බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA වෘත්තීය සමිතියක් විතරයි… අමාත්‍යාංශයේ හැම වැඩටම අතගහන්න පුලුවන් සර්ව ලෝක පූට්ටුවක  ඔවුන් නෑ….  සීමාව ලකුණු කරගන්නැයි සෞඛ්‍ය  ඇමති GMOAට කියයි!

by editor
මාර්තු 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍යාංශයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ   කටයුතු කිසිම බලපෑමකට යටත් නොවී ක්‍රියාත්මක කරන බවත්,  වෘත්තීය සමිතියක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තමන්ගේ සීමාව හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද ඍජුව ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස වෛද්‍යවරුන්ගේ  මාරු මණ්ඩලයේ සිටි පමණින් අමාත්‍යාංශය හරහා කෙරෙන ස්ථාන මාරුවීම්, පත්වීම් ලබා දීම්, දුෂ්කර සේවා පත්වීම් ලබාදීම් වැනි සියලුම දේට ඇඟිලි ගැසීමේ සර්ව ලෝක පූට්ටුවක නොසිටින බව ඇමතිවරයා අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද ආරම්භ කර ඇති පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කළ දීර්ඝ විස්තරයේ දී අවධාරණය කළේ වෘත්තීය සමිතියක් තමන්ගේ තරම හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් බවය.

  • ස්ථාන මාරු ක්‍රියාවලිය සහ වසර 13ක අක්‍රමිකතා

කිසිදු ආකාරයක නීති විරෝධී ස්ථාන මාරුවක් සිදු කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, මේ වන විට වාර්ෂික ස්ථාන මාරු සඳහා විධිමත් කටයුතු සිදුවන බව පැවසීය.

“මැයි 10 වනවිට වෛද්‍යවරුන් හය දහසක් පමණ මාරු වීමට නියමිතයි. මේ ආකාරයට විධිමත්ව ස්ථාන මාරු ක්‍රියාවලියක් පසුගිය වසර 13ම සිදුවෙලා නෑ. ඔය ට්‍රාන්ස්ෆර් බෝඩ්වල හිටියයි කියලා කිව්වට ඒ සංගමයේ සාමාජිකයො සමහර තැන්වල අවුරුදු 13, අවුරුදු 17 හිටියා. අක්ෂි රෝහලේ අවුරුදු 13ක් හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරිව. “

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේකෙන් බහුතරයක් අසාධාරණයට ලක් වෙලා හිටිය වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙලා තියනවා. ඒ නිසා ඒ අය කැමතියි. මේකට අකමැති වෙලා තිබෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයින්, තමන්ගේ සංගමයේ සාමජිකයන්ගේ බිරින්දෑවරු, තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගණනාවක් රඳවාගෙන හිටපු අය,” යැයි ඇමතිවරයා පැවසීය.

  • දුෂ්කර සේවා ලැයිස්තුව සකස් කිරීම

දුෂ්කර සේවා ලැයිස්තුව සකස් කිරීම වෘත්තීය සංගම්වල කාර්යයක් නොවන බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2018 වන තෙක් පැවති පැරණි ක්‍රමවේද සහ 2020 දී හඳුන්වා දුන් දුෂ්කර ලැයිස්තුවල අකටයුතුකම් සිදුව ඇති බව පැවසූ ඔහු, මෙවර ප්‍රධාන නිර්නායක 07ක් මත පදනම්ව ප්‍රාදේශීය හා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් වෛද්‍යවරුන් 265කගේ ලැයිස්තුවක් සකස් කර ප්‍රකාශයට පත් කළ බවත්, ඒ සඳහා වෘත්තීය සංගම් සම්බන්ධ කරගැනීම අවශ්‍ය නොවන බවත් සඳහන් කළේය.

  • පශ්චාත් සීමාවාසික පත්වීම් සහ නීතිමය තත්ත්වය

පශ්චාත් සීමාවාසික පත්වීම් යනු ස්ථාන මාරුවක් නොව නව බඳවා ගැනීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා වන අයදුම්පත් කැඳවීම අප්‍රේල් 04 දින දවල් 12ට අවසන් වන බව ප්‍රකාශ කළේය.

“අයදුම් කරන අය පමණක් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. අයදුම් නොකරන අයට එතනින් එහාට සේවාව පවත්වාගන්න බෑ. ඒක තමයි නීතිය, ඒක තමයි චක්‍රලේඛ, ඒක තමයි ආයතන සංග්‍රහය. එතැනින් එහාට මේ කාල සීමාව දික් කරන්නෙත් නෑ, බඳවා ගැනීම් වෙනස් කරන්නෙත් නෑ,” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කර සිටියේය.

  • අමාත්‍යාංශයේ ස්වාධීනත්වය සහ ‘හතේ කාමරේ’

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට වෘත්තීය සංගම් අනවශ්‍ය ලෙස මැදිහත් වූ යුගය අවසන් බව පැවසූ අමාත්‍යවරයා, මීට පෙර පැවති තත්ත්වය මෙසේ විස්තර කළේය:

“පත්වීම් ලබා දීමේ දී, ස්ථාන මාරු ලබා දීමේ දී දුෂ්කර සේවා ලයිස්තු හැදීමේ දී මේ මැදිහත්වීම කොතරම් ද කියනවා නම් ඒ අය වෙනම කාමරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙන් කරගත්තා. ‘හතේ කාමරේ’ කියලා එකක් තිබුණා. රෝහල්වල වැඩ කරන්න ඕන වෛද්‍යවරු 04ක් 06ක් තියාගෙන වැටුප් ගෙවලා සෞඛ්‍යයට සම්බන්ධ නැති කෙනෙක් එතන තියාගෙන තමයි මේ ලයිස්තු සකස් කරලා තිබුණේ. “

“අපි එනකම් එහෙමයි කටයුතු කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ඒකට යටවෙලා හිටියා. එහෙම කරන්න බෑ.”

  • වර්ජනය පිළිබඳ රජයේ අවසන් නිවේදනය

වර්තමාන ලෝක අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවැනි වැඩ වර්ජන සිදු කිරීම මානුෂීය නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා, වැඩ කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබා දීමට රජය සූදානම් බව පැවසීය.

“කරුණාකරලා මම ඒ අයට කියන්නේ සංකේත වැඩ වර්ජන කරන්න යන්න එපා. ලෝක යුද්ධයක් පවතින වෙලාවේ, රටේ බලශක්ති දාම යම් කිසි ආකාරයකට බලපෑමකට ලක් වෙලා ඉන්න වෙලාවේ, ලෝකෙම ජනතාව මේ බලශක්ති අර්බුදය හා මතුවුන ආර්ථික ප්‍රශ්නයත් එක්ක තමන්ගෙ ජීවිත ගැටගහ ගන්න ලොකු වෙහෙසක් දරමින් ඉන්න වෙලාවෙ කවුරුහරි අනීතික ලෙස මනුෂ්‍යත්වයෙන් තොරව මෙවැනි වැඩ වර්ජන කරනවා නම් ඒ ගැන සලකා බලන්නට ඕන. වැඩ කරන අය වැඩ කරන්න. ඒ අයට වැටුප් සහ අමතර දීමනා ලබා දෙනවා. මේ ගැන රජය ස්ථාවර තීන්දුවක ඉන්නවා,” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

මේ ලිපියත් කියවන්න…

GMOA – නලින්ද ගැටුම මිනිස්සුන්ට මරණ වරෙන්තු කැඳවන හැටි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA – නලින්ද ගැටුම මිනිස්සුන්ට මරණ වරෙන්තු කැඳවන හැටි!

Next Post

අධි චෝදනා ගොනු වෙලා තිබුණට කුමාර ජයකොඩිගේ ඇමති කමේ වෙනසක් නෑ… රජය පවසයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.