බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA – නලින්ද ගැටුම මිනිස්සුන්ට මරණ වරෙන්තු කැඳවන හැටි!

by editor
මාර්තු 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක් පුරා දිවෙන  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළේය. ඒ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රියාවලියට විරෝධය පල කරමිනි.

මේ වනවිට වර්ජනය ක්‍රියාත්මකය. අද උදෑසන 08 සිට ආරම්භ වූ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩාල වී ඇත.  කෙසේ වෙතත්  සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු රෝහල්, ජාතික මානසික රෝග විද්‍යායතනය වැනි ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන්නේ නැත.  හදිසි ප්‍රතිකාර සේවා ද ක්‍රියාත්මකය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙම ගැටලු විසඳීම සඳහා සාධනීය මැදිහත්වීමක්  සිදුනොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කරන බවය.

වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අසීරුවෙනි.  අප දුටුවේ  දිවයින පුරා බාහිර රෝගී අංශවල  ප්‍රතිකාර නොමැතිව හඬා වැටෙන දුගී රෝගීන්ගේ වේදනාත්මක හඬය. සමහර අම්මලා අඬා වැටෙනු දුටුවෙමු. ඔවුන් එදා වේල සොයා ගැනීමේ අරගලයක යෙදෙන අසරණයින්ය.

ඇයි වර්ජනය කළේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේ වර්ජනයට හේතුව දේශපාලන අරමුණු මත සිදුවන අනීතික ක්‍රියාවකට විරෝධය දැක්වීම බවය.  දේශපාලන අරමුනු මත අනීතිකව  වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවී ඇති බැවින් ඊට විරෝධය දැක්වීම වර්ජනයේ අරමුණ බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

” දැනටත් සෞඛ්‍ය අමාත්‍යවරයාට අවස්ථාව තියනවා මේ සඳහා මැදිහත්වෙලා අවශ්‍ය සාකච්ඡා ආරම්භ කරන්න. අපි ජනාධිපති තුමාටත් කියනවා මේකට අවශ්‍ය මැදිහත්විම් කරන්න. මොකද මේ අත්තනෝමතික උද්ච්ච ක්‍රියාවලිය හරහා අවසානයේ දී බිඳ වැටෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව. එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා අනිවාර්යෙයන්ම  ගත යුතුයි.  මොකද ඔහුගේ මෙම උද්ච්ඡ ක්‍රියා පිළිවෙත නිසා තමයි මේ සමස්ථ බිඳවැටීම් සිදුවෙන්නේ.  “ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන්නේය.

එහෙත් රජය මේ සම්බන්ධව සිදුකරන කරුණු පැහැදිලි කිරිම වෙනස්ය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජයමුණි  උද්ගත වී ඇති තත්ත්වයේ ස්වරූපය ජනතාවට පැහැදිලි කරන්නේ මෙසේය.

රජය කියන කතාව –

“මාස දෙකකට කලින් දිට්වා සුළි කුණාටුව ආපු වෙලාවේ ඉඳන් ලෝකය යුද්ධයකට පැටලිලා අපි එහි වින්දිතයො වෙද්දිත්   දිගටම ඔවුන් මේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ හිටියා. වාසනාවකට වගේ බහුතරයක් වෛද්‍යවරුන් ඒකට එකතු වුනේ නෑ.  මේකත්  ඒ වගේ වේවි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම – සීමාවාසී කාලය කියන්නේ ඇත්තටම ට්‍රේන් වෙන කාලය. එස ට්‍රේනින් එකට පස්සේ තමයි අපි බඳවා ගැනීම් සිද්ධ කරන්නේ. රජයේ තියන වේකන්සි මොනව ද කියලා බලලා අපි සේවා අවශ්‍යතාවය අනුව ගොනු කරනවා.

“පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම – සීමාවාසී කාලය කියන්නේ ඇත්තටම පුහුණු වන (Train) කාලය. එම පුහුණුවෙන් පස්සේ තමයි අපි බඳවා ගැනීම් සිද්ධ කරන්නේ. රජයේ තියන පුරප්පාඩු මොනවාද කියලා බලලා අපි සේවා අවශ්‍යතාවය අනුව ගොනු කරනවා. පශ්චාත් සීමාවාසී පත්වීම් කියන්නේ නවක වෛද්‍යවරුන්ගේ පත්වීම්. නවක පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සඳහා ලේඛනය සකස් කරන්නේ කොහොමද කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව අපි පළාත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගෙන්, රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් සහ අමාත්‍යාංශ අධ්‍යක්ෂවරුන්ගෙන් අවශ්‍යතා ලබා ගන්නවා. එම අවශ්‍යතා අපි ප්‍රමුඛතා ලේඛනයක් අනුව පෙළගස්වලා, ඒ සම්බන්ධව ක්‍රියා කරන වෙනම අංශයක් මගින් තමයි ලේඛනය සකස් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එම ලේඛනය සකස් කිරීමට ඔවුන්ව සහභාගී කරගන්නා ලෙසයි. ඇත්තටම ඒකට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක මාරු මණ්ඩලයක් නෙමෙයි. මේක නවක පත්වීම් ප්‍රදානය කිරීමක්. අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව සලකා බලලා තමයි ලේඛනය සකස් කරන්නේ. ඒ නිසා වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔවුන් කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියා මේ හැම ලේඛනයක්ම ඔවුන් විසින්ම සකස් කරන්න. මාරු මණ්ඩලවල වුණත් වෘත්තීය සමිති ඉන්නේ නිරීක්ෂණ මට්ටමින්. ඔවුන්ට ලේඛන සකස් කිරීමේ බලයක් නැහැ. මාරු මණ්ඩලවලදී අපි ඔවුන්ට ආරාධනා කරනවා, නමුත් මේ සඳහා අපි ඔවුන්ව සහභාගි කරගත්තේ නැහැ.

නවක වෛද්‍යවරුන්ට අපි පවසා තිබෙනවා එළඹෙන 04 වැනිදා දක්වා අයදුම් කරන්න කියා. වෘත්තීය සමිති පාර්ශවයෙන් ඔවුන්ට පවසා තිබෙන්නේ මෙයට අයදුම් කරන්න එපා කියායි. නිල වශයෙන් මේ කටයුත්තේ කිසිදු නීති විරෝධී තත්ත්වයක් නැහැ. සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල තත්ත්වයක් යටතේ තමයි අයදුම්පත් කැඳවා තිබෙන්නේ. අපි අයදුම් කරන වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දෙනවා. යම් කිසි කෙනෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අයදුම් කළේ නැතිනම් ඔවුන්ට රැකියාව ලැබෙන්නේ නැහැ.”නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

අරගල කළ යුතු අවස්ථාවක් තිබේ. අරගලය සඳහා මානුෂික සංවේදනයන් අවශ්‍ය වන්නේ ඒ මොහොත තෝරා ගැනීම සඳහාය. ඇත්තටම මේ මොන ජාතියේ වෘත්තීය සමිතිදැයි අපි කල්පනා කරමු.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

රට ඇත්තේ දැවෙමිනි.  ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. ජීවන වියදම ගමන් ගාස්තු මෙන්ම කාලගුණයත් මේ අවස්ථාවේ පවතින්නේ දරාගත නොහැකි මට්ටමේ පීඩාකාරී  අවස්ථාවකය. ලෝක අර්බුදයක කොටසක් වී ජාතියක් පීඩාවට පත් වී සිටින විට මෙවැනි සිල්ලර කාරණා මුල් කරගෙන පීඩාවට පත් මිනිසුන් අතර සිටින දුගී  රෝගීන්ගේ ජීවිත බිල්ලට තැබීම හරහා අපට වැටහෙන දෙයක් තිබේ. මේ රටේ වෘත්තිකයන් කියන පිරිස් මොනතරම් සිල්ලර මිනිස්සු ද යන්නය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය පොලිස් සැරයන් ඝාතනය කළ වැලි ජාවාරම්කාර රියදුරා තවමත් නිදැල්ලේ!

Next Post

GMOA වෘත්තීය සමිතියක් විතරයි… අමාත්‍යාංශයේ හැම වැඩටම අතගහන්න පුලුවන් සර්ව ලෝක පූට්ටුවක  ඔවුන් නෑ….  සීමාව ලකුණු කරගන්නැයි සෞඛ්‍ය  ඇමති GMOAට කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.