-
පොලිසියේ මෙවැනි උසස් තනතුරු දැරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් නුසුදු බව ප්‍රකාශ කරන්න… වින්දිතයා අධිකරණයෙන් ඉල්ලයි…
පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී වාහනයක ගමන් කරමින් සිටියදී සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට සහ ලිංගික වධ හිංසාවලට ලක්වූ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
රාජගිරියේ පදිංචි වින්දිත මිෂාර රණසිංහ නැමැති එම පෙත්සම්කරු වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා පොලිසියේ වගකිව යුතු නිලධාරීන් ලෙස නිලතල දැරීමට නුසුදුසු බවට ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා සිටි.
දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ නීතිවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයාට නියෝග කරන ලෙසට ඉල්ලා සිටින්නේ.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කොඩිතුවක්කු සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධිය පැහැදිළිව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අතර එයින් පසු ඔහු වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබුණි.
පසුගිය 2021 ඔක්තෝම්බර් 25 වැනි දින පස්වරු 2 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට දරුණු ලෙස පහරදී, ශාරීරික හා ලිංගික වධහිංසා පමුණුවා හිරිහැර කළ බව ප්‍රකට නීතීඥ සමාගමක්වන නීලකන්දන් සහ නීලකන්දන් සමාගම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සකමක් ගොනු කළ පෙත්සම්කරු සඳහන් කර ඇත.
වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පෙන්වා දෙන පෙත්සම්කරුගේ 11 වැනි වගන්තිය, 12 (1), 13 (1) (2) සහ 14 (1) (h) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කරන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඒ අනුව රන්මල් කොඩිතුවක්කු මනෝචිකිත්සක උපදේශක මණ්ඩලයක් වෙත යොමු කර එම විශ්ලේෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රන්මල් කොඩිතුවක්කු, කිරිඇල්ල වැඩබලන ස්ථානාධිපති දිසානායක, අයගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඉන්දික මිලාන්, පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න, නීතිපති සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරු සඳහන් කළේය.