සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  සීසීටීවී නිරීක්ෂණ මගින් නඩු ගැනීම් අවුරුදු 13ක් පරණයි… අලුත් කර පෙන්නූ පරණ වැඩේදි සිද්ධ වෙන්නේ දඩ පත්‍රිකාව නිවසට යෑම පමණයි…

සී.සී.ටී.වී ආවේෂණයෙන්  පසුගිය දෙසැම්බර් 31වනවිට ලක්ෂයකට වැඩි රථවාහන නඩු අරන්... රිය අනතුරු 6,512ක් නිරීක්ෂණය කරලා...

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් හඳුන්වා දෙන බව කී  සී.සී.ටී.වී ආවේශන පද්ධතිය හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර දඩ කොළ නිවසට යැවීමේ වැඩපිළිවෙළේ මූලාරම්භය වර්ෂ 2010 වසර තෙක් දිවෙන බවත් වසර 2010 දෙසැම්බර් 29 දා කොළඹ  නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හය වැනි මහලේ   පොලිස් සී.සී. ටී.වි කොට්ඨාසය පිහිටවු දින සිට ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා එසේ මාර්ග නීති කඩකළ රියැදුරන්ට එරෙහිව ලබා ගත් රිය නඩු සංඛ්‍යාව එක් ලක්ෂ දාහතර දහස් නවසිය අසූ දෙකක්  (114,982) බවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය මාධ්‍යයට තොරතුරු දක්වමින් ප්‍රකාශ කර තිබේ.

තවද පසුගිය 13 වසර තුළ  රිය අනතුරු 6,512ක් මෙම පද්ධතිය මඟින් නිරීක්ෂණ කර ඇත.

පොලිස් සමිප රූප අවේෂණ කොට්ඨාසය කියන්නේ වසර 2010දී  පොලිස් සී.සී. ටී.වී කොට්ඨාසය ස්ථාපිත කිරීමට පෙර 2005 වසරේදී කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්වතුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මඟින් පොලිසියේ ආවේක්ෂණ කටයුතු සඳහා සී.සී.ටී.වී තාක්ෂණය යොදා ගැනීමේ විශ්ලේෂණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වී තිබුණ බවය. එහි අත්දැකීම් මත වර්ෂ 2010 දී පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය පිහිටවූ බවය.

පැවති ක්‍රමවේදය තුළ  පොලිස් සී.සී.ටී.වි කොට්ඨාසය මගින්  කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල සවිකර ඇති කැමරා 105කින් අඛණ්ඩ වීඩියෝ දත්ත සම්ප්‍රේෂණය වන එල්සීඩී තිර 28ක් හරහා සිදුකරන නිරීක්ෂණවලින් පසු  මාර්ගයේ ඉදිරියෙන් රාජකාරියේ යෙදි සිටින    පොලිස් නිලධාරීන් ලවා එම රියැදුරාට තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා දී ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු විය. වරද පිළි නොගත් රියදුරන්ට සිය වරද සහිත පටිගතවීම පෙන්වා දීමට අවකාශ ද සලසා තබිණි.

නව වැබ පොලිස්පතිගේ ක්‍රමය

එම තොරතුරු අනුව අනාවරණය වන්නේ වසර 13ක් පැවති ක්‍රමයේ එක් පියවරක් වැඩි දියුණු කර රථ වාහන වැරදි කළ පුද්ගලයාගේ නිවසට  දඩ පත්‍රිකාව   යැවීමේ  ඉදිරි පියවරක්  ක්‍රියාත්මක කළ හැකිය දයන්න අත්හදා බැලීමක් පමණක් නව පොලිස්පතිවරයා යටතේ සිදුවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නියෝජ්‍ය පොලිස්පති, ඉංජිනේරු තුෂාර ගමලත්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් ජනවාරි 22 වැනිදා ආරම්භ වූ නව නියමු ව්‍යාපෘතියෙන් සිදුවෙමින් ඇත්තේ කොළඹ නගරයට ඇතුළුවන ගාලු පාර, පොල්දූව, කැලණි පාලම් දෙක, පරණ කදිරාන ප්‍රදේශය ඇතුළු ප්‍රධාන මංසන්ධි ඇතුළු  ස්ථාන 33ක් සිසිටීවි 108ක් යොදාගෙන පැය 24 පුරා නිරීක්ෂණය කිරීමය.

මෙම වැඩිදියුණු කිරීමේ දී සිදුකර ඇති  ප්‍රධානම වෙනස  මූලික මාර්ග නීති කඩ කරන වාහනයේ වරද සියයට සියයක් තහවුරු කරගත් පසු  අංක තහඩුව හඳුනාගෙන අංක තහඩුවට අදාළ සියලු තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමය.

ඉන්පසු ඒ තොරතුරු වාහනය අදාළ වරද සිදුකළ අධිකරණ බල ප්‍රදේශයට ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමු කර    වරද කළ වාහනයේ හිමිකරුගේ ලිපිනය අයත් පොලිස් ස්ථානයට ද ඒ තොරතුරු සමඟ අදාළ වරද දැක්වෙන සීසීටීවී  දිගුව ද යොමු කිරීමය. දඩ පත්‍රිකාව නිවසට යොමු කරන අතර වරද පිළිබඳ තහවුරු කරගැනීම දර්ශනපෙළට අදාල දිගුව ඔස්සේ බලා ගත හැකිය. වරද සිදුකළ දින සිට නොව, දඩ පත්‍රිකාව ලැබුණු දින සිට දින 14ක කාලයක් තුළ දඩ ගෙවිය යුතුය.

යම් කිසි පුද්ගලයෙක් දඩ පත්‍රිකාව භාර නොගන නඩු පැවරිමට ඉල්ලා සිටින අවස්ථාවල දී ඒ වෙනුවෙන් ද කටයුතු සිදුකළ හැකිය. එහෙත් නඩු කටයුතු සඳහා ඔහුට වරද සිදුකළ ප්‍රදේශය අයත් අධිකරණයට පැමිණීම අනිවාර්ය වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කරන්නේ මාර්ග තීරු මාරු කරමින් මාර්ග අවහිර කිරීම්, නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීම් සහ අනවසර නැවතුම් ස්ථානවල නවතා තැබීම්, අනතුරුදායක ලෙස පසුකර යෑම ආදී කැමරාවකින් නිරීක්ෂණය කළ හැකි සිදුවීම් ය.

මෙම ක්‍රමවේදය යටතේ මෝටර් රථ ප්‍රවාහන පනතේ 148 වගන්තියේ සඳහන් මාර්ග වැරදි සියල්ලම අදාළව දඩ පත්‍රිකා නිකුත් කළ හැකි බවත් සී.සී.ටී.වී පද්ධතිය මඟින් නිරීක්ෂණය කළ නොහැකි මාර්ග නීති කඩකිරීම් මෙම කොට්ඨාසයට අයත් මෙතෙක් රථ වාහන වැරදි නිරීක්ෂණය කරමින් ක්‍රියාත්මක වූ  ජංගම වෑන් රථ දෙක මඟින් නිරීක්ෂණය කෙරෙන බව වාර්තා වේ.

ඉකුත් 22 වැනිදා සිට ඊයේ  (27)    දක්වා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ නියමු ව්‍යාපෘතියක් ලෙස බැවින් කිසිවකුට දඩ පත්‍රිකා නිකුත් නොකළ අතර අවවාද පත්‍රිකා නිකුත් කිරීම පමණක් සිදුවූ බව පොලිස් සමීප රූප අවේශන කොට්ඨාසය පවසයි.  ( සුරේකා නිල්මිණී ඉලංගකෝන් විසින් සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරින් සැකසිනි. ඡායා රූප –  රංජිත් අසංක)

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් ඉන්දීය ධීවර කොල්ලකරුවන් 12ක් මුහුදෙන්ම ඉන්දියාවට යවයි… ධීවර සංගම්වල විරෝධය මැද ගිය සතියේ මෙවැනි කොල්ලකරුවන් 42ක් දඬුවමක් නොකර නිදහස් කළා…

Next Post

සෝමාලි කොල්ලකරුවන්  පැහැරගත් යාත්‍රාව පිළිබඳ තවම තොරතුරක් නෑ… “ ලොරෙන්සෝ පුතා 4” කතා කරන තුරු රට සීරුවෙන්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.