මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් ඊයේ (08) කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ දී මිද්දෙණිය පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පදලංගල පදිංචිකරුවෙක් වූ මෙම තැනැත්තා 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් “මීගස්ආරේ කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කරනු ලැබුවේ.
මෙම අපරාධයට අදාලව මේ දක්වා මෙම ත්‍රිත්ව ඝාතනය කළ ඝාතකයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.







