රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිරන්තර ප්‍රහාරයට ලක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණ අංශයේ අධ්යක්ෂවරයා ලෙස මාරු කර යවා තිබේ.
මේ වනවිට විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වසංගත රෝග විද්‍යා ඒකකයෙහි වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත.
කොවිඩ් වසංගතය සම්බන්ධ දත්ත සැඟවීම හා නිවැරදි ලෙස හුවමාරු නොකිරීම සම්බන්ධව ඔහු දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය ඇතුළු විවිධ පාර්ශවයන්හි නිරන්තර දෝෂ දර්ශනයට ලක් විය.
විශේෂයෙන්ම කොවිඩ් මරණ සම්බන්ධව දත්ත සැඟවීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.