දිනසේන රතුගමගේ –
ඉන්දියානු ධීවරයින් හතර දෙනෙක් ඊයේ (04) ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට වැදී ධීවර කොල්ලයේ යෙදී සිටිය දී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධව අප්‍රසාදය පළකමින් නිවේදනයක් නිකුත් කරන රාමේස්වරන් එක්සත් ධීවර සංගමයේ සභාපති අන්නාලිංගම් ජේසුරාසා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර ලබා දෙන මොහොතක නාවික හමුදාව ඉන්දිය ධීවරයින්ව අත් අඩංගුවට ගැනීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරණ අවස්ථාවකම සිදුවීම ගැන ඉන්දියාව අවධානය යොමු කළ යුතු බවය. ඉන්දියානු ධීවරයින් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ මේ ප්රශ්නය දෙස ඉතා සානුකම්පිතව බැලිය යුතු බවද ධීවර නායකයා ඔහුගේ නිවේදනයේ සදහන් කොට තිබේ.
ඉන්දියාවේ රාමේස්වරන් සිට යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයට පැමිණ අනවසරයෙන් මසුන් මරමින් සිටි මෙම ධීවරයින් හතර දෙනා නාවික හමුදාව විසින් ඊයේ( 29 ) අත් අඩංගුවට ගෙන තිබිණි.
ධීවරයින් පැමිණි යාත්‍රාවද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ධීවරයින් හතර දෙනාව මයිලිට්ටි ධිවර වරායේදී ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාර දුන්නේය. යාත්‍රාව නාවික හමුදා බාරයේ තබා ගත්තේය.
ඉන්දීය ධීවරයින්හතර දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධීවර පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.