සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා SDIG රන්මල් කොඩිතුවක්කුගේ මැරකම වහන්න හදන පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි අප්‍රසාදය…

by editor
මාර්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව මාස හතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ලබා දුන් නියෝගයේ සහතික කළ පිටපතක් ඉල්ලා මාර්තු 3 වන දින ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යැවීමෙන් පසුව පොලිස් කොමිසමේ හැසිරීම අනාවරණය වී ඇත.

දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී. අබයකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය මේ සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගමන් කළ වාහනයට තම වාහනය ඉස්සර කිරීම පිළිබඳව කිපී, රන්මල් කොඩිතුවක්කු සහ තවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් තමන්ට බරපතල ලෙස පහර දුන් බවට චෝදනා කරමින් මිෂාර රණසිංහ නැමැති තරුණයෙක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මීට මාස හතකට පෙර මෙම නියෝගය ලබා දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් ඩිලාන් නාලක සමඟ පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවට අදාළ කරුණු රැස් කිරීම සඳහා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසීමට පොලිස් කොමිසමේ සභාපතිවරයා අධිකරණය ඉදිරියට කැඳවන ලෙසය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ මේ වනවිට මුල්ලේරියාව මූලික රෝහලේ පෙත්සම්කරුගේ ඇඳ ටිකට්පත පවා අතුරුදහන් වී ඇති බවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවත්වන ලද පරීක්ෂණයෙන් උපුටා ගැනීම් ලැබී ඇති බවත්, ඒවායේ අන්තර්ගතය මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දුන්නාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ චෝදනා එල්ල වූ පහරදීමෙන් පසු පෙත්සම්කරු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දැනට විදේශගතව සිටින බවය. එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මැයි මාසයේදී නැවත පැමිණීමට නියමිත බවත් ඔහු නැවත පැමිණි පසු ඔහුගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ පැවසුවේ ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි ලැබී නොමැති බවත්, එබැවින් විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවත්ය.

පෙත්සම්කරුට එල්ල වූ බව කියන පහරදීම ඇතුළු සමස්ත කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව මැයි 30 වන දින නැවත කැඳවනු ලැබේ. (Sunday Times)

මේ කතාවත් බලන්න…

තමන්ගේ වාහනය ඉස්සර කළොත් වියරුවෙන “මීටරේ අවුට්“ පොලිස් ලොක්කා ගැන ඇසූ දුටු කතා..

 

ඩී.අයි.ජී කොඩිතුවක්කුට තවත් තුවක්කුවක් පත්තුවෙයි… ලිංගික අපයෝජන චෝදනා ගැන ජනපතිට ලිපියක් !

රන්මල් කොඩිතුවක්කු මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න… ලිංගික වධයට ලක් වූ පුද්ගලයා අධිකරණයට යයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය – තවත් සැකකරුවෙක් අත් අඩංගුවට…

Next Post

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති සිය තනතුරින් ඉල්ලා අස්වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.