අධික වර්ෂාවත් සමග මහනුවර අංකුඹුර රඹුකේවෙල නිවසක් මතට ඊයේ (26) රාත්‍රියේ සිදු වූ පස් කඳු කඩා වැටීමක් නිසා 55 හැවිරිදි කාන්තාවක් මිය ගොස් 09 හැවිරදි දැරියක් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඇත.
රාත්‍රී 09 ට පමණ මෙම අනතුර සිදුවන විට මෙම මාතාව සහ ඇයගේ දියණිය කාමරයේ නින්දට ගොස් සිට ඇති බවත් කඩා වැටුණු පස්කන්දට මේ දෙපළ මුලුමනින්ම යටවූ බවත් වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ එම කාන්තාව එම ස්ථානයේම මියගොස් සිටි බවය. දැඩි පරිශ්‍රමයකින් පසු පස්කන්දට යට වී සිටි දැරිය මුදවාගෙන රෝහල වෙත යැවීමට එම පිරිසට හැකි වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ චන්ද්‍රානි ප්‍රේමලතා (55) නැමැති කාන්තාවකි. බරපතල තුවාල ලැබූ කුෂාණි අබේසිංහ (09) දියණිය දැන් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. අඇය මොරන්කන්ද කණිටු පාසලේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දියණියකි.
මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙනත් කාමරයක සිටි බැවින් ඔහු අනතුරට ලක් වී නැත.. මරණයට පත් වූ කාන්තාවගේ මෘත දේහය බොක්කාවල රෝහලේ තැන්පත් කොට තිබේ. අංකුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.