ශල්‍යකර්ම සදහා අවශ්‍ය සියලු උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.
අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ උපකරණ හිඟ වීම මත ශල්‍ය කර්ම නතර කර දැමූ බවට සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වූ පුවත පලදරමින් එසේ වූ බව ද රෝහල අධ්‍යක්ෂවරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු පහසුකම් සැලසීම මත අද පස්වරුවේ සිට නැවත සියලු ශල්‍යකර්ම සිදු කිරීම ආරම්භ කෙරෙන බවත් ට අදාළ පියවර මේ වන විට ගෙන ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.
මේ ලිපිය කියවන්න…
අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ නෑ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සාමාන්‍ය සැත්කම් නවතී…