වහාම ක්‍රියාත්මකවන පරිදි සාමාන්‍යයෙන් සිදුවන සියලුම සැත්කම් නැවැත්වීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල තීරණය කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂවරයා ඊයේ (28) දන්වා සිටින්යේ ශල්‍ය උපකරණ ඖෂධ හිඟය නිසා නැවත දන්වනතුරු සියලුම සාමාන්‍ය සැත්කම් අත්හිටවා ඇති බවත් දැනට සැත්කම් සඳහා රෝහල්ගත කර ඇති රෝගීන් සඳහා ද මේ තීරණය අදාල බවත්ය.
උදාහරණයක් ලෙස නිර්වින්දය කළ රෝගීන් යළි සිහිගැන්වීම සඳහා භාවිතා කරන Neostigmine ඖෂධය ගබඩාවල ඇත්තේ තවත් රෝගීන් කිහිප දෙනෙකුට පමණක් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව දන්වා ඇත.







