බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ වාහනය ඉස්සර කළොත් වියරුවෙන “මීටරේ අවුට්“ පොලිස් ලොක්කා ගැන ඇසූ දුටු කතා..

by editor
ඔක්තෝබර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රන්මල් කොඩිතුවක්කු දැන් ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. සබරගමුව පළාත භාර ඔහුටය. රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්කවල නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නේ ඔහු යටතේය. පොලිසියේ පොලිස්පතිවරයාට දෙවෙනි වූ නිලයක් දරන  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ රන්මල් කොඩිතුවක්කු ඊයේ (25)හවස තමන්ගේ වාහනය පසුකර ගිය කොල්ලෙක්ව පන්නාගෙන විත් අල්ලාගෙන මහ මග දී පහර දෙන අශික්ෂිත මැරකම අවට  බලාසිටි පුද්ගලයෙක් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබුනේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගමන් කරමින් සිටියේ රත්නපුර කිරිඇල්ල මාර්ගයේ කිරිඇල්ල දෙසටය. එසේ යන   ඔහුගේ වාහනය කාර් රථයක පැමිණි තරුණයෙක්  ඉස්සර කරන්නේය. රන්මල් කොඩිතුවක්කු ගමන් ගත් පොලිස් ජිප් රථය මේ තරුණයාව පන්නාගෙන ගොස් අල්ලාගෙන පහර දෙන්නේ ගොරකඇල ප්‍රදේශයේ දී ය.

ඔයා බීලා…

මේ පහර දෙන අවස්ථාවේ දී තරුණයා රන්මල් කොඩිතුවක්කුට චෝදනා කළේය. ඒ ඔහු බීමත් බව කියමිනි. මේ කතාව කී සැනින් රන්මල් කොඩිතුවක්කු නිහඬවම ගොස් වාහනයට ගොඩවිය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමග සිටි  පොලිස් නිලධාරියෙක් ඔහුගේ දුරකථනය පැහැරගෙන තිබිණි. තරුණයා පැහැරගත් දුරකථනය දෙනතුරු තම රියදුරු බලපත්‍රය පොලිසියට දීමට සූදානම් වූයේ නැත. සීනියර් ඩිඅයිජී ඉදිරිපිට ලකුණු දාගන්නට දැඟලූ කොස්තාපල් තරුණයා පැහැරගත් දුරකථනය නොදී දිගින් දිගටම සිය නිල ඇදුමේ බලය පාවිච්චි කරමින් තර්ජනය කර රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සූදානම් වූයේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තරුණයා කීවේ මේ ගැන පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබා පැමිණිලි කරන ලෙසය. වාහනයට ගොඩවුණු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු හදිසි අවස්ථාවක දී යොදා ගන්නා පොලිස් සයිරන් එක නාද කරන්නට පටන් ගත්තේය.

යළිත් ඒ සිද්ධිය බලන්න…


අනතුරුව මේ තරුණයාවත් රැගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරිඇල්ල පොලිසියට ගොස් තරුණයාව පොලිසියට භාර දී ඔහු බීමත්ව සිටින බවට චෝදනා කර ඔහුව අත්අඩංගුවට ගැනීමට බලපෑම් කළේය.

පැමිණිලි කරන්නේ තමන්ගේ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. තරුණයා කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ තරුණයාත් යම් සමාජ මට්ටමක් සහිත පුද්ගලයෙකි. ඔහුගේ පියා නීතිඥවරයෙකි. රන්මල් කොඩිතුවක්කු මේ රටේ සිටි පොලිස්පතිවරයෙක් වූ ලකී කොඩිතුවක්කුගේ පුතාය.

ලකී කොඩිතුවක්කු මිය යන්නේ පිළිකාවකින් පීඩා විඳ ය. ඒ රෝගී වකවානුවේ පොලිස් රෝහලේ දී ලකී කොඩිතුවක්කු ගේ ප්‍රතිකාර භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයා අගතියට පත් තරුණයාගේ හිතවතෙකි.

මේ තත්වය ඔහු සිය මිතුරු වෛද්‍යවරයාට කීවේය. මේ වෛද්‍යවරයා සිටියේ කොඩිතුවක්කු පවුලේ සමීප හිතවතෙක් ලෙසය. වෛද්‍යවරයා සිද්ධිය පිළිබඳ කතා කිරීමට රන්මල් කොඩිතුවක්කුට දුරකථනයෙන් ඇමතීය.

“මට තමුන්ව මතක නෑ“. වෛද්‍යවරයා ඒ පිළිතුරෙන් වික්ෂිප්ත විය.

අනතුරුව ඔහු සිය ජ්‍යෙෂ්ට පොලිස් හිතවතුන් ගණනාවකට කතා කර මේ අගතියට පත් තරුණයා පත් කර ඇති තත්වයෙන් මුදා ගැනීමට උත්සාහ කළේය. ඔහු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගමන් කළ වාහනය ඉස්සර කර යෑමය. එය වරදක් කර බොරු චෝදනා පටලවා මේ තරුණයා රිමාන්ඩ් භාරයේ රඳවා අද (26) උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබිණි.

මේ අනීතික කටයුත්ත වැළැක්වීමට කතා කළ කිසිම ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙක් කියන කිසිම දෙයක් පිළිගැනීමට හැකි මට්ටමක රන්මල් කොඩිතුවක්කු සිටියේ නැති බව වාර්තා විය.

මේ හැසිරීමම අවිචාරවත් වූයේය. තරුණයා රන්මල් කොඩිතුවක්කු බීමතින් සිටින බවට චෝදනා කරන්නේ ඔහු මේ තරුණයාට පහර දෙන අවස්ථාවේ දී ය. ඒ අවස්ථාවේ දී රන්මල් කොඩිතුවක්කු වචනයක්වත් නොකියා වාහනයට නගින්නේය. අනතුරුව හදිසි අවස්ථාවක නාද කරන පොලිස් සයිරන් එක නාද කරන්නේය. කිසිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ඇහුම්කන් නොදෙන්නේය. මේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් හැසිරිය යුතු ආකාරය නොවේ. මේ හැසිරීමම බරපතල අර්බුදයක් බව පෙනුණි.

කෙසේ වෙතත් මේ තරුණයා පොලිස් කූඩුවට දමා බීමතින් අපරික්ෂාකාරීව රිය පැදවීමේ නඩුවක් ගොනු කර උසාවි  දැමීමට සැලසුම් වී තිබිණි. කිසිම උසස් පොලිස් නිලධාරියෙකුට තරුණයාට පොලිස් ඇප ලබා දීමට හැකියාවක් තිබුණේ නැත. නමුත් සීනියර් ඩී.අයි.ජී. කොඩිතුවක්කු   රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න ගේ දුරකථන ඇමතුමකට නැවුනේය. තරුණයා පොලිස් ඇප මත නිදහස් විය.

රන්මල් කොඩිතුවක්කුගේ අතීතය.

ඔහුගේ යම් මානසික ස්වරූපයක් ගැන පොලිසිය අභ්‍යන්තරයේ කතා ඇසෙන්නේය. ඒ ඔහු ගමන් කරන රථයට කිසිවෙක් ඉස්සර කළහොත් ඒ පුද්ගලයා හඹාගෙන ගොස් ඔහුට පහර දීමය. නොඑසේනම් තර්ජනය කර බලය මුදා හැරිමය.

මේ පුද්ගලයා සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිටින විට  වත්තල ප්‍රදේශයේ දී සිය රථය ඉස්සර කර ගිය බස් රියදුරෙකුට පහර දීම අවසානයේ දී නැවතුනෙ උසාවියෙනි. සෑහෙන කාලයක් ඒ නඩුව ගියේය. ඔහුගේ උසස්වීම් නැවතී තිබුණේය. පොලිස් ආරංචි මාර්ග කියන්නේ ඔහු නඩුව විසඳා ගත්තේ රියදුරා හා උසාවියේ දී සමථයකට පත්වීමෙන් බවය.

මෙවැනි සිදුවීම් නිරන්තරව සිදුවන බවත් මේ නිලධාරියා ඒ කිසිවකින් පාඩම් ඉගෙන ගනනේ නැති බවත් මත් පැන් ටිකක් කට ගෑවුණු මොහොතේ සිට ඔහුගේ හැසිරීම විකල් වන බවත් පොලිස් පොඩ්ඩෝ අපට කියති.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සම්බන්ධව දැන් පොලිසිය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. පොලිසියේ ඇත්තන් ඒ දෙස බලාගෙන සිටින්නේත් විමසුම් සහිතවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තේ කර්මාන්තයටත් නයිට්‍රජන් පොහොර ගෙන්වයි

Next Post

යුගදනවි ගිවිසුම අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ජවිපෙ උසාවි යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.