මත බොහෝ ස්ථානවල විදුලි ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යාමක් දක්නට ලැබුණා.

එමගින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට දැඩි ගැටලු මතු වූ නිසා, ඉල්ලුමට වඩා සැපයුම අධික වූ ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට විදුලිය කපා හැරීමට කටයුතු කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ ජනනයේ ස්ථායීතාව ඉල්ලුමට සරිලන ලෙස කඩිනමින් සකස් කර ගැනීමටයි. අද පස්වරු 3.00 පමණ වනවිට මෙය යථා තත්ත්වයට පත් කරගත හැකි වෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ ආකාරයට විදුලිය කපා හැරීමක් සිදු නොකළේ නම් සමස්ත පද්ධතියම මහා පරිමාණ බිඳවැටීමකට (Blackout) ලක්වීමට ඉඩ තිබුණා. එම අනතුර වළක්වා ගැනීමටයි මෙම පියවර ගත්තේ. මේ වෙලාවේ ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) විසන්ධි කර තැබීමට කටයුතු කරන්නේ නම්, එය පද්ධතියේ ස්ථායීතාව යළි ඇති කිරීමට විශාල සහයෝගයක් වෙනවා.

බස්නාහිර පළාත තුළ වහල මත සවිකළ සූරිය පැනල බහුලව පවතින නිසා මේ තත්ත්වය වඩාත්ම බලපා තිබෙන්නේ එම පළාතටයි. මීට අමතරව කළුතර සහ පානදුර වැනි කලාප කිහිපයකත් මෙම ගැටලුව මතු වුණා. අද නිවාඩු දිනයක් බැවින් විදුලි ඉල්ලුම අවම වීමත්, සැපයුම උපරිම වීමත් නිසා පද්ධතිය ආරක්ෂා කරගැනීමට ප්‍රදේශ කිහිපයක කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.”

මේ අතර, පද්ධතියේ ස්ථායීතාව සුරැකීම වෙනුවෙන් වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් හදිසි ඉල්ලීමක් කර සිටී.

Share69Tweet43
Previous Post

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

Next Post

මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.