අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජංගම දුරකථනයක් නිසා 14 හැවිරිදි සහෝදරයා අතින් 11 හැවිරිදි නැගණිය ඝාතනය වෙයි!

by editor
මැයි 30, 2026
in පුවත්
murder
Share on FacebookShare on Twitter

ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇගේ 14 හැවිරිදි සහෝදරයා ඒරාවුර් පොලිසිය විසින් අද (මැයි 30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍යානන්දන් සදීෂා නැමැති 11 හැවිරිදි පාසල් සිසුවියකි.

පසුගිය මැයි 28 වැනිදා ඇගේ මළ සිරුර නිවසේ නානකාමරයේ තිබූ ජල ටැංකියක් තුළ ගිල්වා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

ඝාතනයට හේතුව දුරකථන ආරවුලක්

මෙම දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර සිද්ධිය සිදු වූ දිනයේ පියා ද රැකියාව සඳහා පිට පළාතකට ගොස් සිට ඇත. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම අවස්ථාවේදී සැකකාර 14 හැවිරිදි සිසුවා සිය නැගණියගෙන් ජංගම දුරකථනය  ඉල්ලා ඇති බවය.

එහෙත් නැගණිය එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙදෙනා අතර දැඩි බහින්බස්වීමක් හටගෙන තිබේ. එම ආරවුල දුරදිග යාමෙන් අනතුරුව කෝපයට පත් සහෝදරයා විසින් සිය නැගණිය ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරු කිසිවක් සිදු නොවූ පරිදි අසල්වාසී නිවසකට ගොස් රැඳී සිට ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පියා නිවසට පැමිණි පසු හෙළි වූ සත්‍යය

රැකියාව නිමවා පියා නැවත නිවසට පැමිණි    අවස්ථාවේදී දරුවන් සොයා බැලීමේදී තම දියණිය නානකාමරයේ ජල ටැංකිය තුළ සිහිසුන්ව වැටී සිටිනු දැක තිබේ.

වහාම ක්‍රියාත්මක වූ පියා ඇයව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

සැකකරු වරද පිළිගනී

සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ 14 හැවිරිදි සිසුවා තමන් විසින්ම සිය නැගණිය ඝාතනය කළ බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

මෙම කනගාටුදායක තත්ත්වය පිළිබඳව අදහස් දක්වන සමාජ විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙන්නේ, දෙමාපියන් තම දරුවන් පිළිබඳව මීට වඩා අවධානයෙන් පසුවිය යුතු බවය.

විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් භාවිතය සහ ළමා මනෝවිද්‍යාත්මක සෞඛ්‍යය පිළිබඳව වැඩිහිටියන් මීට වඩා සංවේදීව කටයුතු කළ යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා විදුලිබල ඉතිහාසයේ නව පෙරළියක්: ප්‍රථම වරට මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට!

Next Post

සාම සාකච්ඡා දෙදරුම් කන ලකුණු… ඉරානයට එරෙහි යුදමය ප්‍රහාර ආරම්භ කරන බවට ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.